ඉල්ලුම වැඩි Pfizer එන්නත් ඉක්මනින් දෙන බවට එන්නත්කරන වැඩසටහනේ හමුදා නිලධාරීන්ගෙන් සහතිකයක්

ජුනි 22 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ කාලීන වැඩසටහනේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ...

A general view outside the vaccination centre at the Royal Exhibition Building in Melbourne, Friday, June 18, 2021. Victoria has recorded one new case of locally acquired case of Covid-19 in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING

A general view outside the vaccination centre at the Royal Exhibition Building in Melbourne Source: AAP

Highlights

  • 2022 වසරේදී ඕස්ට්‍රේලියානුවන් හට විදේශයන්ට සංචාරය කිරීමේ හැකියාව හිමිවනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීම
  • වෙනත් සංවර්ධිත රටවලට වඩා එන්නත්කරන වැඩසටහනේදී ඔස්ට්‍රේලියාව පසුපසින් සිටීම

2022 වසරේදී ඕස්ට්‍රේලියානුවන් හට විදේශයන්ට සංචාරය කිරීමේ හැකියාව හිමිවනු ඇති බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීම

2022 වසරේදී ඕස්ට්‍රේලියානුවන් හට විදේශයන්ට සංචාරය කිරීමේ හැකියාව හිමිවනු ඇති බවට අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කරන නමුත් ලබන වසරේ නත්තල් සමයේදීත් ජාත්‍යන්තර දේශසීමා වසාතැබේදැයි ඇසු පැනයකට ඔහු නිශ්චිත පිළිතුරක් ලබා දී නොමැත.

ඇමරිකාවේ 45%ක එක්සත් රාජධානියේ 47%ක සහ ඊශ්‍රායලය් 57%ක පිරිසකට කොරෝනා එන්නත ලබාදී ඇති නමුත් ඊට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව තුල 3.3%ක් හට පමණක් එන්නත් ලබාදී තිබේ.


 ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න SBS සිංහල Facebook පිටුවට  


නවසීලන්තය සමග සහ වෙනත් අපේක්ෂිත සංචාරක බුබුලු හැරුණු විට ලබන වසරේ මැද වනතෙක් වත් ජාත්‍යන්තර දේශසීමා විවුර්ත නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2GB රේඩියෝව වෙත අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටියේ 2022 වනවිට ආරක්ෂිතව නැවතත් ඔස්ට්‍රේලියාව යථා තත්වයට ක්‍රමයෙන් පත්වනු ඇති බවයි.

වෙනත් සංවර්ධිත රටවලට වඩා එන්නත්කරන වැඩසටහනේදී ඔස්ට්‍රේලියාව පසුපසින් සිටීම

මේ වනවිට සංවර්ධිත රටවලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව එන්නත්කරන වැඩසටහනේ පසුපසින් සිටී. එමෙන්ම පසුගාමී තත්වයක පසුවූ මෙම එන්නත්කරන වැඩසටහනේ පසුගිය සතියේදී වූ වෙනස්කම් සමග එය වඩාත් මන්දගාමී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට වයස අවුරුදු 60ට අඩු පිරිස සඳහා Pfizer එන්නත ලබාදෙන නමුත් ඔස්ට්‍රේලියාව තුල වත්මන් ඉල්ලුම සපුරාලීම සඳහා පවතින ප්‍රමාණය ප්‍රමාණවත් නොවේ.

AstraZeneca එන්නත වයස 60ට වැඩි පිරිසට ලබාදෙන හෙයින් Pfizer එන්නත සඳහා වන ඉල්ලුම වර්ධනය වී තිබේ.

එන්නත්කරන වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු රජය ඉහල පෙලේ ආරක්ෂක නිලධාරීන් එම වැඩසටහනේ ඉහල නිල සඳහා පත් කොට තිබේ.

කොරෝනා එන්නත් කිරීමේ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වශයෙන් ලුතිනන් ජෙනරාල් John Frewen පත්කොට තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔහු පවසන්නේ Pfizer එන්නත සඳහා වන ඉල්ලුම වැඩි අතර එම එන්නත් ප්‍රවේශමෙන් කළමනාකරණය කරගතයුතු බවයි. එමෙන්ම අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා කාලය තුල මෙම එන්නත් අවශ්‍ය ප්‍රමාණයට ගෙන්වාගැනීමට කටයුතු කරන බවද ඔහු පවසයි.

Commodore Eric Young මෙම එන්නත්කරන වැඩසටහන සඳහා පත්කළ තවත් නිලධාරියකු වන අතර ඔහු පවසන්නේ මේ වනවිට එන්නත්කරන මධ්‍යස්ථාන 22කදී Pfizer එන්නත ලබාදීම සිදුවන බවයි.එමෙන්ම ඔහු ඉක්මනින් ඊට තවත් මධ්‍යස්ථාන එක් කිරීමට බලාපොරොත්තු වේ.

මේ අනුව ජූලි මස 19 වැනිදා වනවිට පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන 300ක් හරහා Pfizer එන්නත් ලබාදීමට නියමිත අතර එන්නත් වෙන්කරවාගැනීමේ සහ සායන සොයාගැනීමේ පහසුකම් යාවත්කාලීන කරන බවද ඔහු පවසයි.

වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියානු ප්‍රධාන වෛද්‍ය නිලධාරී මහාචාර්ය Paul Kelly ඉල්ලා සිටින්නේ එන්නත් ලබාගැනීමට කටයුතු කරන ලෙසයි. එමන්ම ඔහු පවසන්නේ AstraZeneca එන්නතෙන් වන වාසි අවාසි වලට වඩා වැඩි අතර AstraZeneca එන්නත පළමුවෙන් ලබාගත් 60ට වැඩ අඩු පිරිස පවා සිය දෙවන මාත්‍රාව ලෙස එකම එන්නත ලබාගන්නා ලෙසයි.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසන්නේ මෙම වසරේදී කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිත මිලියන 2ක් පමණ අහිමි වී ඇති නමුත් කිසිදු ඔස්ට්‍රේලියනුවකු කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට පත් නොවූ බවයි.

 

 ** පහත ලින්ක් එක හරහා SBS සිංහල සේවයේ අද - ජුනි මස 8 වන අඟහරුවාදා වැඩසටහනේ කාලීන විශේෂාංගයට   සවන් දිය හැකියි

Share
Published 22 June 2021 12:44pm
By Nipuna Dodangoda

Share this with family and friends