ඔස්ට්‍රේලියානුවන්ට කෙසේ හෝ එක් එන්නත් මාත්‍රාවක් ලබාදීමේ රජයේ ඉලක්කයට විපක්ෂයේ දැඩි අප්‍රසාදය (SBS සිංහල/ වාර්තා)

ජුනි 01 වන දා අඟහරුවාදා SBS සිංහල වැඩසටහනේ කාලීන විශේෂාංගයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ

Labor's NDIS spokesperson Bill Shorten.

Bill Shorten. Source: AAP

Highlights

  • මෙල්බර්න් Maidstone හි Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක නේවාසිකව සිටි පුද්ගලයකු සහ සේවිකාවක කොරෝනා වරසයට ධනාත්මක වීම
  • කොරෝනා වෛරස පරීක්ෂාව සහ ප්‍රතිපල පැමිණෙන තුරු හුදකලා කාලසීමාවකට යටත් වන වැඩිහිටි සත්කාරක සේවකයින්ට ඩොලර් 450ක ගෙවීමක් වික්ටෝරියා රජයෙන් ලබාදීම

මෙල්බර්න් Maidstone හි Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක නේවාසිකව සිටි පුද්ගලයකු සහ සේවිකාවක කොරෝනා වරසයට ධනාත්මක වීම

මෙල්බර්න් Maidstone හි Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක නේවාසිකව සිටි පුද්ගලයකු සහ සේවිකාවක කොරෝනා වරසයට ධනාත්මක වීමත් සමග වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන කිහිපයක් සඳහා දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ගැටළු මතුව තිබේ.

එමෙන්ම කොරෝනා වෛරස පරීක්ෂාව සහ එහි ප්‍රතිපල පැමිණෙන තුරු හුදකලා කාලසීමාවකට යටත් වීම සඳහා ඩොලර් 450ක ගෙවීමක් සිදු කරන බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කොට සිටී.

ඊයේ දිනයේදී සිදු කල පරීක්ෂණ වලින් වික්ටෝරියා ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයින් හමු වූ අතර එම සංක්‍යාව 11 ක් ලෙස වාර්තා වේ. ඒ අනුව එම ප්‍රාන්තයේ හටගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ද ආසාදිතයින්ගේ සංක්‍යාව ඊයේ සවස වනවිට 51 දක්වා ඉහල ගොස් තිබිණ.

කෙසේ නමුත් දිනක් තුල පරීක්ෂණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කෙරෙන කාලසීමාවෙන් පසු ඊයේ දිනය තුල මෙම ආසාදිතයින් හමුවීම හේතුවෙන් මෙලෙස හඳුනාගත් ආසාදිතයින් අද දිනයේ නිකුත් කෙරූ අසාදිත සංක්‍යාවට එක් කෙරින. ඒ අනුව පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රන්තයෙන් හඳුනාගත් ආසාදිතයින් සංක්‍යාව 9 ක් ලෙස වාර්තා වූ අතර ප්‍රාන්තය තුල හටගත් කොරෝනා පොකුරට සම්බන්ධ සමස්ත ආසාදිතයින් සංක්‍යාව 60ක් ලෙස වාර්තා වේ .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්ටෝරියා ප්‍රාන්ත වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino සඳහන් කොට සිටින්නේ මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය දැඩි අභියෝගාත්මක තත්වයකට මුහුණ දී ඇති අතර වාර්තා වන ආසාදිතයින් සංක්‍යාව අඩු වුවද පවතින සම්බන්ධතා සංක්‍යාව විශාල අගයක් ගන්න බවයි.

එමෙන්ම කොරෝනා අසාදනය වූ පුද්ගලයින් හෝ අසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් ගමන් ගත් අවදානම් සහිත ස්ථාන සංක්‍යාවද ඉහල ගොස් ඇති අතර මෙය මැඩපැවැත්වීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවද James Merlino පවසයි.

ඊයේ උදෑසන වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇති බවට සඳහන් කල අතර ඒ සඳහා ඊට පෙර දින කොරෝනා අසාදිත සාත්තු සේවිකාවක හඳුනාගත් Maidstone හි Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ තවත් සේවිකාවක ඇතුලත් වේ.

එම මධ්‍යස්ථානයේ එන්නත්කරන සිදු කල කාලය තුල මෙම සාත්තු සේවිකාව නිවාඩු ගොස් තිබීම හේතුවෙන් ඇයට කොරෝනා එන්නතෙහි පළමු මාත්‍රාව ලබාගැනීමට නොහැකි වී ඇතැයිද වාර්තා වේ. එමෙන්ම පසුව කල පරීක්ෂණ වලදී මෙම සාත්තු සේවිකාවගේ පුත්‍රයා හට සහ වැඩිහිටි සත්කාරක මධ්‍යස්තානයේ නේවාසිකව සිටි පුද්ගලයකු හට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙලෙස හඳුනාගත් වැඩිහිටි සත්කාරක මධ්‍යස්තානයේ නේවාසිකව සිටි පුද්ගලයා 90 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය වහාම රෝහල් ගත කොට තිබේ.

කෙසේ නමුත් පසුව සිදු කල පරීක්ෂණ ඔස්සේ අනාවරණය වී ඇත්තේ එම වැඩිහිටි සත්කාරක මධ්‍යස්තානයේ නේවාසිකයින් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 75 දෙනෙකුම මෙම වෛරසයට සෘණාත්මක ප්‍රතිපල පෙන්වා තිබේ.

මේ අතර මෙම මධ්‍යස්ථානයේ සිටින සියලුම පුද්ගලයින් 76 දෙනාගෙන් 53 දෙනෙකුම Pfizer එන්නත ලබාගැනීමට සිය කැමැත්ත පල කලද මේ වනතෙක් ඔවුන් එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා දී ඇති බව එම මධ්‍යස්ථාන ප්‍රකාශකයකු සඳහන් කොට සිටී.

මෙම වැඩිහිටි සත්කාරක මධ්‍යස්තානයේ සේවකයින් සියලුම දෙනා හට කොරෝනා එන්නතෙහි පළමු හෝ දෙවන මාත්‍රා ඊයේ (31/05) දිනයේදී ලබාදීමට බලධාරීන් කටයුතු කොට ඇති අතර ප්‍රාන්තය තුල වැඩිහිටි සත්කාරක මධ්‍යස්තාන සම්බන්ධයෙන් වාර්තා වන පුවත් කණගාටුදායක බව වික්ටෝරියානු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ප්‍රාන්තය තුල සිදු වූ මෙම වෛරස ව්‍යාප්තිය වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන වෙත සම්ප්‍රේෂණය වීම ප්‍රාන්ත වශයෙන් සෑම අයකුටම මෙන්ම සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියා රජයටත් පීඩනයක් මතුකරන බවයි.

කොරෝනා වෛරස පරීක්ෂාව සහ ප්‍රතිපල පැමිණෙන තුරු හුදකලා කාලසීමාවකට යටත් වන වැඩිහිටි සත්කාරක සේවකයින්ට ඩොලර් 450ක ගෙවීමක් වික්ටෝරියා රජයෙන් ලබාදීම

ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක ක්ෂේස්ත්‍රයේ සේවකයින් හටද කොරෝනා වෛරස පරීක්ෂාව සහ එහි ප්‍රතිපල පැමිණෙන තුරු හුදකලා කාලසීමාවකට යටත් වීම සඳහා ඩොලර් 450ක ගෙවීම සිදු කරන බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන අතර මේ මගින් පෞද්ගලික වැඩිහිටි සත්කාරක මධ්‍යස්තාන වල සේවකයින් හට රාජ්‍යමය සහායක් ලැබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර ආරක්‍ෂිත පියවරක් වශයෙන් Blue Cross Western Gardens වැඩිහිටි සත්කාරක මධ්‍යස්තානයද lockdown කොට ඇති අතර ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සාමාජික Bill Shorten සඳහන් කොට සිටින්නේ Arcare වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයේ බොහෝ පිරිසක් සඳහා දෙවන එන්නත් මාත්‍රාව තවමත් ලැබී නොමැති බවයි.

එමෙන්ම එක් එන්නත් මාත්‍රාවක් හෝ පමණක් ලබාදීම ඉලක්කය වන බව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සඳහන් කලද පුද්ගලයින් සඳහා එන්නත් මාත්‍රා දෙකක් ලබාදීම අනිවාර්ය වන බව මෙමගින් සහතික වන බවද ඔහු අවධාරණය කොට සිටී.

මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුල කොරෝනා වෛරස ආසාදිතයින් ගමන් ගත් අවදානම් සහිත ස්ථාන සිය ගණනක් පවතින අතර Thomastown හි සිසිල් බීම කර්මාන්ත ශාලාවක්, උතුරු මෙල්බර්න් හි බස් මාර්ග ගණනාවක්, Chadstone සාප්පු සංකීර්ණයේ සාප්පු රැසක් මේ අතර පවතී.

මේ අතර ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt සඳහන් කොට සිටින්නේ මේ වනවිට ඕස්ට්‍රේලියානුවන් මිලියන 4 කට වඩා වැඩි පිරිසක් හට කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවයි.

එමෙන්ම පසුගිය සතිය තුලදී පමණක් පුද්ගලයින් 630,000කට වැඩි පිරිසක් මෙම එන්නත් ලබා ගැනීමට පැමිණ ඇති අතර සිය දෙවන එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජනතාවට සඳහන් කොට සිටී.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් සඳහන් කල පරිදිම එන්නතෙහි පළමු මාත්‍රාව, පුද්ගලයින් හට කොරෝනා වෛරසයෙන් දැඩි ආරක්ෂාවක් සපයන බවයි.

එමෙන්ම නැවත ඔස්ට්‍රේලියාවට පැමිණි නොදර්න් ටෙරිටරි වැසියන් වෙනත් ප්‍රාන්තයක නිරෝධායනය වීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටත්ව ගියද, නැවතත් කොරෝනා පරීක්ෂාව සිදු කල යුතු බව නොදර්න් ටෙරිටරි රජය සඳහන් කරයි.

ඉන්දියාවෙන් සොයාගත් කොරෝනා වෛරස ප්‍රබේදය ඉක්මනින් පැතිර යාමේ අවදානමක් පැවතීම හේතුවෙන් නොදර්න් ටෙරිටරිය මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව සිය නිරෝධායන කාලය අවසන් කොට දින 3කට පසු නැවත පරීක්ෂාව සිදු කලයුතු බව එම ටෙරිටරිය සඳහන් කරයි.

 

 


Share
Published 1 June 2021 1:08pm
By Nipuna Dodangoda

Share this with family and friends