ආසාදිතයින් මිලියන 10 ක් සහ මරණ මිලියන භාගයක් පසු කරමින් සමස්ත ලෝකය කොරෝනා වසංගතයේ තවත් කඩ ඉමක් පසුකරයි

Coronavirus

Source: Amarjeet Kumar Singh/AAP

ආසාදිතයින් මිලියන 10 ක් සහ මරණ මිලියන භාගයක් පසු කරමින් සමස්ත ලෝකය කොරෝනා වසංගතයේ තවත් සන්ධිස්ථානයකට පැමිණ තිබේ.

සෑම වසරකම බරපතල ලෙස ඉන්ෆ්ලුවන්සා රෝගය වැළදී රෝගී වන සහ මියයන සංඛ්‍යාව මෙන් මෙම අගය දෙගුණයක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් මෙතෙක් වාර්තා වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම ප්‍රමාණය මිලියන 2.5 ඉක්මවයි.

මේ අතර පසුගිය සතියෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් සහ බ්‍රසීලයනේ වාර්තා වී ඇත.

උතුරු ඇමරිකාව, ලතින් ඇමරිකාව සහ යුරෝපය යන මහද්වීප වලින් ආසාදිතයින්ගෙන් 25% බැගින් පමණ වාර්තා වන අතර ආසියානු මහද්වීපයෙන් 11% ක් වාර්තා වේ.

මැදපෙරදිගින් වාර්තා වන කොරෝනා ආසාදිත ප්‍රතිශතය 9% කි.


Share
Published 29 June 2020 11:47am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends