වික්ටෝරියානු ප්රාන්තයෙන් ඊයේ (15/02) දිනයේදී සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු සොයාගෙන තිබේ.
ඉන් දෙදෙනෙකු ප්රජාව තුළින් ද සෙසු දෙදෙනා හෝටල් නිරෝධායනයේ යෙදී සිටි සංචාරකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.
ප්රජාව තුළින් හමුවූ ආසාදිතයින් දෙදෙනා මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්රිතව හටගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයෙකු ගේ නිවසේ සාමාජිකයින් බව සඳහන්.
ඒ අනුව මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්රිතව හටගෙන ඇති කොරෝනා පොකුර අද (16/02) උදෑසන වන විට 19 දක්වා ඉහළ ගොස් ඇත.
වික්ටෝරියානු ප්රාන්තයේ ඊයේ දිනයේදී කොරෝනා පරීක්ෂණ 23,950 ක් සිදුකර ඇති බවද වාර්තා වේ.