ඔස්ට්‍රේලියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළට

Seventh Australian dies of COVID-19 as cases spike

Source: Pixabay

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබේ.

81 වියෙහි පසුවූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වාසී කාන්තාවක් ඊයේ (19/03) රාත්‍රියේ Ryde රෝහලේදී කොරෝනා වයිරසය හේතුවෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්වී තිබේ.

මේ අනුව දැනට ඔස්ට්‍රේලියාවේ සිදුවී ඇති කොරෝනා මරණ හතෙන් 6 ක්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර ඉතිරි මරණය වාර්තා වුයේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙනි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත පිරිස 307 ක් දක්වා ඉහළ නැග තිබේ.

අද (20/03) අලුයම වන විට ඔස්ට්‍රේලියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 709 දක්වා ඉහළ ගොස් තිබේ.


Share
Published 20 March 2020 11:40am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends