පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අවසන් 30 දෙනා සහ ලැයිස්තුවෙන් හැලුණු උදවිය හෙළි කෙරේ (SBS සිංහල/ වාර්තා)

බ්‍රිතාන්‍යය රාජකීයන්ගේ මෘත දේහ Windsor බලකොටුව ආශ්‍රිතව ඇති ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ භූමදානය කිරීම වඩාත් සාම්ප්‍රදායික ක්‍රමය වන නමුත් පිලිප් කුමරුගේ අවසන් කැමැත්ත වුයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී සිදු කරන ලද හමුදා අවමංගල්‍යය උත්සවයෙන් අනතුරුව සහ Frogmore උද්‍යානයේ තම මෘත සිරුර භූමදානය කිරීමය.

Prince Philip's 30-person funeral guest list revealed by Buckingham Palace

Prince Philip's 30-person funeral guest list revealed by Buckingham Palace Source: AAP Image/Pietro Recchia / SOPA Images/Sipa USA

Edinburgh ආදිපාදවරයා හෙවත් පිලිප් කුමරුගේ අවමංගල උත්සවය අප්‍රේල් 17 වන දා සෙනසුරාදා Windsor බලකොටුවේදී රාජකීය උපහාර මධ්‍යයේ සිදුකිරීමට නියමිතය.

99 වියෙහි පසුවූ පිලිප් කුමරු පසුගිය සිකුරාදා (09/04) අභාවප්‍රාප්ත වූයේ රෝගාතුරවී සිටින අතරේය.


Highlights

  • මෙම රාජකීය අවමංගල්‍යයේ ලබාදෙන ගෞරවය මීට පෙර එළිසබත් මහ රැජිණට සහ ඩයනා කුමරියට ලබා දුන් ගෞරවයට සමාන බව සඳහන්.
  • පිලිප් කුමරුගේ ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට අමුත්තන් 800 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට තිබූ නමුත් එම ප්‍රමාණය 30 කට සීමා කර තිබේ.
  • ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අමුත්තන් 30 දෙනා අතර මේගන් කුමරිය, පිලිප් කුමරුගේ මී මුණුපුරන් සහ මී මිනිපිරියන් සහ බ්‍රිතාන්‍ය අගමැති Boris Johnson නොමැත.

බ්‍රිතාන්‍යය රාජකීයන්ගේ මෘත දේහ Windsor බලකොටුව ආශ්‍රිතව ඇති ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ භූමදානය කිරීම වඩාත් සාම්ප්‍රදායික ක්‍රමය වන නමුත් පිලිප් කුමරුගේ අවසන් කැමැත්ත වුයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී සිදු කරන ලද හමුදා අවමංගල්‍යය උත්සවයෙන් අනතුරුව  සහ Frogmore උද්‍යානයේ තම මෘත සිරුර භූමදානය කිරීමය.

මෙම රාජකීය අවමංගල්‍යයේ ලබාදෙන ගෞරවය මීට පෙර එළිසබත් මහ රැජිණට සහ ඩයනා කුමරියට ලබා දුන් ගෞරවයට සමාන බව සඳහන්.

පිලිප් කුමරුගේ මෘත සිරුර බහාලු මිනී පෙට්ටිය ඔහුගේ කැමැත්තට අනුව නිර්මාණය කළ සළුවකින් ආවරණය කිරීමට නියමිතය.

එම සළුව කොටස් හතරකට බෙදා ඇති අතර ඉහළ කොටස් දෙක ඩෙන්මාර්කය සහ ග්‍රීසිය නිරුපණය කරන අතර පහළ කොටස් දෙක Mountbatten පවුල සහ Edinburgh නුවර  සංකේතවත් කරනු ඇත.

ඔහුගේ මෘත දේහය මත ඔහුගේ නාවික නිල හිස්වැසුම සහ අසිපත ද තැන්පත් කරනු ඇත.

රාජකීය නාවික හමුදවේ ප්‍රධානීන්, රාජකීය නාවික භටයින්, Highlanders, 4 වන බලඇණිය, ස්කොට්ලන්තයේ රාජකීය රෙජිමේන්තුව සහ රාජකීය ගුවන් හමුදාවේ හමුදාව ඔහුගේ අවමංගල්‍යයට උපහාර දැක්වීමට නියමිත බවද වාර්තා වේ.
The Duke of Edinburgh's coffin is expected to be draped with his personal standard (1st quarter representing Denmark, 2nd quarter Greece, 3rd quarter the Mountbatten family, 4th quarter Edinburgh)
The Duke of Edinburgh's coffin is expected to be draped with his personal standard Source: Wikipedia

ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අමුත්තන් 30 හෙළිකෙරේ

පිලිප් කුමරුගේ ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට අමුත්තන් 800 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට තිබූ නමුත් එම ප්‍රමාණය 30 කට සීමා කර තිබේ.

බ්‍රිතාන්‍යය තුළ පනවා ඇති කොරෝනා නීති ඊට බලපා ඇත.

අවමංගල්‍ය නිලධාරීන් සහ අවමංගල්‍ය උත්සවය සංවිධානය කරන්නන් එම 30 දෙනාට ඇතුළත් නොවේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඒ අනුව අප්‍රේල් 17 වන දින ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී පැවැත්වෙන පිලිප් කුමරුගේ ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අමුත්තන් 30 දෙනා මේ වන විට බකිංහැම් මාළිගාව හෙළි කර තිබේ.

ඔවුන් පහත පරිදි වේ.

පිලිප් කුමරුගේ පවුලේ සමීපතමයින් ලැයිස්තුවේ මුල් තැනට

පිලිප් කුමරුගේ පවුලේ සමීපතමයින් ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අමුත්තන් 30 දෙනාගේ ලැයිස්තුවේ මුල් තැනට නම් කර තිබේ.

ඒ අනුව පිලිප් කුමරුගේ භාර්යාව වන දෙවැනි එළිසබත් රැජිණ එහි පළමු ස්ථානය ගනී.

ඊට පසුව පිලිප් කුමරුගේ දරුවන් සහ ඔවුන්ගේ සහකරුවන්:

  • චාල්ස් කුමරු සහ කැමිලා කුමරිය
  • ඈන් කුමරිය සහ ඇයගේ සැමියා Timothy Laurence
  • එඩ්වර්ඩ් කුමරු සහ ඔහුගේ බිරිද
  • Wessex හි සිටුතුමිය වන සොෆී
  • Andrew කුමරු

පිලිප් කුමරුගේ මුණුපුරු මිනිපිරියන් ද ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අමුත්තන් 30 දෙනාට ඇතුළත් කර තිබේ

  • විලියම් කුමරු සහ කැතී කුමරිය
  • හැරී කුමරු
  • Andrew කුමරු ගේ දියණියන් වන Beatrice කුමරිය සහ Eugenie කුමරිය හා ඔවුන්ගේ සැමියන් වන Edoardo Mapelli Mozzi සහ Jack Brooksbank
  • ඈන් කුමරිය ගේ පුතු Peter Phillips සහ දියණිය Zara Tindall මෙන්ම ඇයගේ සැමියා Mike
  • එඩ්වර්ඩ් කුමරු ගේ දරුවන් වන Louise Windsor ආර්යාව, James සහ Viscount Severn
Windsor Castle
Windsor Castle Source: Pixabay/ Stevebidmead

අවසන් අමුත්තන් දසදෙනා

ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අමුත්තන් 30 දෙනාගෙන් අවසන් දසදෙනා Windsor සහ Mountbatten පවුල් වල ලේ ඥාතීන් බව සඳහන්.

  • රිචර්ඩ් කුමරු (Gloucester ආදිපාදවරයා)
  • එඩ්වඩ් කුමරු (Kent ආදිපාදවරයා)
  • Alexandra කුමරිය
  • David Armstrong-Jones (Snowdon හි දෙවැනි අර්ල්වරයා)
  • සාරා ආර්යාව සහ Daniel Chatto
  • Hohenlohe-Langenburg හි පිලිප් කුමරු
  • බර්නාර්ඩ් කුමරු
  • Donatus කුමරු
  • Penelope Knatchbull සිටුතුමිය
The Queen and The Duke of Edinburgh surrounded by seven of their great-grandchildren at Balmoral Castle in 2018.
The Queen and The Duke of Edinburgh surrounded by seven of their great-grandchildren at Balmoral Castle in 2018. Source: Twitter/ Royal Family

30 දෙනා අතර නොමැති ප්‍රභූන්

ප්‍රධාන අවමංගල්‍ය උත්සවයට සහභාගී වන අමුත්තන් 30 දෙනා අතරට තෝරා නොගත් ප්‍රභූන් අතරින් පහත සඳහන් පිරිස් වැදගත් තැනක් ගනී.

  • හැරී කුමරුගේ බිරිඳ වන මේගන් කුමරිය (ඇය ගැබ්ගෙන ඇති හෙයින් ඇයට ගමන් නොයන ලෙස ඇයගේ වෛද්‍යවරු දැනුම් දී ඇති බව සඳහන්)
  • පිලිප් කුමරුගේ මී මුණුපුරන් සහ මී මිනිපිරියන්
  • බ්‍රිතාන්‍ය අගමැති Boris Johnson 

Share
Published 16 April 2021 11:47am
By Madhura Seneviratne

Share this with family and friends