ජුනි 21: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් එක් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි

A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021. Victoria has recorded five new cases of locally acquired coronavirus in the past 24 hours. (AAP Image/James Ross) NO ARCHIVING

A person wearing a face mask is seen walking across a bridge in Southbank, Melbourne, Saturday, June 5, 2021 Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් එක් කොරෝනා ආසාදිතයෙකු හමු වී ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම ආසදිතයා මේ වන විට නිරෝධායනය කර ඇති ප්‍රථමික ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව හඳුනාගෙන තිබේ.

මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54 කි.

ඊයේ දිනයේදී (20/06) වික්ටෝරියානු ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 16,290 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 10,921 ක් ලබා දී තිබේ.


Share
Published 21 June 2021 9:18am
By Madhura Seneviratne

Share this with family and friends