කොරෝනා නිසා වසා දමා තිබෙන ඔස්ට්‍රේලියානු දේශ සීමා 2021 වසරේදීත් විවෘත නොකෙරන ලකුණු (SBS සිංහල/ වාර්තා)

People are seen in the baggage collection area at Tullamarine Airport in Melbourne, January 8, 2021.

Source: AAP

මේ වන විටත් වසා දමා තිබෙන ඔස්ට්‍රේලියානු දේශ සීමා මේ වසරේදී හෝ යළි විවෘත කිරීමේ ඉඩක් නැති ලකුණු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය ලේකම් මහාචාර්ය Brendan Murphy පැවසීය.

ඔස්ට්‍රේලියානුවාසීන්ට මේ වසරේදී කොරෝනා එන්නත ලබා දුන්නද එම අවස්ථාව සඳහා ඉතාමත් අඩු සම්භාවිතාවක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව 2021 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර විදෙස් සංචාර සඳහා රටින් පිටවීමටත් විදෙස් සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමටත් අවස්ථාවක් හිමි නොවන බව මහාචාර්ය Brendan Murphy අද (18/01) සඳහන් කළේය.

මේ වසරේදී වැඩි කාලයක් ගත කිරීමට අප අදහස් කරනුයේ සැලකිය යුතු දේශ සීමා වසා දැමීමේ නීති හා සීමා කිරීම් සමග බව ඔහු ABC පුවත් සේවයට පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔස්ට්‍රේලියානු ජනගනයෙන් බහුතරයකට කොරෝනා එන්නත ලබා දුන්නද කොරෝනා වයිරසය සමාජයේ පැතිරීම වැළක්වීමට එයට හැකියාවක් ලැබේද කියා අප නොදන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ හේතුවෙන් නිරෝධායනය වීම තවත් කාලයක් ක්‍රියාත්මක කිරීමට වන හැඩක් ඇති බවද ඔහු සඳහන් කළේය.
Secretary of the Department of Health Brendan Murphy speaks to the media during a press conference at Parliament House in Canberra, Thursday, January 7, 2021. (AAP Image/Lukas Coch) NO ARCHIVING
پروفیسر مورفی در حال صحبت با رسانه‌ها در کنبرا، هفتم جنوری ٢٠٢۱. Source: AAP

ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම

කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාවට දැඩි ලෙස පැමිණීමත් සමග 2020 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා ඔස්ට්‍රේලියානු දේශ සීමා විදෙස් සංචාරකයින්ට වසා දමා තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානුවන්ට ද සාධාරණ හේතුවක් නොමැතිව ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර ලබා නොදේ.

කෙසේවෙතත්, විදෙස් රටවල සිරවී සිටින ඔස්ට්‍රේලියානුවන් හා ඔවුන්ගේ පවුලේ උදවියව යළි ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙන අතර එවැනි පිරිසද සතියකට ගෙන්වන ප්‍රමාණය සීමා කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මේ අතර Pfizer කොරෝනා එන්නතේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ නොර්වේ රාජ්‍ය විසින් මතු කරන ලද කරුණු අවබෝධ කර ගැනීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පැවසීය.Pfizer කොරෝනා එන්නත ලබා දුන් පුද්ගලයින් 29 දෙනෙකුට අතුරු ආබාධ හටගත් බවත් ඉන් 13 දෙනෙකු මිය ගිය බවත් වාර්තා විය.

ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා දීමට අපේක්ෂා කරන ප්‍රධාන කොරෝනා එන්නත් ත්‍රිත්වය වන්නේ Pfizer, AstraZeneca හා Novavax  එන්නත් ය.

එහිදී AstraZeneca එන්නත ඔස්ට්‍රේලියාව තුළදීම නිපදවීමට අදහස් කර තිබේ.

කොරෝනා එන්නත් වල ආරක්ෂාවට මුල් තැන දීම කෙතරම් වැදගත් ද යන්න නෝර්වේහි වාර්තා මගින් අවධාරණය කර ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

එන්නත් ලබා දීමට ඔස්ට්‍රේලියාව එතරම් හදිසි නැති වන්නේ ඒ නිසාම බව ද ඔහු පැහැදිලි කළේය.

නමුත් අපිට Pfizer සහ AstraZeneca කොරෝනා එන්නත් සම්බන්ධයෙන් විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි පිරිසක් කොරෝනා එන්නත ලබා ගැනීමට උනන්දු වන බවට පුද්ගලයින් 1200 ක් යොදාගනිමින් Roy Morgan විසින් සිදුකළ පර්යේෂණයේ ප්‍රතිඵල වල දැක්වේ.


Share
Published 18 January 2021 5:26pm
By Madhura Seneviratne
Source: AAP, AFP, SBS


Share this with family and friends