වික්ටෝරියා ප්‍රාන්තයට විදෙස් සෞඛ්‍ය සේවකයින් 1,000 ක් බඳවා ගැනීමට සූදානම්, වැඩි විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

Healthcare workers

Victoria will recruit 1,000 overseas healthcare workers Source: Getty iamges

දැනට විදේශයන්හි වෙසෙන සෞඛ්‍ය සේවකයින් දහසක් බඳවා ගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

lockdown කර ඇති වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීමට පෙර සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය සඳහා ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් ප්‍රකාශයට පත් කිරීමත් සමග වික්ටෝරියා ප්‍රාන්ත රජය මෙය හෙළි කළේය.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයට විදෙස් සෞඛ්‍ය සේවකයින් 1,000 ක් බඳවා ගැනීමට ප්‍රාන්ත රජය සූදානම් වේ.
  • හෙදියන්, වෛද්‍යවරුන්, වින්නඹු මාතාවන් සහ සම සෞඛ්‍ය වෘත්තිකයන්මේ සඳහා ඇතුළත් වේ.
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවකයින්ද මෙයට ඇතුළත් වේ.

වික්ටෝරියා ප්‍රාන්තයට විදෙස් සෞඛ්‍ය සේවකයින් 1000 ක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බඳවා ගැනීමට යන මෙම සෞඛ්‍ය සේවකයින් 1000 අතරට මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවකයින්ද ඇතුළත් වන බව ප්‍රාන්ත රජය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

වික්ටෝරියා ප්‍රාන්ත රජයේ රෝහල් පද්ධතිය තුළ කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් ඉතා වෙහෙසකර ලෙස රාජකාරී කරනු ලබන සෞඛ්‍ය සේවකයින්ට ඇතිවී ඇති පීඩනය අවම කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

කොවිඩ් වයිරසයෙන් වික්ටෝරියානු ප්‍රාන්තවසීන්ව ආරක්ෂා කිරීම සඳහා පෙරට පැමිණ වෙහෙස මහන්සි වී රාජකාරී කරන හෙදියන්, පරිපූරක වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ට වඩා හොඳ සහයක් ලබා දීම උදෙසා ප්‍රාන්ත රජය විසින් නව දීමනාවක් ද ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව කොවිඩ් රෝගීන් සමග සෘජුව ගනුදෙනු කරන කොවිඩ් රෝහල් සේවා බලකායට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 255 ක් වික්ටෝරියානු ප්‍රාන්ත රජය  ප්‍රකාශයට පත් කර තිබේ.

මේ හරහා වික්ටෝරියා ප්‍රාන්තය කොවිඩ් ආරක්ෂිතව යළි විවෘත කිරීමට අවශ්‍ය සෞඛ්‍ය පසුබිම නිර්මාණය කරගැනීමට හැකිවෙතැයි ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
Victoria COVID-19 cases
Healthcare worker is seen working at a drive-through Covid19 testing facility in Melbourne, Friday, October 8, 2021. Source: AAP

බඳවාගැනීමට යන සෞඛ්‍ය සේවකයින් 1,000 ට ඇතුළත් වන්නේ කවුද?

වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා සඳහා බඳවාගැනීමට යන විදෙස් රටවල සිටින සෞඛ්‍ය සේවකයින් 1,000 අතරට පහත ඛාණ්ඩ ඇතුළත් බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

  • හෙදියන්
  • වෛද්‍යවරුන්
  • වින්නඹු මාතාවන්
  • සම සෞඛ්‍ය වෘත්තිකයන්
බඳවා ගන්නා සියලුම සෞඛ්‍යසේවා සේවකයින්ට Priority Migration Skilled Occupation ලැයිස්තුවේ තමාගේ රාජක්රියට සම්බන්ධ හඳුනාගත් රැකියාවක් සටහන් කර ඇත.

මෙම බඳවාගැනීමට සුදුසුකම් ලැබීමට නම්, සෞඛ්‍ය සේවකයින්ට වික්ටෝරියානු සෞඛ්‍ය සේවාවක් සමඟ රැකියා කොන්ත්‍රාත්තුවක් තිබිය යුතු අතර, සක්‍රීය වෘත්තීය ලියාපදිංචියක් තිබිය යුතු මෙන්ම සංචාරය කිරීමටද සූදානම් විය යුතුය.

ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය සේවකයින්ද මෙයට ඇතුළත් වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Hospital Surge Support දීමනාව

කොවිඩ් වයිරසය නිසා පැමිණෙන වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් රැකබලා ගැනීමට සිදුවන නිසා ඉදිරි මාස කිහිපය තුළ වික්ටෝරියානු රෝහල් සහ ගිලන්රථ සේවාවන්හි සිටින සෞඛ්‍ය සේවකයින්ට අතිශය දුෂ්කර කාලයක් උදාවනු ඇතැයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

"මෙම පුද්ගලයින් අපගේ සෞඛ්‍ය පද්ධතියේ කොඳු නාරටිය වන අතර වික්ටෝරියානුවන්ට වඩාත්ම අවශ්‍ය වූ විට ඔවුන්ට හොඳම රැකවරණය ලබා දීම සඳහා අපි ඔවුන්ට සහයෝගය දැක්විය යුතුයි." යනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා පැවසීය.

රජයේ රෝහල්වල සහ Ambulance Victoria හි රෝගීන්ට සෘජුව මුහුණ දෙන සෞඛ්‍යසේවා සේවකයින් සඳහා ම්මේ නව ‘Hospital Surge Support' දීමනාව ඉදිරි මාස හතර තුළදී ගෙවනු ඇත.

එක් සේවා මුරයකට ඩොලර් 60 දක්වා ලබාගැනීමට එම රැකියාවන්හි සිටින සෞඛ්‍ය සේවකයින් සුදුසුකම් ලබයි.



Share
Published 12 October 2021 7:46pm
By Madhura Seneviratne

Share this with family and friends