සිඩ්නි කොරෝනා පොකුර නිසා නත්තල අත ළඟ තිබියදී ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත වලට පැනවුණු නවතම සංචාරක තහනම් මෙන්න

Just a week before Christmas, state and territory leaders have rushed to impose new travel restrictions on travellers from Sydney's Northern Beaches.

Just a week before Christmas, state and territory leaders have rushed to impose new travel restrictions on travellers from Sydney's Northern Beaches. Source: Getty Images AsiaPac

නත්තල අත ළඟ තිබියදී ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි තම ප්‍රාන්ත හා ටෙරිටරි වලට පැමිණෙන සංචාරකයින්ට යළි සංචාරක තහනම් පැනවීමට පියවර ගෙන තිබේ.

සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ සහ  Greater Sydney කලාපයේ මේ වන විට හටගෙන ඇති කොරෝනා පොකුරු වර්ධනය වීම හේතුවෙන් එලෙස සංචාරක තහනම් පැනවීමට කටයුතු යොදා ඇත.

ඊයේ (20/12) රාත්‍රිය වන විට එම පොකුරු වලින් කොරෝනා ආසාදිතයින් 70 දෙනෙකු හමුවී ඇති අතර ඉරිදා දිනයේදී පමණක් ඊට එක්වූ ආසාදිතයින් සංඛ්‍යාව 30 කි.

 


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


මෙම පොකුර නිර්මාණය වීමට තුඩුදුන් ප්‍රභවය පිළිබඳ තවමත් නිසි තොරතුරක් අනාවරණය වී නොමැත.

මේ අතර සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය පසුගිය සෙනසුරාදා (19/12) පස්වරු 5 සිට බදාදා (23/12) මධ්‍යම රාත්‍රිය වන තෙක් සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශය යළි lockdown  කිරීමකට ලක්කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කළාය.

මෙම නවතම කොරෝනා තත්ත්වයත් සමග එළඹෙන නත්තල් හා අවුරදු නිවාඩුවට ප්‍රාන්ත හා  ටෙරිටරි අතර සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින පුද්ගලයින් ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි විසින් පැනවූ පහත සංචාරක තහනම් දැන සිටීම වඩා වැදගත් වනු ඇත.
Health authorities are racing to stem the damage from a new, mystery coronavirus cluster in Sydney's northern beaches.
Health authorities are racing to stem the damage from a new, mystery coronavirus cluster in Sydney's northern beaches. Source: Getty Images AsiaPac

වික්ටෝරියා ප්‍රාන්තය

සිඩ්නි උතුරු වෙරළ තීර ප්‍රදේශයේ හා Central Coast හා Blue Mountains ප්‍රදේශ ඇතුළු Greater Sydney කලාපයේ පදිංචිකරුවන්ට ඊයේ (20/12) මධ්‍යම රාත්‍රියේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට වික්ටෝරියානු ප්‍රාන්තයට සංචාරය කිරීම තහනම් වේ.

එම කලාප "රතු පැහැති කලාප" ලෙස හඳුන්වා දෙයි.

එම කාලයෙන් පසු වික්ටෝරියානු ප්‍රාන්තයට ඇතුළු වන ඕනෑම අයෙකුට දින 14 ක හෝටල් නිරෝධායනයකට යටත් වීමට සිදුවේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගොස් නැවත පැමිණීමට අපේක්ෂාවෙන් සිටින වික්ටෝරියානුවන්ට තම නිවෙස් වලට යාමට අමතර පැය 24 ක් ලබා දී ඇති අතර, ඔවුන් දින 14 ක් තම නිවසේ හුදෙකලා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද (21/12) මධ්‍යම රාත්‍රියෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයට පැමිණෙන වික්ටෝරියානුවන්ට හෝටල් නිරෝධායනය වීමට සිදුවනු ඇත.

"මෙම නව පියවර දුෂ්කර තීරණයක්, නමුත් එය සුදුසු තීරණයක්” යනුවෙන් වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ප්‍රාන්ත දෙක අතර ප්‍රාන්ත සීමා වසා දැමීම අවශ්‍යතාක් කල් බලාත්මක කරන බවත් බදාදා (23/12) මධ්‍යම රාත්‍රියේ දී සිඩ්නි නුවර උතුරු වෙරළ තීර ප්‍රදේශයේ lockdown තත්ත්වය ලිහිල් කෙරුණද එය ඉවත් නොවනු ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

දෙසැම්බර් 11 සිට සිඩ්නි උතුරු වෙරළ තීර ප්‍රදේශයේ යමෙකු වික්ටෝරියානු ප්‍රාන්තයේ මේ වන විට සිටී නම් ඔවුන් වහාම ස්වයං නිරෝධායනය වී කොරෝනා පරීක්ෂණයක් සිදුකර ගත යුතුය.
Victorian Premier Daniel Andrews.
Source: AAP
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

Greater Sydney වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා වසා දැමුණු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

සිඩ්නි උතුරු වෙරළ තීර නගර සභා කලාපය සහ Greater Sydney කලාපය කොරෝනා මර්මස්ථාන ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීහු මේ වන විට නම් කර තිබේ.

යම් අයෙකු දෙසැම්බර් 11 සිට සිඩ්නි, Blue Mountains, Central Coast සහ Illawarra-Shoalhaven යන ප්‍රදේශ වල සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණේ නම් අවසරයකින් තොරව පැමිණීමට නොහැක.

ඉහත ප්‍රදේශ වල සිට පැමිණෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන්ට තම නිවෙස් කරා පැමිණීමට තවත් අමතර පැය 24 ක් එනම් අඟහරුවාදා අලුයම 1 වන තෙක් අවසර ලබා දී තිබෙන නමුත් කොරෝනා පරීක්ෂණයක් සිදු කර දින 14 ක් තම නිවසේ ස්වයං නිරෝධානය විය යුතුය.

නව නීති ක්‍රියාත්මක කිරීම සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවේ මාර්ග මුරපොලවල් ද නැවත ස්ථාපනය කිරීමට නියමිතය.

Australian Capital Territory

ඊයේ (20/12) මධ්‍යම රාත්‍රියේ සිට සිඩ්නි, Nepean Blue Mountains, Central Coast සහ Illawarra-Shoalhaven ප්‍රදේශ වල සිට ACT වෙත පැමිණෙන පිරිස් දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

ඔබ ACT වැසියෙකු නොවේනම් සහ ඉහත ප්‍රදේශ වලින් එකක හෝ සිට ඇත්නම් ACT වෙත සංචාරය කිරීමෙන් වළකින ලෙස ACT ප්‍රධාන වෛද්‍ය නිලධාරීනී Kerryn Coleman පැවසුවාය.

ඉතා සානුකම්පිත තත්ත්වයක් හැරුණුකොට ඉහත ප්‍රදේශවලින් පැමිණෙන ACT නොවන පදිංචිකරුවන් සඳහා නිදහස් කිරීමේ ඉල්ලීම් ACT Health විසින් සලකා බලනු නොලබන බවද ඇය ප්‍රකාශ කළාය.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් හා  බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අතර දැඩි ප්‍රාන්ත සීමාමේ වන විට යළි පැනවීමට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan පියවර ගෙන තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කෙරෙහි මෙතෙක් පැවති "low risk" ශ්‍රේණිගත කිරීම පසුගිය සෙනසුරාදා (19/12) මධ්‍යම රාත්‍රියේ සිට මේ වසර මුල පැවතුණා මෙන් "medium risk" ලෙස ඉහළ දමා තිබේ.

දෙසැම්බර් 20 න් අනතුරුව නිව් සවුත් වේල්ස් සිට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ගුවනින් පැමිණීමට අවසර ඇති එකම පිරිස විශේෂ අවසර ඇති පුද්ගලයෝ වෙති.

