මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථාන ලෙස හඳුනාගෙන ඇති උප නගර lockdown කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අවධානය (SBS සිංහල/ වාර්තා)

Victorian lockdown

Source: Getty Images

මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස හඳුනාගෙන ඇති උප නගර අගුළු දැමීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ අවධානය යොමුව තිබේ.


SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


කොරෝනා ආසාදිතයින් මෙල්බර්න් කලාපය පුරා පැතිරෙත්ම, කොරෝනා වයිරසය පැතිරීම නැවැත්වීම සඳහා මෙම තීරණයට බලධාරීන් ගේ අවධානය යොමුව ඇත.
Melbourne Coronavirus hotspot
Source: AAP

මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන අගුළු දැමීම

වික්ටෝරියානු ප්‍රාන්තයේ මෙල්බර්න් කලාපයේ කොරෝනා වසංගතය යළි හිස ඔසවමින් තිබේ.

ඊයේ දිනයේදී (29/06) වික්ටෝරියා ප්‍රාන්තයෙන්  කොරෝනා ආසාදිතයින් 75 ක් වාර්තා විය.

ඒ අනුව නොකඩවා 13 වන දිනයටත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන 10 ට වඩා වැඩිවී තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් පසුගිය සෙනසුරාදා (27/06) කොරෝනා ආසාදිතයින් 41 ක්ද පසුගිය ඉරිදා (28/06) 49 ක් ද වාර්තා විය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


මේ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය නැවතත් දෛනිකව ඉහළ යන අයුරු පෙනෙන්නට ඇති බව ප්‍රාන්ත රජය පෙන්වා දෙයි.

ඊයේ හමුවූ ආසාදිතයින් 75 දෙනාගෙන් එක් අයෙකු හෝටල් නිරෝධයනයේ දී හමුවී ඇති අතර 14 දෙනෙකුට දැනට පවතින කොරෝනා පොකුරු හරහා වයිරසය ආසාදනය වී තිබේ.

තවත් 37 දෙනෙකු දෛනිකව සිදුකරන කොරෝනා පරීක්ෂාවන් හරහා හඳුනාගෙන ඇති අතර සෙසු 23 දෙනා හට වයිරසය ආසාදනය වූ ආකාරය පිළිබඳ තොරතුරු විමර්ශනය කරමින් සිටින බව සඳහන්.
මේ තත්ත්වය හමුවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා තත්ත්වය යහපත් අතට හැරීමට පෙර එය වඩාත් අයහපත් අතට හැරෙනු ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton පැවසුවේය.

එනිසාම මෙල්බර්න් කොරෝනා මර්මස්ථාන ලෙස හඳුනාගෙන ඇති උප නගර අගුළු දැමීම ඉතා යෝග්‍ය විකල්පයක් බවත් අවශ්‍ය විට එය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථාන ලෙස හඳුනාගෙන ඇති උප නගර අගුලු දැමීමේ අපේක්ෂාව පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews සමඟ සාකච්ඡා කරන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසා ඇත.
Victoria’s Chief Health Officer Brett Sutton
Victoria’s Chief Health Officer Brett Sutton Source: AAP

එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

කොරෝනා මර්මස්ථාන ලෙස හඳුනාගෙන ඇති ඒ ඒ ප්‍රදේශවලට අගුළු දැමීමේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා යම් බලාත්මක කිරීමක් අවශ්‍ය වනු ඇති බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව සහ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ මහාචාර්ය Tony Blakely පැවසීය.

"නමුත් මම එම වචනය පරිස්සමින් භාවිතා කරනවා. කුමන මට්ටමේ බලාත්මක කිරීමක් අවශ්‍යදැයි මට විශ්වාස නැහැ. නමුත් යම් මට්ටමකින් එය බලාපොරොත්තු වනු ඇතැයි මම අපේක්ෂා කරනවා." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.
සෞඛ්‍ය තොරතුරු සැපයීම සඳහා මහජන සෞඛ්‍ය නිලධාරීන් සංචාරය කළ හැකි නමුත්, පොලීසිය හා ඇතැම් විට හමුදා මුර සංචාර ද ඊට සම්බන්ධ වනු ඇතැයි තමන් සිතන බව මහාචාර්ය Tony Blakely පැවසීය.

මෙය අනිවාර්යයෙන්ම මැෂින් තුවක්කු හෝ ගිනි අවි රැගෙන ආරක්ෂක අංශ මාර්ග පුරා ගමන් කිරීමක් නොවන නමුත් අදාළ නගර වල වැසියන් නිවසින් පිටත සංචාරය කරන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීම් වැනි දේ මෙහිදී සිදුවනු ඇති බව ඔහු තවදුරටත් පැහැදිලි කළේය.
COVID-19 testing in Broadmeadows.
COVID-19 testing in Broadmeadows. Source: AAP

මෙහිදී පැමිණෙන අභියෝග මොනවාද?

උප නගර අගුළු දැමීම් සම්බන්ධව අභියෝග රාශියක් ඇති බව විශේෂඥයන් සහ බලධාරීන් පවසයි.

මාර්ග අවහිරතා සහ වෙනත් පියවරයන් භාවිතා කළ හැකි මනාව නිර්වචනය කළ හැකි සහ හඳුනාගත හැකි ප්‍රාන්ත සීමා පවතින බැවින් ප්‍රාන්තවලට වෙනස් නීති තිබිය හැකි බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විද්‍යාව සහ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ මහාචාර්ය Tony Blakely පැවසීය.
නමුත් උප නගරයක වීථි විශාල ප්‍රමාණයක් ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීමට අපහසු බව ද ඔහු පැහැදිලි කළේය.

එබැවින් මුර සංචාර සීමා මායිම් දෙසට යොමු වනු ඇතැයි ද ඔවුන් පිටත්ව යන්නේ අත්‍යවශ්‍ය ව්‍යාපාර සඳහා ද යන්න පරීක්ෂා කිරීම සඳහා නගර වලින් ඇතුළට සහ පිටතට යන පුද්ගලයින්ව  පරීක්ෂාවට ලක් කරනු ඇතැයිද තමන් අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 30 June 2020 10:19am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends