චීනයේ පිරිස් වෙත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට පනවා ඇති තහනම නිසා ඇතැම් ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව වෘත්තීය සමිති පවසයි (SBS සිංහල/ වාර්තා)

All commercial flights from China will also be restricted to seven US airports, as part of sweeping US travel bans.

All commercial flights from China will also be restricted to seven US airports, as part of sweeping US travel bans. Source: Getty Images

කොරෝනා වයිරසය නිසා මේ වන විට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඇතැම් රටවලට පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙස වෘත්තීය සමිති ඉල්ලා සිටියි.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


විශේෂයෙන් මෙම සංචාරක තහනම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සේවය කරන බොහෝ පිරිසක් චීනයේ සිරවී සිටින බව ඔවුහු පෙන්වා දෙති.
coronavirus
Source: Getty Images

ව්‍යාපාර කරගෙන යාමට නොහැකි මට්ටමක

චීනයේ සිටින පිරිස් වෙත ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට පනවා ඇති සංචාරක තහනම නිසා ඇතැම් ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති පවසන බව Sydney Morning Herald පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර වල සේවය කරන ඔස්ට්‍රේලියානු තාවකාලික වීසා හිමි බොහෝ පිරිසක් මෙම සංචාරක තහනම නිසා චීනයේ සිරවී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම සංචාරක තහනම යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි චීන ජාතිකයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලැබෙන නමුත් ඔවුන්ද ඔස්ට්‍රේලියාවට ඇතුළුවූ පසු දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයක යෙදී සිටිය යුතුවේ.

කෙසේනමුත්, ඔස්ට්‍රේලියානු තාවකාලික වීසා හිමි චීන ජාතිකයින්ට සෘජුව ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම මෙම සංචාරක තහනම යටතේ තහනම් වන අතර ඔවුන් චීනයෙන් පිටව ගොස් වෙනත් රටක දින 14 ක කාලයක් ගත කර ඔස්ට්‍රේලියාවට පැමිණිය යුතුවේ.

මෙම සංචාරක තහනම මේ අයුරින්ම දකුණු කොරියාවටත්, ඉරානයටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පනවා තිබේ.
coronavirus
Source: Getty Images

තාවකාලික වීසා හිමියන්

ඉහත සඳහන් සංචාරක තහනම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Childcare සහ මස් - මාළු නිෂ්පාදන කර්මාන්ත සඳහා දැඩි පහරක් වැදී ඇති බව වාර්තා වේ.

ඊට අමතරව පිරිසිදු කිරීමේ කර්මාන්තය (Cleaning), කුරියර් සේවාවන්, සිල්ලර වෙළෙඳ අංශය, අවන්හල් වැනි ක්ෂේත්‍ර සඳහාද මෙය දැඩි ලෙස බලපා තිබේ.

මන්ද ඔස්ට්‍රේලියාවේ ඉහත ක්ෂේත්‍ර වල බොහොමයක් සේවය කරනු ලබන්නේ තාවකාලික වීසා හිමියන්ය.

මේ තත්ත්වය නිසා ඇතැම් ආයතන වල දැනට සේවය කරන සේවකයින් හට තම නියමිත සේවා මුරයට අමතරව වැඩිපුර පැය ගණනක් සේවය කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික රැකියා වීසා හිමි චීන ජාතිකයින් දහස් ගණනක් සිටින අතර මේ වන විට කොපමණ ප්‍රමාණයක් චීනයේ සිරවී සිටිනවාද යන්න නිශ්චිතවම කිව නොහැකි වී තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාව තුළ පූර්ණ කාලීනව සේවය කිරීමට හිමිකම ඇති තාවකාලික රැකියා වීසා හිමි උපාධිධාරීන් 92,000 ක් පමණ වන බවද සඳහන්.

එයින් හතරෙන් එකක් පමණ චීන සම්භවයක් ඇති සිසුන් බවද වාර්තා වේ.
coronavirus
Source: SBS Sinhala

Share
Published 10 March 2020 11:41pm
Updated 10 March 2020 11:45pm
By Madhura Seneviratne

Share this with family and friends