තාවකාලික වීසා හිමි ඔබට ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට ඇති හොදම මග මෙන්න (SBS සිංහල/ වාර්තා)

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිටින ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික උපාධි වීසා හිමියන් හට මේ වනවිට සිය ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා පවතින හොඳම විකල්පය වන Sponsor Visa පිළිබඳව අවධානයක් යොමු කිරීමේ අරමුණින් SBS සිංහල සේවය ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක සංජී කල්දේරා මහතා සමග සිදු කල සාකච්චාවක් ඔස්සේ මෙමෙ ලිපිය සැකසේ.

Employer Sponsor visa

Source: Pixabay / googlerankfaster

Highlights

  • Employer-sponsored visa යනු කුමක්ද?
  • මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන Employer-sponsored visa වර්ග මොනවාද?
  • Employer-sponsored visa එකක් ලබාගත් කෙනෙකුට කෙතරම් ඉක්මනින් ඔස්ට්‍රේලියාවේ PR එක, නැතිනම් ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාවක් පවතීද?
  • මේ වනවිට Employer-sponsored visa එක කෙතරම් දුරකට වැදගත් ද?
  • ඔස්ට්‍රේලියාව තුල කොරෝනා තත්වය හේතුවෙන් මෙම වීසා කාණ්ඩ සඳහා සිදුවූ බලපෑම් මෙන්ම ලබාදුන් සහන මොනවාද?

Employer-sponsored visa යනු කුමක්ද?

Employer-sponsored visa යනු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය බලාපොරොත්තු වන තාවකාලික වීසා හිමියන් හට මේ වනවිට පවතින වැදගත් වීසා කාණ්ඩයකි. මෙම කාණ්ඩය තුල වීසා කිහිපයක් පවතින අතර මෙය සේවා යෝජකයකුගේ අනුග්‍රහය මත ලබාගත හැකි වීසා බලපත්‍රයක් වේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල ක්‍රියාත්මක වන Employer-sponsored visa වර්ග මොනවාද?

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල Employer-sponsored visa වර්ග 4ක් පවතින බව SBS සිංහල සේවයත් සමග සාකච්චාවට එක් වූ ඔස්ට්‍රේලියාව සහ කැනඩාව සඳහා වන සංක්‍රමණ උපදේශක සංජී කල්දේරා මහතා පැවසීය

ඒවා නම්

  • Subclass 407 - Training visa
  • Subclass 482 - Temporary Skill Shortage visa
  • Subclass 186 - Employer Nomination Scheme visa
  • Subclass 494 - Skilled Employer Sponsored Regional (Provisional) visa
Subclass 407 - Training visa

ඔස්ට්‍රේලියාව තුල සිය ඉගෙනීම් කටයුතු මෑතකදී අවසන් කල සහ රැකියාවේ පළපුරුද්ද අඩු පිරිස සඳහා මෙම වීසා කාණ්ඩය ඔස්සේ ඉල්ලුම් කල හැක.

Subclass 482 - Temporary Skill Shortage visa

ඔස්ට්‍රේලියාව තුල රැකියාවේ යම් පළපුරුද්දක් ඇති පිරිසට මෙම වීසා කාණ්ඩය ඔස්සේ ඉල්ලුම් කල හැක.

Subclass 186 - Employer Nomination Scheme visa

මෙම වීසා කාණ්ඩය ඔස්සේ සේවා යෝජකයකුට තම සේවකයා හට ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය සඳහා සෘජු ලෙස අනුග්‍රහය දැක්විය හැක.

Subclass 494 - Skilled Employer Sponsored Regional (Provisional) visa

මෙම වීසා කාණ්ඩය ඔස්සේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක සිටින සේවා යෝජකයකු හට තම සේවකයා හට වසර 5 ක විසා බලපත්‍රයක් සඳහා අනුග්‍රහය දැක්විය හැක.

මෙය Medium and Long-term Skills List එකේ නොමැති Short-term Skilled Occupation List එකේ පමණක් සිය රැකියාව පවතින වීසා අයදුම් කරන්නන් හට පවතින වීසා කාණ්ඩයකි.
Office
Source: Pixabay

Employer-sponsored visa එකක් ලබාගත් කෙනෙකුට කෙතරම් ඉක්මනින් ඔස්ට්‍රේලියාවේ PR එක, නැතිනම් ස්ථිර පදිංචිය ලබා ගැනීමේ හැකියාවක් පවතීද?

යම් කිසි පුද්ගලයකු හට ඔස්ට්‍රේලියාව තුල වසරක කාලයක් පමණක් සිය රැකියාවේ පළපුරුද්ද පවතී නම් එම පුද්ගලයා Subclass 407 වීසා සඳහා අයදුම් කිරීම සිදු කලයුතු බව සංක්‍රමණ උපදේශක සංජී කල්දේරා මහතා පවසයි.
Sanji Caldera
Source: Supplied by Sanji Caldera
ඔහු පෙන්වා දෙන්නේ ඒ ඔස්සේ තවත් වසරක කාලයකට සිය රැකියාවේ පළපුරුද්ද එම පුද්ගලයට ලබාගැනීමට හැකි වන අතර ඉන් පසුව එම අවුරුදු දෙකක පළපුරුද්ද මත Subclass 482 වීසා සඳහා අයදුම් කල හැකි බවයි. ඒ ඔස්සේ තවත් වසරක් අවසන් කල පසු Subclass 186 යන වීසා කාණ්ඩය සඳහා අයදුම් කිරීමට හැකි වේ.

මේ ඔස්සේ වසර 3ක රැකියා පළපුරුද්ද මත ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකියාව හිමි වන බව සංජී කල්දේරා මහතා පවසයි.

නමුත් සංජී මහතා වැඩිදුරටත් SBS සිංහල සේවය සමග සඳහන් කොට සිටියේ ඇතැම් විට Subclass 186 වීසා කාණ්ඩය යටතේ ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබාගැනීමට නොහැකි විය හැකි අවස්ථා ද පවතින බවයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඒ සඳහා හේතු වශයෙන් සංජී මහතා පෙන්වා දෙන්නේ ඇතැම් විට අයදුම් කරන්නාගේ රැකියාව Medium and Long-term Skills List එකේ නොමැති නම් වසර 3ක රැකියා පළපුරුද්ද පැවතියද ඒ සඳහා අයදුම් කිරීමට හැකියාව නොපැවතීමයි.
Employe
Source: Pixabay / jarmoluk
කෙසේ නමුත් මෙහිදී එම අයදුම් කරන්නා සඳහා අනුග්‍රහය දක්වන සේවා යෝජකයා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයක සිටිය යුතු අතර එහිදී Subclass 494 වීසා කාණ්ඩය හරහා Subclass 191 වීසා කාණ්ඩයට අයදුම් කිරීමට හැකියාව හිමි වේ.

මේ වනවිට Employer-sponsored visa එක කෙතරම් දුරකට වැදගත් ද?

මේ වනවිට Point System එක හරහා General Skilled Migration Visa එකක් සඳහා අයදුම් කිරීමෙන් ලැබෙන ප්‍රතිපලය ඉතාමත් අඩු බව සංජී මහතා පවසයි. මේ හේතුවෙන් ඔහු සඳහන් කොට සිටින්නේ විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් තම තාවකාලික වීසා ආරම්භ වීමට ආසන්න වනවිට තමන් අධ්‍යාපනය සිදු කල ක්ෂේස්ත්‍රයේ රැකියාවක් සොයාගැනීම අත්‍යවශ්‍ය වන බවයි.
Women at office
Source: Pixabay / googlerankfaster
මෙමගින් අයදුම් කරන්නාගේ සේවා යෝජකයා හට ඉහත සඳහන් කල වීසා කාණ්ඩ හරහා අනුග්‍රහය දැක්විය හැකි බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම සංජී මහතා සඳහන් කොට සිටින්නේ ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී සේවා යෝජකයකුගේ අනුග්‍රහය මත අයදුම් කිරීම සාර්ථක ප්‍රතිපල ලබාදෙන බවයි.

ඔස්ට්‍රේලියාව තුල කොරෝනා තත්වය හේතුවෙන් මෙම වීසා කාණ්ඩ සඳහා සිදුවූ බලපෑම් මෙන්ම ලබාදුන් සහන මොනවාද?

ඉහත සඳහන් කල පරිදි Employer-sponsored visa කාණ්ඩයේ පවතින විවිධ Subclass මගින් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වූ ඇතැම් පිරිසට කොරෝනා වසංගතයත් සමග සිය රැකියා අහිමි වීම සිදු විය. එමෙන්ම ඇතැම් පිරිසට සිය රැකියා පළපුරුද්ද සඳහා නිශ්චිත කාලසීමාව අවසන් කිරීමට නොහැකි විය. මෙවැනි පිරිස සඳහා ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුව යම් සහන ලබාදීම සිදු කල බව සංජී මහතා පවසයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල සේවා යෝජකයින් තම සේවකයින් හට අනුග්‍රහාය දැක්වීමට කැමැත්තෙන් සිටින බවද සංජී මහතා SBS සිංහල සේවයත් සමග අවසන් වශයෙන් පැවසීය.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න


 


Share
Published 8 June 2021 8:29pm
Updated 9 June 2021 1:24pm
By Nipuna Dodangoda

Share this with family and friends