සංචාරක තහනමට හසුව සිටින තාවකාලික වීසා ලාභිනට ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට ඉඩ ලබා දෙන නිර්ණායක හෙළිකරන ලෙසට ඉල්ලීම්

Australia aumentará su límite de pasajeros que llegan del exterior el próximo mes

Australia aumentará su límite de pasajeros que llegan del exterior el próximo mes Source: Getty Images

COVID-19 හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දැනට පනවා ඇති සංචාරක තහනමට හසුව, මෙරටට නැවත පැමිණීමට නොහැකිව සිටින තාවකාලික වීසා ලාභිනට, විශේෂ අවසර මත නැවත මෙරට පැමිණීමට ඉඩ ලබාදීම සඳහා භාවිතා කරන නිර්ණායකයන් හෙළි කරන ලෙස, විදේශයන්හි සිරවී සිටින තාවකාලික වීසා බලපත්‍රලාභීන් මොරිසන් රජයෙන් ඉල්ලා සිටී.

තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට, නැවත, මෙරට රැකියා, නිවාස සහ පවුල් සඳහා ආපසු පැමිණීමට අවසර දෙන ලෙස රජයට බලපෑම් කිරීමේ ව්‍යාපාරයකට, මේ වන විට දහස් ගණනක තාවකාලික රැකියා විසාලාභින් පිරිසක් එක්වී ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි මාසයේ සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට, මෙරටට නැවත පැමිණීමට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිකරුවන් හෝ පුරවැසියන් නොවන අයගෙන් අයදුම්පත් 1300 කට වඩා ලැබී තිබේ. ඉන් සියයට 20 ක් ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්.

ග්‍රීන්ස් පක්ෂ සෙනෙට් සභික නික් මැකිම් පවසන්නේ මෙම ප්‍රතික්ෂේප කිරීම් සඳහා භාවිතා කරන නිර්ණායක මොනවාදැයි කිසිවෙකු නොදන්නා බවයි.


Share
Published 4 June 2020 1:09pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends