රජයේ නව වැඩපිළිවෙල ඔස්සේ Casual සේවකයින් හට ස්ථිර රැකියා සඳහා පහසු මගක් උදාවන ලකුණු පළවුවද වෘතිය සමිති ඒ ගැන සැකයෙන් (SBS සිංහල/වාර්තා)

Attorney-General Christian Porter.

Attorney-General Christian Porter. Source: AAP

යෝජිත නව රැකියා ප්‍රතිසංස්කරණ මත, එකම සේවා යෝජකයා සමග වසරකට වඩා වැඩි කාලසීමාවක් සේවයේ නිරතව සිටින අනියම් සේවකයින් හට ස්ථිර සේවය සඳහා පහසු මාර්ග සැලසේ.

අනියම් සේවකයින් සඳහා මෙහිදී ප්‍රධාන අවධානයක් යොමු කෙරෙන අතර කොරෝනා වෛරස තත්වය හමුවේ මෙම අංශය දැඩි පීඩනයකට පත් විය.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මගින්, Industrial relations framework නොහොත් ඕස්ට්‍රේලියානු කර්මාන්තසම්බන්ධතා රාමුව වැඩිදියුණු කිරීම සඳහා වන නව නීති මෙම සතියේදී හඳුන්වාදීමටද නියමිතව තිබේ. මේ අනුව Fair Work Act තුල අනියම් සේවකයින් සඳහා හැඳින්වීමක් ඇතුලත් කෙරේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -

SBS Radio APP එකෙන් (Free download)


කෙසේ නමුත් යෝජිත වෙනස්කම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති සඳහන් කොට සිටින්නේ පුද්ගලයින් තාවකාලික රැකියා සඳහා වැඩි වශයන් යොමු නොවීමේ අවධානමක් මෙමගින් මතුවන අතර ඔවුනට නිසි ප්‍රතිලාභ ලැබීමද අවධානමකට ලක් වන බවයි.

අසාධාරණයක් නොමැති බව කර්මාන්ත ඇමති පවසයි

නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිපති හා කර්මාන්ත සම්බන්ධතා අමාත්‍ය Christian Porter සඳහන් කරන්නේ මෙම නව ක්‍රියාමාර්ග ඔස්සේ අනියම් සේවකයින් හට අසාධාරණයක් නොවන බවයි. සෑම අයකුටම සාධාරණ වන රැකියා පද්ධතියක් නිර්මාණය කිරීම අපේක්ෂාව වන බවද Christian Porter පෙන්වා දේ.

මේ වනවිට ඕස්ට්‍රේලියාව තුල Casual සේවකයින් මිලියන 2.6ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් භාගයක් පමණ වසරකට වඩා වැඩි කාලයක් එකම සේවාදායකයා හට සැලකිය යුතු පැය ගණනක් සේවයේ නිරතව තිබේ.

ඕස්ට්‍රේලියාව තුල උද්ගත වූ කොරෝනා අර්බුධයත් සමග අනියම් සේවක ක්ෂේස්ත්‍රය සඳහා දැඩි පීඩනයක් එල්ල වූ අතර එමගින් රැකියා 800,000ක් පමණ අහිමි වී ගියේය. එමගින්ද රැකියා 500,000ක් පමණ වසංගත තත්වයේ මුල් භාගයදී අහිමි වී තිබේ.

වෘත්තීය සමිති විරෝධය

අනියම් සේවකයින් මුහුණ දී ඇති අභියෝග සඳහා නව ප්‍රතිසංස්කරණ උපකාරී නොවන බව ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ ලේකම් Sally McManus පවසයි. ඇය පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ මගින් අනියම් සේවකයින්ගේ අයිතිවාසිකම් සඳහාද බලපෑම් සිදුකරන බවයි.

ඔස්ට්‍රේලියාව තුල රැකියා සුරක්ෂිත කිරීම සහ අනියම් රැකියා අඩු කිරීමද මෙම නව ප්‍රතිසංස්කරණ වලට මගහැරී ඇති බව Sally McManus අවධාරණය කොට සිටි.
Casual workers, experts and trade unions have expressed concern that new workplace reforms could lead to further job insecurity.
Casual workers, experts and trade unions have expressed concern that new workplace reforms could lead to further job insecurity. Source: Getty
මෙම නව ප්‍රතිසංස්කරණ ඔස්සේ අනියම් සේවකයින් සඳහා සේවා දායකයින් මගින් වාර්ෂිකව ගෙවන ලද ඩොලර් බිලියන 39 ක් පමණ වන ගෙවීම්ද අහෝසි වන අතර එය මෙම ප්‍රතිසංස්කරණයන්හි මතබේදාත්මක තත්වයක් බවට පත්ව තිබේ. මේ අනුව අනියම් සේවකයින්හට හට සිදු කෙරෙන හඳුනාගන්නා ලද පැයක් සඳහා ගෙවනු ලබන වැඩි මුදල අඩු කිරීම සිදු වේ.

අඛණ්ඩව රැකියාවක නිරත වූ අනියම් සේවකයින් සඳහා මෙම %25ක් වන වැඩි මුදල සහ ප්‍රතිලාබ ලැබිය හැකි බවට ඕස්ට්‍රේලියානු අධිකරණය මීට පෙර සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍ය Christian Porter සඳහන් කොට සිටින්නේ මෙම මිනුම් වැරදි සහගත නොවන අතර අනියම් සේවකයින් හට ගාස්තු ලැබෙන්නේ නම් එමගින් අඩු කිරීමක් සිදු වන අතර ගාස්තු නොලැබෙන්නේ නම් එමගින් කිසිවක් අඩු නොවන බවයි.

හාම්පුතුන් හට කල හැකි දේ

කම්කරු කාර්මික සම්බන්ධතා ප්‍රකාශක Tony Burke සඳහන් කරන්නේ හාම්පුතුන් හට ඔවුන්ගේ කොන්දේසි අනිසි ලෙස භාවිත කිරීමට හැකියාව ලැබුන හොත් අනියම් සේවකයින් සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමිවීමකට මුහුණ දීමට සිදු විය හැකි බවයි.

වසංගතයෙන් මිදීම සඳහා වැඩි පුද්ගල පිරිසක් ආරක්‍ෂිත සහ ස්ථිර රැකියාවන්හි නිරත විය යුතු බවද ඔහු පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මෙය රැකියා සුරක්ෂිත භාවයට දැඩි පහරක් වන අතර මෙය හුදෙක්ම අනියම් සේවකයින්ගේ අයිතිවාසිකම් උදුරාගනීමක් වන බවයි.
casual workers
Federal government proposed changes to casual work including options for permanency and leave loading Source: Pixabay
නමුත් අනියම් සේවකයින් බඳවාගැනීමේ කාර්යයේදී හාම්පුතුන් හට වඩාත් පැහැදිලි බවක් මෙම ප්‍රතිසංස්කරණ මගින් ලැබෙන බව කුඩා ව්‍යාපාර සංවිධාන කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Peter Strong පෙන්වා දේ. මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ නව සේවකයින් බඳවා ගැනීම තවදුරටත් ආරක්‍ෂිත වන බවද ඔහු පවසයි.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


මෙම නව නීති ඔස්සේ එක් සේවා යෝජකයකු සඳහා වසරකට වඩා වැඩි කාලයක් අඛණ්ඩව සේවය කල අනියම් සේවකයින් හට Part-time හෝ Full-time රැකියා තත්වයක් සඳහා මාරු වීමේ හැකියාව හිමි වේ.

පසුගිය මාස 6ක කාලය තුල අඛණ්ඩව සේවය කල Casual සේවකයින් සඳහාද මෙම තත්වය අදාල වේ.

Part-time හෝ Full-time සඳහා මාරු වීම සේවකයා හට ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව පවතින නමුත් සෑම මාස 6කදීම සේවයේ වෙනස්කම් හාම්පුතුන් හට යෝජනා කල හැක.

මේ සම්බන්ධයෙන් සුදුසුකම් ලත් සේවකයින්ගෙන් හාම්පුතුන් ඉල්ලා සිටිය යුතුය.

ව්‍යාපාර මගින් කිසිවක් ආයාසයෙන් සිදු නොකළ යුතු අතර එමගින් එය අයිතිවාසිකමක් බවට පත් වන බව කර්මාන්ත අමාත්‍ය Christian Porter සඳහන් කරයි. කෙසේ නමුත් නව ප්‍රතිසංස්කරණ ඔස්සේ ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කොට ඇති බව ඔහු පෙන්වා දෙයි.

 



Share
Published 7 December 2020 6:51pm
Updated 12 August 2022 3:09pm
By Tom Stayner, Nipuna Dodangoda


Share this with family and friends