ජුනි 14: වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක්

Health workers conduct COVID-19 testing at the Melbourne Showgrounds site in Ascot Vale, Monday 7 June, 2021.

Health workers conduct COVID-19 testing at the Melbourne Showgrounds site in Ascot Vale, Monday 7 June, 2021. Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවී තිබේ.

ඒ අනුව මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 64 දක්වා වැඩිවී තිබේ.

ඊයේ දිනයේදී (13/06) කොරෝනා පරීක්ෂණ 16,932 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 13,764 ක් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ ලබා දී තිබේ.


Share
Published 14 June 2021 11:09am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends