කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන අතරතුර ප්‍රජාව අතර ගමන් කොට ඇති ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රාන්ත ප්‍රජාව සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වේ.
මෙම නව ආසාදිතයින් තිදෙනා Berala සහ Avalon කොරෝනා පොකුරු සඳහා සෘජු සම්බන්ධතාවයක් පවතින බවටද හඳුනාගෙන තිබේ.
ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Kerry Chant සඳහන් කරන්නේ මේ වනවිට මින් පෙර හඳුනා නොගත් ඇතැම් වෛරස දාම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ට හැකියාවක් පැවතියද Contact tracing වැඩපිළිවෙල ඔස්සේ හඳුනාගැනීමට නොහැකි වන ඇතැම් වෛරස දාම ද පවතින බවයි.