ඕස්ට්‍රේලියාවේ මැතිවරණයකට ලියාපදිංචි වන අයුරු පිළිබඳව SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මෙම මැතිවරණය සඳහා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට ගත හැකි පියවර රැසක් පවතී.

Tasmanians complete ballot forms

Tasmanians complete ballot forms Source: Getty Images/Steve Bell

Highlights
  • ඔස්ට්‍රේලියාව තුල ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු විය යුතු අතර අවම වශයෙන් වයස අවුරුදු 18ක් විය යුතු වේ.
  • මේ සඳහා online ඔස්සේ සහ පෝරමයක් මගින් ලියාපදිංචි විය හැක.
  • ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ (AEC) වෙබ් අඩවිය, විවිධ භාෂා මගින් සහ පහසුවෙන් කියවිය හැකි ඉංග්‍රීසි මගින් මාර්ගෝපදේශ සපයයි.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණය නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. මෙම මැතිවරණය සඳහා ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබට ගත හැකි පියවර රැසක් පවතී.

ෆෙඩරල් මැතිවරණය යනු, ඕස්ට්‍රේලියාවේ මීළඟ රජය තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඔස්සේ ඔබේ අදහස් දැක්වීමට පවතින අවස්ථාවකි.

ලියාපදිංචි වීමට සුදුසුකම් ලැබීම

බොහෝ ඕස්ට්‍රේලියානුවන් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වුවත්, ඔබ ඒ සඳහා සුදුසුද යන්න පිළිබඳව ප්‍රථමයෙන් පරීක්ෂා කළ යුතු වේ.

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ (AEC) ප්‍රකාශක Evan Ekin-Smyth පවසන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වන සහ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි ඕනෑම අයෙකු මේ සඳහා ලියාපදිංචි වීමට සහ ඡන්දය දීමට සුදුසුකම් ලබන බවයි.

නමුත් ඔබට ඡන්දය දීමට අවශ්‍ය නම් ඔබ ලියාපදිංචි විය යුතු බව Evan අවධාරණය කොට සිටී.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමට අනුව, මෙවර මැතිවරණ චක්‍රය තුළදී, 400,000 කට ආසන්න ඕස්ට්‍රේලියානු පුරවැසියන් අලුතින් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී තිබේ.
Voting Centre
Voting Centre Source: AEC

ලියාපදිංචි විය යුත්තේ කවදාද?

සියලුම නව ඕස්ට්‍රේලියානුවන් ඡන්දය දීම සඳහා සුදුසුකම් ලැබූ විගස ලියාපදිංචි වන ලෙස දිරිමත් කරන බව ඔස්ට්‍රේලියානු ජනවාර්ගික ප්‍රජාවන්ගේ කවුන්සිලයේ (FECCA) ප්‍රධාන විධායක නිලධාරී Mohammad Al-Khafaji පවසයි.

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කර සතියකට පසුව මේ සඳහා ලියාපදිංචි වීමේ අවසාන දිනය වේ. Evan පවසන්නේ ඔබ මේ වනවිටත් මේ සඳහා ලියාපදිංචි වී ඇත්නම් ඔබේ විස්තර යාවත්කාලීන කිරීමට ඔබට සතියක් පවතින අතර මැතිවරණ නිවේදනය එනතෙක් බලා සිටිය යුතු නැති බවයි.

මේ සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?

සරල online පෝරමයක් භාවිතයෙන් මේ සඳහා ලියාපදිංචි විය හැක.එමෙන්ම ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතයෙන් පවා මේ සඳහා ලියාපදිංචි වීමට හැකියාව තිබේ.

මේ සඳහා  වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

එමෙන්ම ඕනෑම AEC කාර්යාලයකින් ලබා ගත හැකි ලියාපදිංචි වීමේ කඩදාසි පෝරමයක් හරහාද මේ සඳහා ලියාපදිංචි විය හැක. නැතහොත් 13 23 26 ඇමතීම ඔස්සේ තැපෑලෙන් මෙවැනි පෝරමයක් ලබාගත හැක.

මෙහිදී ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක්, රියදුරු බලපත්‍රයක් හෝ පුරවැසි සහතිකයක් වැනි යම් හැඳුනුම්පතක් තබා ගැනීම වැදගත් වන අතර ඔබ සතුව කිසිදු හැඳුනුම්පතක් නොමැති නම් ඔබ ඒ සඳහා කල්තියා අයදුම් කරන බවට වග බලා ගැනීම වැදගත් වේ.

එමෙන්ම හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පොරොත්තු වන කාලය එක් අධිකරණ බල ප්‍රදේශයකින් තවත් ප්‍රදේශයකට වෙනස් විය හැකි අතර ඇතැම් අවස්ථාවල සති හතරක් දක්වා ගත විය හැක.
Ballot box
Source: AEC

සෑම මැතිවරණයක් සඳහාම වෙන වෙනම ලියාපදිංචි විය යුතුද?

ඔබ ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් වූ පසු ඔබට අනාගතයේදී ඕනෑම ෆෙඩරල්, ප්‍රාන්ත හෝ පළාත් පාලන මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කළ හැක.

මේ හේතුවෙන් ඔබ ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

Evan පවසන්නේ ඔබගේ තොරතුරු යාවත්කාලීන කිරීමට, මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සතියක කාලයක් පවතින බවයි. උදාහරණයක් ලෙස Evan පෙන්වා දෙන්නේ ඔබ නිවස මාරු කර ඇති බව අදහස් වන දත්ත ඕස්ට්‍රේලියානු මැතිවරණ කොමිසට ලැබුණහොත් ඒ පිළිබඳව මතක් කිරීම් සිදු කරන බවයි. කෙසේ නමුත් නිවසක් හෝ නම වෙනස් කරන විට ඔබේ විස්තර යාවත්කාලීන කිරීම වැදගත් වේ.

 වෙබ් අඩවියට යාමෙන් මෙම තොරතුරු යාවත්කාලීන කිරීම් සිදු කල හැක.

එමෙන්ම ඔබ දැනටමත් ඡන්ද හිමි නාමලේඛනයේ සිටීදැයි ඔබට විශ්වාස නොමැතිනම්  වෙත පිවිසෙන්න. එසේත් නොමැතිනම් 13 23 26 අංකයට සම්බන්ධ වන්න.

ලියාපදිංචි වීම සඳහා උපකාර වන සම්පත්

AEC සහ "ප්‍රජා ආධාරක සේවා" යන දෙකම භාෂාව සහ සංස්කෘතික බාධක අත්විඳිය හැකි පළමු වරට ලියාපදිංචි වන ඡන්දදායකයින් හට සහාය වීමට සම්පත් සපයයි.

ඇතැම් පිරිස ඡන්දය දීම අධෛර්යමත් කර ඇති රටවලින් පැමිණෙන අතර මේ හේතුවෙන් ඔවුන්ගේ ඡන්දය ගණන් කරන බවටත්, ඔවුන්ට කිසිදු බිය ගැන්වීමක් හෝ ප්‍රතිවිපාකයක් නොමැති බවටත් සහතික විය යුතු බව Mohammad පවසයි.

AEC හි වෙබ් අඩවිය තුල ඔබේ භාෂාවෙන් පරිවර්තනය කොට ඇති සුදුසුකම් සහ බඳවා ගැනීමේ පිලිබඳ මාර්ගෝපදේශ ඇතුළත් වේ.එමෙන්ම ඔවුන් දුරකථන පරිවර්තක සේවාවක් ද සැපයීම සිදු කරයි.

මීට අමතරව, AEC වෙබ් අඩවිය සරල ඉංග්‍රීසි සහ නිදර්ශන භාවිතයෙන් ලියා ඇති 'කියා වීමට පහසු මාර්ගෝපදේශ' ලබා දෙයි.

ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ආරම්භ කළ යුත්තේ කොතැනින්දැයි නොදන්නා පිරිසට උපකාර කිරීම සඳහා ප්‍රාදේශීය බහු සංස්කෘතික සංවිධාන කටයුතු කරයි.
Senate and house of representatives ballot box
Source: AEC
Ivy Zhuo සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානය Tasmania (MCR Tas) හි පදිංචි කිරීමේ සහාය සේවකයකු වශයෙන් කටයුතු කරයි.

Ivy පවසන්නේ මේ සඳහා ලියාපදිංචි වන පිරිසට සහාය දැක්වීමට ද්වි භාෂා හැකියාව සහිත කාර්ය මණ්ඩලයක් සිටින බවයි. එමෙන්ම ඔවුන් මේ සඳහා ලියාපදිංචි වන පිරිස හට ඇති සියලුම ගැටළු සඳහා පිළිතුරු ලබාදීමද සිදු කරයි.

 වෙබ් අඩවිය Soundcloud හරහා ද තොරතුරු සපයන අතර එමඟින් මිනිසුන්ට ඔවුන්ගේ භාෂාවෙන් වන පටිගත කිරීම්වලට සවන් දීමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වීම ගැන ඉගෙන ගැනීමට හැකියාව පවතී.

ඡන්දය දීමට ලියාපදිංචි නොවන්නේ නම්

ඡන්දය ප්‍රකාශ කිරීමට අපොහොසත් වීම ඔස්සේ එම පුද්ගලයා දඩයකට යටත් විය හැක. ඔස්ට්‍රේලියාව තුල ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය වේ, කෙසේ නමුත්, ඔබ ලියාපදිංචි නොවන්නේ නම් ඔබේ අදහස් දැක්වීම ඔබට මග හැරෙනු ඇත.

2022 ෆෙඩරල් මැතිවරණය සඳහා ලියාපදිංචි වීමට  වෙත පිවිසෙන්න.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 3 April 2022 6:30pm
Updated 12 August 2022 2:55pm
By Melissa Compagnoni, Nipuna Dodangoda


Share this with family and friends