ඔබේ නිවසේ කසල බහා ලීම සදහා බදුන් 3ක් වෙනුවට 4ක් ඉදරිපත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැරසේ (SBS සිංහල/ වාර්තා)

s

Source: ABC Australia

ඔබේ නිවසේ කසල බහා ලීම සදහා බදුන් 3ක් වෙනුවට 4ක් ඉදරිපත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සැරසේ. මෙය ඩොලර් මිලියන 129ක ව්‍යාපෘතියක කොටසක් වන අතර වසර 2023 වන විට ජනයා ඉවත දමන කසල වලින් 80%ක් අඩු කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ. Container deposit scheme යනුවෙන් හැඳින්වෙන මෙම ක්‍රමය මගින් කසල ඉවත ලන බෝතල් හා බදුන් නැවත එක රැස්  කිරීමක් සිදු වන අතර එම ව්‍යාපෘතිය  ස්ථිර කිරීමට තවත් උපදෙස් බලාපොරොත්තු වන බව වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews මහතා පවසා තිබේ.
අනෙක් ප්රාන්තයන්ද මේ වන විට මෙයට සමාන ව්‍යාපෘති සිදු කරයි.
වික්ටෝරියා හි පරිසර අමාත්‍ය Lily D'Ambrosio විසින් Spotswood හි දී මෙම සැලැස්ම ඉදිරිපත් කල අතර Hobsons Bay City Council විසින් දැනටමත් මෙසේ කසල බදුන් 4ක් පාවිච්චිය හඳුන්වා දී තිබේ.
මෙම 4 වැනි බඳුන වීදුරු සදහා වන අතර මේවා වසර 2021 වන විට ඉදිරිපත් කිරීමට සැලසුම් කරන බව Andrews මහතා පවසා තිබේ. ඒ වන විට දැනට ඇති කසල එකතු කිරීමේ කොන්ත්‍රාත්තු 40 ක් පමණ අවසන් වනු ඇති අතර අනෙක් කවුන්සිල එම කොන්ත්‍රාත් අවසන් වීමත් සමග මෙම බඳුන් හඳුන්වා දෙනු ඇති.

කසල ඉවත් කිරීමේ කර්මාන්තය අර්බුධයකට මුහුණ පෑම

Container deposit scheme මගින් මෙසේ බඳුන් එක්රැස්  කිරීම තුලින් කසල එක්රැස් වීම අඩුවී ප්‍රාන්ත රජයට වසර 10කදී ඩොලර් බිලියන 0.5ක් පමණ ඉතිරි කර ගත හැකි වනු ඇතැයි වාර්තා වේ.

මේ පිළිබද පාර්ලිමේන්තු විමර්ශනයක් පවා සිදුවුනේ බොහෝ නිවෙස් වලින් බැහැර කරන ප්‍රතිචක්‍රීකරණ ද්‍රව්‍ය කසල දමන ස්ථාන වල ගොඩගසනු දක්නට ලැබූ නිසයි. මෙම විමර්ශනය මගින් යෝජනා වුයේ container බහාලන deposit scheme එකක් ඉදිරිපත් කිරීමත්, 4 වැනි කසල බදුනක් හඳුන්වා දීමයි 

මෙසේ යෝජනා 46ක් ඉදිරිපත් කොට තිබිණි.

එසේම වසර 2018 චීනය විසින් ඕස්ට්‍රේලියාවෙන් යවන ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය 24ක් ගෙන්වීම තහනම් කිරීම මගින් 50,000කට රැකියා ලබා දෙන මෙම කර්මාන්තයට පහරක් වැදිණි. එසේම වික්ටෝරියාවේ කසල රැස් කරන විශාලතම සමාගම ණය බර නිසා බංකොලොත් වීමද සිදුවිය.

මෙසේ බෝතල් හා බඳුන් ආදිය නැවත එකතු කිරීමේ වැඩසටහනක් දකුණු ඔස්ට්‍රේලියාව වසර 1977දී ආරම්භ කල අතර Northern Territory හි එය 2012ද , NSW හා ACT හි 2017ද ක්වීන්ස්ලන්තයේ වසර 2018දී ද එය ක්‍රියාත්මක කෙරින. බටහිර ඔස්ට්‍රේලියාව හා ටස්මෙනියාවද මෙවන් වැඩසටහනක් සදහා එකග වී ඇති නිසා මෙයට අවසානයට එක් වන්නේ වික්ටෝරියාවයි. වික්ටෝරියානු විපක්ෂයද ඔවුන් මීලග මැතිවරණයෙන් ජයගතහොත් මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවට පවසා තිබේ.
ග්‍රීන්ස් පක්ෂයද වසර 10ක පමණ සිට මෙවන් අදහසක් ඉදිරිපත් කල නිසා ඔවුන්ද රජයේ මෙම යෝජනාවට එකග වී තිබේ.

Source: ABC News


Share
Published 25 February 2020 6:31am
By Charitha Adikari

Share this with family and friends