කොරෝනා වයිරසය ආසාදනය වී ඔස්ට්‍රේලියාවේ දී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (05/04) වාර්තා විය.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි මෙල්බර්න් නුවර පදිංචිව සිටි සුමිත් ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය යන විට ඒ මහතා වයස අවුරුදු පනස් දෙකෙහි පසු විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවය කර කළ ඔහු පසුව ඔස්ට්‍රේලියාවේදී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටි අයෙකු බවත් සඳහන්.