Explainer

ඉන්දියාවෙනුත් තවත් අළුත් කොරෝනා වෛරස් ප්‍රභේදයක්. සම්පුර්ණ විස්තරය මෙන්න (SBS සිංහල වාර්තා)

ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රබේදය පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගහැරීමට සමත් අතර ඉන්දියාවට පමණක් නොව ලොවටම තර්ජනයක් වී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

Researchers have discovered a new COVID variant in India with two new mutations which may be better at evading the immune system.

India has recorded over 100,000 cases for consecutive 3 days. Source: NurPhoto

Highlights

  • වෛරසයේ වෙනස කුමක්ද?
  • මෙම නව වෛරස ප්‍රබේදයේ අවදානම 
  • මේ සඳහා කුමක් කලයුතුද?

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 10,000කට අධික පිරිසකගේ ජානමය අනුපිලිවෙල පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව, විකෘතිතා දෙකක් සහිත නව කොරෝනා වෛරස ප්‍රබේදයක් හඳුනාගෙන තිබේ. මෙම නව කොරෝනා වෛරස ප්‍රබේධයට පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගහැරීමට තරම් දියුණුවක් දක්වන බවට විශ්වාස කෙරේ.

මෙම වෛරස විකෘතිතාවයන් E484Q සහ L452R ලෙස හැඳින්වෙන අතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 15%ත් 20%ත් අතර පිරිසක් තුල මෙමෙ ප්‍රබේදය පවතින බවට හඳුනාගෙන තිබේ.

වෛරසයේ වෙනස කුමක්ද?

මෙම වෛරසයන්හි නව විකෘතිතා වෛරසයේ ප්‍රධාන කොටස වන spike protein තුල පවතී මෙම spike protein කොටස පුද්ගල සෛලවල ප්‍රතිග්‍රාහක සමග සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර ඒ හේතුවෙන් දැඩි අවධානමක් මතුව තිබේ.

එමෙන්ම මෙම විකෘතිතා තුල spike protein වෙනස් කිරීමේ හැකියාවක්ද පවතින අතර එමගින් මෙම විකෘතිතාවය පුද්ගල සෛල වලට පහසුවෙන් ඇතුළුවීමත් වේගයෙන් පැතිරයාමත් සිදු වේ.

පරීක්ෂකයින් වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ මෙම නව කොරෝනා වෛරස ප්‍රබේදයේ හැඩයද යම්තාක් දුරකට වෙනස් බවක් ඉසිලීම මත එය පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතියට හඳුනාගැනීමට අපහසු බවයි.

මේ හේතුවෙන් එම වෛරසය සඳහා ප්‍රතිශක්තීකරණ නිපදවීම පුද්ගල ශරීරය සිදු නොකරන බවද ඔවුහු පෙන්වා දෙති.

කොරෝනා වෛරසය අඛණ්ඩ ලෙස සංසරණය වීම මත මෙලෙස විකෘතිතා ඇති වීමට බෙහෙවින් හේතු වේ.

කෙසේ නමුත් ඉන්දීය රජය සඳහන් කොට සිටියේ ඉන්දියාව තුල මේ වන විට ඉහල ආසාදිතයින් පිරිසක් සිටීම සඳහා මෙම නව වෛරස ප්‍රබේදය හෝ බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස ප්‍රබේදය බලපා නොමැති බවයි.

මෙම නව වෛරස ප්‍රබේදයේ අවදානම

පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ මෙම නව කොරෝනා වෛරස ප්‍රබේදය පිළිබඳව දැඩි අවධානයක් යොමු කලයුතු අතර මෙය ඉන්දියාවට පමණක් නොව සමස්ත ලෝකයටම දැඩි තර්ජනයක් වන බවයි.

මෙම නව ඉන්දීය වෛරස ප්‍රබේදය තුලද ඉක්මනින් පැතිර යාමේ සහ පුද්ගල ප්‍රතිශක්තීකරණ පද්ධතියට හසු නොවී සිටීමේ හැකියාව පැවැතීම මත හදිසි කොරෝනා තත්වයක් ඇතිවීමේ අවධානමක් පවතී. එමෙන්ම මේ ඔස්සේ මරණ සංක්‍යාවද ඉහල යාමට ඉඩ පවතින අතර සෞඛ්‍ය පද්ධතියට දැඩි තර්ජනයක් එල්ල වීමේ අවදානමක්ද එල්ල විය හැකි බව පරීක්ෂකයින් පවසයි.

කෙසේ නමුත් ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ලොව බොහෝ රටවල පවතින එන්නත්කරන වැඩසටහන් හේතුවෙන් යම් සහනයක් පවතින බවයි.

මේ වන විට ලොව පුරා අනුමැතිය ලැබී ඇති බොහෝ එන්නත් මගින් විවිධ කොරෝනා ප්‍රබේදයන් සඳහා ප්‍රතිශක්තීකරණය සපයයි. කෙසේ නමුත් මෙම නව ඉන්දීය කොරෝනා වෛරස ප්‍රබේදය සඳහා මේ වනතෙක් එන්නත් වල ඵලදායීතාවය හඳුනාගැනීමට පරීක්ෂණ සිදු කොට නොමැත.
People stand in a queue to get inoculated with the COVID-19 coronavirus vaccine at Moti Lal Nehru Medical College in Allahabad.
People stand in a queue to get inoculated with the COVID-19 coronavirus vaccine at Moti Lal Nehru Medical College in Allahabad. Source: AFP

මේ සඳහා කුමක් කලයුතුද?

නව කොරෝනා ප්‍රබේද සඳහා සුදුසු ලෙස එන්නත් යාවත්කාලීන කිරීමට එන්නත් නිෂ්පාදකයින් දිරිගැන්වීමට අමතරව ලොව පුරා සිදුවන කොරෝනා ප්‍රජා සම්ප්‍රේෂණ වලක්වාගැනීමට කටයුතු කල යුතු වේ.

එමෙන්ම මෙවැනි කොරෝනා ප්‍රබේද කඩිනමින් හඳුනාගැනීම සඳහා සෞඛ්‍ය සංවිධානයේ SARS-CoV-2 අවදානම් අධීක්ෂණ හා ඇගයීම් රාමුව (World Health Organisation’s SARS-CoV-2 Risk Monitoring and Evaluation Framework) භාවිත කිරීමටද සෑම රටකටම හැකියාව පවතී.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


යම් රටක හෝ ප්‍රදේශයක කොරෝනා ආසාදිතයින්ගේ ඉහල යාම සඳහා කොරෝනා නව ප්‍රබේදයක බලපෑමක් පවතීද යන්න පිළිබඳව නිගමනයකට එළඹීම සඳහා ජානමය අනුක්‍රමණ අධීක්ෂණය කිරීම වැදගත් වේ. නමුත් මෙය සුක්ෂම ලෙස කල යුතු බව පරීක්ෂකයෝ පෙන්වා දෙති.

එමන්ම නව කොරෝනා ප්‍රබේද වල යාන්ත්‍රනය හඳුනාගැනීම සහ අවබෝධ කරගැනීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

ඉන්දීය නව කොරෝනා වෛරස ප්‍රබේදය ගත් කල එම විකෘතිතා වලට එරෙහිව සටන් කිරීම සඳහා එරට වසංගත ප්‍රතිචාර බලධාරීන් නිසි පියවර ගතයුතු වේ.

එමෙන්ම මෙම විකෘතිතාවයන්හි ජානමය අනුපිලිවෙල පරීක්ෂා කිරීම සිදු කලයුතු අතර ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ගද ගත යුතුය.

ඇතැම් කොරෝනා වෛරස ප්‍රබේදයන්ට සාමාන්‍ය පුද්ගල ප්‍රතිශක්තීකරණය මගින් බලපෑමක් සිදු නොවන හෙයින් ඉන්දියාව තුල කොරෝනා එන්නත් නිෂ්පාදකයින් මෙම නව වෛරස ප්‍රබේදයන්ද ආවරණය වන පරිදි එන්නත් නිපදවීමට අවශ්‍ය වේ.

එමෙන්ම මෙවැනි නව කොරෝනා වසංගතය සඳහා මුහණ දීමට වේගවත් එන්නත් ලබාදීමේ වැඩසටහන් අනිවාර්ය වේ.

 

 ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්, 
මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට 


Share
Published 7 April 2021 7:54pm
Updated 12 August 2022 3:03pm
By Prafulla Shriyan, Nipuna Dodangoda
Source: The Conversation


Share this with family and friends