මේ නත්තලේදී නිව් සවුත් වේල්ස් හි සිටින තම පවුලේ උදවියව බැලීමට මේ හරහා නොහැකිවීම පිළිබඳ ඇත්තෙන්ම කණගාටු වන බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අගමැති Mark McGowan පැවසීය.

Northern Territory

Greater Sydney සිට Northern Territory වෙත පැමිණෙන සංචාරකයින්ට Northern Territory සීමා ඊයේ (20/12) දහවල් සිට වසා දැමීමට Northern Territory හි වැඩබලන ප්‍රධාන අමාත්‍යවරිය වන Nicole Manison පියවර ගෙන තිබේ.

Blue Mountains, Central Coast සහ Illawarra-Shoalhaven යන ප්‍රදේශ වල සිට Northern Territory වෙත පැමිණෙන පුද්ගලයින් දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

මෙම නීතිය පනවන විටදී සිඩ්නි නුවරින් Northern Territory වෙත පැමිණීමට ගුවන් යානා වලට ගොඩවූ මගීන් හට දින 14 ක් නිරෝධානය වීම හෝ නැවත සිඩ්නි බලා පිටත්ව යාමට යන අවස්ථා දෙකින් එකක් ගැනීමට හැකි බව Northern Territory හි වැඩබලන ප්‍රධාන අමාත්‍යවරිය වන Nicole Manison පැවසුවාය.

ටස්මේනියා ප්‍රාන්තය

සිඩ්නි උතුරු වෙරළ තීර නගර සභා කලාපය ඉහළ අවදානම් කලාපයක් ලෙස ටස්මේනියා ප්‍රාන්තය නම් කර තිබේ.

අත්‍යවශ්‍ය සේවකයින් හැරුණුකොට වෙනත් ඕනෑම සංචාරකයෙකු දෙසැම්බර් 11 ට පසු සිඩ්නි උතුරු වෙරළ තීර ප්‍රදේශ වෙත ගොස් යළි ටස්මේනියා ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් කර ඇත.

දෙසැම්බර් 20 මධ්‍යම රාත්‍රියේ සිට Greater Sydney කලාපය "medium risk" කලාපයක් ලෙස ටස්මේනියා ප්‍රාන්තය නම් කර ඇත. මෙම ප්‍රදේශයේ සිට යම් අයෙකු ටස්මේනියා ප්‍රාන්තයට සංචාරය කරයි නම් එම පුද්ගලයා දින 14 ක් අනිවාර්යෙන් නිරෝධායනය විය යුතුය.

අදාළ අවදානම් ප්‍රදේශ වල සිට මේ වන විට ටස්මේනියා ප්‍රාන්තයට පැමිණ සිටින යම් අයෙකු වී නම් එම පුද්ගලයා ස්වයං නිරෝධායනය විය යුතු අතර කොරෝනා පරීක්ෂාවක් ද සිදුකරගත යුතුය.

මේ අතර ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට  Sydney to Hobart yacht race හෙවත් සිඩ්නි නුවර සිට හෝබාර්ට් වෙත ධාවනය කෙරෙන ඔරු තරගය මේ කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් නැවත්වීමට තීරණය කර ඇත.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Greater Sydney සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත පැමිණෙන සංචාරකයින්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත සීමා ඊයේ (20/12) දහවල් සිට වසා දැමීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall පියවර ගෙන තිබේ.

එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාව අතර සහ ඇඩිලේඩ් නුවර ගුවන් තොටුපොළේ සංචාරකයින් හට කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීමට මුර පොළවල් යෙදවීමට ද ඔහු මේ වන විට කටයුතු යොදා ඇත.

අවසරයක් ඇතිව Greater Sydney සිට පැමිණෙන යම් අයෙකු වේ නම් ඔවුන් දින 14 ක් අනිවාර්ය නිරෝධායනය විය යුතු අතර සිඩ්නි උතුරු වෙරළ තීර ප්‍රදේශයේ වැසියන්ව යළි හරවා යැවේ.

Share
Published 21 December 2020 1:19am
Updated 12 August 2022 3:09pm
By SBS News, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends