කොරෝනා හේතුවෙන් වසා දමා තිබු තම ටෙරටරි දේශසීමා හෙට දිනයේදී (17/07) විවෘත කිරීමට නියමිත බව නොදර්න් ටෙරටරි රජය පවසයි.
එහෙත් වික්ටෝරියානු වැසියන්ට සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි metropolitan කලාපයට අයත් නගරසභා 30 ක වැසියනට, නොදර්න් ටෙරටරියට ඇතුළුවීමේදී දැඩි නිරෝධායන නීති අනුගමනය කරන බව නොදර්න් ටෙරටරියෙහි ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් වැඩිදුරටත් පවසා සිටී.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත වැසියෙකු හෝ සිඩ්නි metropolitan කලාපයේ නම්කරනු ලැබ ඇති නගරසභා 30ට අයත් ප්‍රදේශයක වැසියෙකු හෝ, පසුගිය දින 14 ඇතුලත මෙම අවදානම් කලාප වල සංචාරය කොට ඇති වෙනත් ප්‍රාන්ත වැසියෙකු හෝ නොදර්න් ටෙරටරියට ඇතුළු වීමේදී, බලධාරීන්ගේ අධීක්ෂණයට යටත් අනිවාර්ය නිරෝධයනයකට යටත්විය යුතුය.
එසේම ඒ සඳහා වන හෝටල් නිරෝධායනය වෙනුවෙන් ඩොලර් 2500 ක ගාස්තුවක් ද අයකෙරේ.