JobKeeper දීමනාව ලබාදීමට නියම කරගත් දින වකවානු වල කිසිදු වෙනසක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධාරණය කරයි

Australian Prime Minister Scott Morrison reacts during House of Representatives Question Time at Parliament House in Canberra, Wednesday, April 8, 2020. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Australian Prime Minister Scott Morrison reacts during House of Representatives Question Time at Parliament House Source: AAP

කොරෝනා වසංගතය හේතුවෙන් රැකියා සහ ආදායම් අහිමිවූවන්ට පිරිනමන JobKeeper වැටුප් සහන දීමනාව ලබාදීම  තවදුරටත් දීර්ග කළ යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Phillip Lowe පවසයි.

ඉතා අවම ආර්ථික ක්‍රියාකාරකම් සිදුවන මෙම වකවානුවේදී JobKeeper වැටුප් සහන දීමනාව කලින් නොනවත්වා දීර්ග කිරීම ඉතා වැදගත් බව ඔහු ඊයේ (28/05) සෙනට් කමිටුව හමුවේ පැවසීය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුම් දී ඇති පරිදි JobKeeper වැටුප් සහන දීමනාව එළඹෙන සැප්තැම්බර් මාසයෙන් අවසන් කෙරේ.

කෙසේවෙතත්, JobKeeper දීමනාව ලබාදීම පිළිබඳ මධ්‍යම රජය නියම කරගත් දින වකවානු වල කිසිදු වෙනසක් නොවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt  පවසයි.


Share
Published 29 May 2020 11:22am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends