Covid-19 වලින් මිදීමේ ඔස්ට්‍රේලියානු රජයේ අදියර හතරේ සැලසුම ගැන විපක්ෂය අසතුටෙන්

ජූලි 06 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන වැඩසටහනේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ...

Prime minister Anthony Albanese speaks at Parliament House in Canberra.

Prime minister Anthony Albanese speaks at Parliament House in Canberra. Source: AAP

Highlights

  • ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන කාර්යක්ෂම කිරීම  
  • එන්නත්කරන වැඩසටහනේ Astra Zeneca එන්නත දෙවන ස්ථානයට පත්වීම
  • එන්නත් කිරීමේ ඉලක්ක තබාගතයුතු බවට වන ඉල්ලීම් ඉහල යයි 
  • ආසාදන හා ප්‍රතිශක්තිය සඳහා වන Peter Doherty ආයතනයේ එන්නත්කරන සීමාවන් 
  • අදියර 4කින් යුත් සැලැස්ම ඉලක්ක රහිත බව විපක්ෂය පැවසීම

ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන කාර්යක්‍ෂම කිරීම

ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන කාර්යක්ෂම කරමින් රට පුරා පවුල් වෛද්‍යවරුන් ඕස්ට්‍රේලියානුවන් හට Pfizer එන්නත ලබාදීම අරඹා තිබේ.

ඔස්ට්‍රේලියාව නැවත විවුර්ත කිරීම සඳහා එන්නත්කිරීමේ පැහැදිලි ඉලක්කයක් අවශ්‍ය බවට ව්‍යාපාර කණ්ඩායම් පැවසීමෙන් අනතුරුව මෙම Pfizer එන්නත ලබාදීම මෙලෙස කඩිනම් කිරීම සිදු කොට තිබේ.

Tuan Tran රට පුරා ඕස්ට්‍රේලියානුවන් හට Pfizer එන්නත ලබාදෙන පවුල් වෛද්‍යවරුන් 500 දෙනෙකුගෙන් එක් අයෙකි.

ඔහු සඳහන් කොට සිටින්නේ මේ සම්බන්ධයෙන් වයස අවුරුදු 40 සහ 59 අතර කාණ්ඩයේ පිරිසගෙන් එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් දුරකථන ඇමතුම් ගලා එන බවයි.

එමන්ම Pfizer එන්නත සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින අතර වැඩි වශයෙන් එන්නත් පැවතුනහොත් වැඩි වශයෙන් එන්නත ලබාගැනීමට පිරිස ඉදිරිපත් වන බවද ඔහු පවසයි.

එන්නත්කරන වැඩසටහනේ Astra Zeneca එන්නත දෙවන ස්ථානයට පත්වීම

Pfizer එන්නත සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර මෙම මාසයේදී Pfizer එන්නත් මාත්‍රා මිලියන 2.8ක් ලැබීමට නියමිත බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk ප්‍රාන්ත වැසියන්ට සඳහන් කොට සිටින්නේ එන්නත ලබාගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

 


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


 

එමෙන්ම මේ වනවිට Pfizer එන්නත වෙන්කරවා ගැනීම සිදු කලද එම එන්නත් ලැබීම සඳහා ඔක්තෝබර් හෝ නොවැම්බර් දක්වා කල් යනු ඇති බවද ඇය පවසයි.

එන්නත් කිරීමේ ඉලක්ක තබාගතයුතු බවට වන ඉල්ලීම් ඉහල යයි

lockdown සහ දේශසීමා නීති නොමැතිව රට ඉදිරියට ගෙන යාම සඳහා අදියර 4කින් යුත් සැලැස්මක් පසුගිය සතියේදී ජාතික කැබිනට් මණ්ඩලය මගින් සම්මත වූ නමුත් Australian Industry Group හි Innes Willox සඳහන් කොට සිටින්නේ මෙම සැලසුම් සම්බන්ධයෙන් වන තොරතුරු මද බවයි.

එමෙන්ම Innes වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ ඉතා ඉහල ඉලක්ක තබාගැනීම ඔස්සේ එම ඉලක්ක වෙත ළඟාවීම අපහසු වන අතර මේ වනවිට පවතින තත්වය මත ප්‍රයෝගික පියවර ගතයුතු බවයි.

ආසාදන හා ප්‍රතිශක්තිය සඳහා වන Peter Doherty ආයතනයේ එන්නත්කරන සීමාවන්

ආසාදන හා ප්‍රතිශක්තිය සඳහා වන Peter Doherty ආයතනය විසින් දැනට සකස් කර ඇති විද්‍යාත්මක ආකෘති නිර්මාණය මත මෙම එන්නත්කරණ සීමාවන් පදනම් වන බව රජය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කොට සිටියේ තමන් වැඩිහිටියන් 80% ක් සඳහා එන්නත් සීමාවක් සුදුසු බව සඳහන් කල බවයි.

ඒ සඳහා දරුවන් සහ සමස්ත ජනගහනය ඇතුලත් වන අතර කෙසේ නමුත් සෞඛ්‍ය විශේෂඥයින් එළඹෙන තීරණ සම්බන්ධයෙන් තමා සෑහීමට පත්වන බවද ඇය පවසයි.

අදියර 4කින් යුත් සැලැස්ම ඉලක්ක රහිත බව විපක්ෂය පැවසීම

කිසිදු ඉලක්කයක් නොමැතිව අදියර 4කින් යුත් සැලැස්මක් දියත්කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Anthony Albanese රජයට චෝදනා එල්ල කරයි

ඔහු පෙන්වා දෙන්නේ මෙම වසංගතයට මේ වනවිට මාස 18ක පමණ කාලයක් ගතව ඇති අතර ඕස්ටේලියාව තවමත් පළමු අදියරේ පසුවන බව අගමැතිවරයා පවසන බවයි.

එමෙන්ම ඔහු මේ හා සමානම ප්‍රකාශයක් පසුගිය ජනවාරි මසදීද සිදු කල අතර මෙය වසංගත පාලනයට ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායකවරයා පවසයි.


Share
Published 6 July 2021 12:48pm
Updated 6 July 2021 4:35pm
By Nipuna Dodangoda
Source: SBS

Share this with family and friends