ඉන්දියාවට දිරියක් වන්න SBS India COVID අරමුදලට ඔබත් දායකවන්න

ඉන්දියාවේ පවතින ඛේදජනක තත්ත්වයට ප්‍රතිචාරයක් වශයෙන් SBS ගුවන් විදුලිය SBS India COVID Appeal Radiothon හෙවත් SBS India COVID අරමුදල නමින් අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

India recorded its highest daily spike of COVID-19 cases

Relatives wearing personal protective equipment walk amid burning funeral pyres as they perform last rites for covid-19 victims in Bhopal, India. Source: AAP Image/EPA/SANJEEV GUPTA

ඉන්දියාවේ මේ වන විට බරපතල ලෙස කොරෝනා වසංගතය පැතිරෙමින් පවතින බවත් ඒ හරහා දහස් ගණනකගේ ජීවිත අහිමිවන බවත් තවත් ලක්ෂ ගණනක ජනතාවක් ආසාදිතයින් බවට පත්වෙමින් සිටින බවත් ඔබ දැනටමත් දන්නා පුවතකි.

ඉන්දියාවේ රෝගීන් සඳහා ලබාදෙන ඔක්සිජන් හිඟයක් මතුව පවතින අතර දැඩි සත්කාරක ඒකක සම්පූර්ණයෙන් පිරි පවතින නිසා හදිසි ප්‍රතිකාර ඒකක වලට රෝගීන් බාර ගැනීම මේ වන විට නවත්වා තිබේ.

ඉන්දියාවේ පවතින මෙම ඛේදජනක තත්ත්වයට ප්‍රතිචාරයක් වශයෙන් SBS ගුවන් විදුලිය SBS India COVID Appeal Radiothon හෙවත් SBS India COVID අරමුදල නමින් අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

"බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඉන්දියාවේ සිටින තම පවුලේ අය සහ මිතුරන් ගැන දැඩි කනස්සල්ලට පත්වී සිටිනවා. ඒ ගැන කුමක් කළ හැකිදැයි නොදැන ඔවුන් ලතවිල්ලට පත්ව තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ SBS ගුවන් විදුලියේ UNICEF India අරමුදල පොදු අරමුණක් හරහා විශේෂයෙන් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත ප්‍රජාවට ඇතුළුව අනෙක් ප්‍රජාවන්ට සම්බන්ධ වීමට හැඟීමක් ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා." යනුවෙන් SBS හි ශ්‍රව්‍ය හා භාෂා අන්තර්ගත අධ්‍යක්ෂ David Hua පැවසීය.
Relatives mourn the death of COVID-19 victim at Patna Medical College and Hospital, on 10 May, 2021 in Patna, India.
Relatives mourn the death of COVID-19 victim at Patna Medical College and Hospital, in Patna, India. Source: Hindustan Times via Getty Images

SBS India COVID අරමුදල යනු කුමක්ද?

කොරෝනා වසංගතය නිසා ඉන්දියාව මුහුණ දී ඇති මෙම ඛේදනීය තත්ත්වය හමුවේ UNICEF සඳහා SBS ගුවන් විදුලිය අරමුදල් රැස් කිරීමට තීරණය කර ඇති අතර ඒ හරහා මේ මොහොතේ හදිසි උපකාර අවශ්‍ය ඉන්දීය වැසියන්ට තම ජීවිතාරක්ෂාව ලබාදීම සඳහා සහය වීම අරමුණු කෙරේ.

2021 මැයි 21 වන දින SBS ගුවන් විදුලියේ දකුණු ආසියාතික ගුවන් විදුලි වැඩසටහන් කණ්ඩායමේ නිවේදකයින් සහ නිෂ්පාදකයින් එක්ව ගුවන් විදුලිය මගින් සහ Facebook මගින් මේ සම්බන්ධව පැය 6 ක විශේෂ online වැඩසටහනක් කිරීමට අපේක්ෂා කරයි.

ඉන්දියාවට දිරියක් වන්න, අප සමග එක්වන්න

මැයි 21 වන දින ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පස්වරු 4 සිට රාත්‍රී 10 තෙක් SBS Gujarati, Hindi, Tamil, Punjabi, Malayalam, Bangla, Urdu සහ අනෙක් භාෂා වැඩසටහන් ඉන්දියාවේ සිට විශේෂ වාර්තාකරණයක් ඔස්ට්‍රේලියාව පුරාම විකාශය කරනු ඇත.

ඉහත සඳහන් SBS භාෂා වලට අදාළ Facebook පිටු හරහා ඔබට මෙය නැරඹීමටද හැකියාව ලැබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


මෙම මුදල් භාවිතා කරන්නේ කෙසේද?

මෙම අරමුදල් මගින් දරුණු හා තීරණාත්මක COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දීය රෝහල්වලට Oxygen Generation Plants හෙවත් ඔක්සිජන් ජනන Plants ලබා දීමෙන් ජීවිතාරක්ෂක ඔක්සිජන් සඳහා ප්‍රවේශය ඉහළ දැමීමට අපේක්ෂා කෙරේ.

කොරෝනා වසංගතයෙන් වඩාත් බලපෑමට ලක් වූ ඇතැම් කලාප වල භාවිත කිරීම උදෙසා වේගවත් හා නිවැරදි කොරෝනා පරීක්ෂණ යන්ත්‍ර ලබා දීම ද මේ හරහා සිදු කෙරෙනු ඇත.

UNICEF සංවිධානය සහාය දක්වන COVAX වැඩසටහන හරහා COVID-19 එන්නත් අඛණ්ඩව බෙදා හැරීමට සහාය වීමද මෙහි තවත් අරමුණකි.

මෙම අරමුදලට පරිත්‍යාග කරන්නේ කෙසේද?

ඔබට  වෙබ් යොමුවට පිවිසී හෝ 1300 884 233 යන දුරකතන අංකයට කතා කර හෝ අදම මේ සඳහා ඔබේ පරිත්‍යාගය සිදු කළ හැකිය.

ඩොලර් 2 ට වැඩි සියලුම පරිත්‍යාග සඳහා ආදායම් බදු සහන ලබාගත හැකිය.

කරුණාකර නොමසුරුව පරිත්‍යාග කර ඉන්දියාවේ පවුල් සහ ප්‍රජාවන් ආරක්ෂා කිරීම සඳහා UNICEF හි තීරණාත්මක ජීවිතාරක්ෂක සැපයුම් සහ සේවාවන් ලබා දීමට ඔබත් උදව් කරන්න.


Share
Published 18 May 2021 9:35am
Updated 21 May 2021 3:56pm


Share this with family and friends