මැයි 31: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක්

People line up to be vaccinated at a mass coronavirus vaccination hub at the Melbourne Convention and Exhibition Centre in Melbourne

People line up to be vaccinated at a mass coronavirus vaccination hub at the Melbourne Convention and Exhibition Centre in Melbourne Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට මෙල්බර්න් කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 45 දක්වා වැඩිවී තිබේ.

ගතවූ පැය 24 තුළ පමණක් කොරෝනා පරීක්ෂණ 43,874 ක් සිදුකර ඇත.

මේ අතර ඊයේ දිනයේදී (30/05) කොරෝනා එන්නත් මාත්‍රා 16,752 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.


Share
Published 31 May 2021 10:33am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends