ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල කාන්තාවන්ට හිරිහැර සිදු වීම පිළිබද ඔස්ට්‍රේලියාවේ වෘත්තීමය ශ්‍රී ලාංකික කාන්තාවන් ගේ අදහස් හා උපදෙස් (SBS සිංහල විමර්ශන)

ඕස්ට්‍රේලියාවේ Sex Discrimination Act යන පනතෙහි රැකියා ස්ථාන වල සිදු වන හිංසන සම්බන්ධව නීති අඩංගු වේ. නමුත් තවමත් ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල කාන්තාවන්ට හිරිහැර සිදු වීම වන අතර පසුගියදා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවෙන් වාර්තා වූ සිදුවීමක් සමග මේ පිළිබද වැඩි අවධානයක් යොමු වී තිබේ.

Fast-track skills assessment available for migrant engineers

Fast-track skills assessment available for migrant engineers Source: Getty Images

Highlights
  • ඕස්ට්‍රේලියාවේ Sex Discrimination Act යන පනතෙහි රැකියා ස්ථාන වල සිදු වන හිංසන සම්බන්ධව නීති අඩංගු වේ
  • මෙම රැකියා ස්ථානයේ හිරිහැර සිදු වුවත් ඒවා වාර්තා කිරීමේ අඩුවක් ඇත
  • සංක්‍රමණික පසුබිමකින් පැමිණි කාන්තාවන් මෙවන් හිරිහැර පිළිබද දැනුවත් භාවය හා ඒ සම්බන්ධ පියවර ගැනීම ඉතාම අඩු වේ
ඕස්ට්‍රේලියාවේ අපේ ප්‍රජාවේ වෙසෙන වෘත්තීය කාන්තාවන් කිහිප දෙනෙකුගෙන් මෙම කරුණ පිළිබද අපි අදහස් විමසුවා. මේ ඔවුන්ගේ අදහස් හා මේ සම්බන්ධ අපේ ප්‍රජාවේ කාන්තාවන් දැනුවත් විය යුතු කරුණුයි.

සිඩ්නි නුවර නීතීඥ නාලිකා පද්මසේන මහත්මිය අප සමග මුලින්ම අදහස් දැක් වුවා.

ඇය පවසන්නේ ඕස්ට්‍රේලියාවේ මේ හා සම්බන්ධ නීති වසර 1984 Sex Discrimination Act මගින් නීතිමය ප්‍රතිපාදන මේ සදහා වෙන් වී ඇති බව. විශේෂයෙන්ම සාදාරන පුදගලයෙකුට යම් ආකාරයක , ආරාධනයකින් තොරව , අපහසුතාවක් ඇති වන ලෙස ලිංගිකමය ලෙස හිරිහැරයට පත් කිරීම මෙයට අයත් වේ.
s
Nalika Padmasena Source: supplied by Nalika Padmasena
මෙවන් නීතිමය ආවරණයක් ලබා දී ඇත්තේ කාන්තාවන්ගේ වෘතීමය ඉහලට යාම ලබා දීමට බවයි පද්මසේන මහත්මිය පවසන්නේ .
" මම සේවය කරන ප්‍රජා නීති සේවා සපයන ආයතනයට පැමිණෙන ශ්‍රී ලාංකික පසුබිමක් සහිත කාන්තාවන් පවා මෙවන් සිදු වීම් පිලිබදව පවසනවා . නමුත් ඔවුන් මේ සදහා නීතිමය පියවර ගැනීම ඉතා අඩුයි. සංක්‍රමණික කාන්තාවන් මේ පිළිබද අවධානයක් නොකරන බවත් මම සිතනවා. බොහෝ කාන්තාවන් රැකියාව අහිමි වේ හෝ රැකියාවෙන් ඉදිරියට යාමට නොහැකි වේ යයි බියකින් පසු විය හැකියි මේ නිසා සහයෝගයක් නොමැති වීම නිසා මානසික වශයෙන් ද ඔවුන්ට එය බලපෑ හැකියි"

අපි මීලගට අදහස් විමසුවේ සිඩ්නි නුවර මානව සම්පත් පිළිබද කථිකාචාර්ය  Central Queensland විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන් සමගින්.
d
Dr Upmali Amarakoon Source: Supplied by Upamali Amarakoon
ආචාර්ය උපමාලි පවසන්නේ ලිංගික හිංසනයක් යනු එය සිදුවන තැනැත්තාට දැනෙන ආකාරයෙන් එය අපහසුතාවකට පත් වීමක් අකමැත්තෙන් සිදු වේ නම් එය හිංසනයක් ලෙස සැලකෙන බවයි. ඕස්ට්‍රේලියාවේ වසරකට සැම කාන්තාවන් 6 දෙනෙකුගෙන් එක අයෙකුම ලිංගික හිංසනයට ගොදුරු වේ.
"රැකියා ස්ථානයක යම් පුද්ගලයෙකු ඔබව ස්පර්ශ කරන අයුරු, කතා කරන අයුරු තුලින් ඔබ අපහසුතාවට පත් වේ නම් ඒ පිලිබදව එය නවත්වන ලෙස පවසන්න . නමුත් එම පුද්ගලයා ඔබට වඩා බලතල ඇති, ඔබ තනිවම සිටීන විට මෙසේ සිදු කරයි නම් ඔබේ ආරක්ෂාව පිළිබද ඔබට බයක් ඇති විය හැකියි ඒ අනුව ඔබේ ආයතනයේ ප්‍රතිපත්ති අනුව ඔබේ මානව සම්පත් අංශයෙන් උපකාර ඉල්ලා ගත හැකියි , එසේත් නැත්නම් Fair work ආයතනය හෝ Australian Human Rights Commission වෙතින් සහන ලබා ගත හැකියි "
ආචාර්ය උපමාලි පවසන්නේ ශ්‍රී ලංකාවේ සිට පැමිණි කාන්තාවන් ඔවුන්ට වන හිරිහැර ශ්‍රී ලංකාවේ නොසලකා හැරෙන හෙයින් එය සාමාන්‍ය දෙයක් ලෙස සිතන බවයි. නමුත් ඕස්ට්‍රේලියාවේ අප මව් රටේ මෙන් නොව ඒ දෙස වෙනත් කෝණයකින් බලන නිසා , ඔබ අපහසුතාවයක පත් වූ අවස්ථාවේ ඔබට දැනුනු ආකාරය අනුව ක්‍රියා මාර්ග ගත හැකි බවයි.


මීලගට අපි කතා බහ කලේ මෙල්බන් නුවර La Trobe විශ්ව විද්යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද පර්යේශිකාවක වන ආචාර්ය ශෂිනි ගමගේ සමගින්.
d
Dr Shashini Gamage Source: Supplied by Shashini Gamage
ආචාර්ය ශෂිනි පවසන්නේ ඕස්ට්‍රේලියාවේ දැන් ඇතිවී ඇති කතිකාව තුල අවධානය යොමු වන්නේ ඕස්ට්‍රේලියානු රැකියා ස්ථාන වල සිදුවන මෙම ක්‍රියා වාර්තා කිරීමේ සාර්ථක පද්ධතියක අවශ්‍යතාවය බවයි.
"මම සේවය කරන උසස් අධ්‍යාපන ක්ෂේස්තරයේ මේ සදහා දැනුවත් කිරීම ආදිය සිදු වේ . නමුත් බොහෝ සංක්‍රමණික කාන්තාවන් භාෂා හෝ සංස්කෘතිකමය වෙනස්කම් නිසා එවන් සිදුවීම් වාර්තා කිරීමට ඔවුන්ට බාධා එල්ල වේ. තාවකාලික වීසා වල සිටින කාන්තාවන් ඒවා වාර්තා කරන්නේ නැහැ . ඒ නිසා මේ දිනවල රැකියා ස්ථාන වල හිරිහැර සම්බන්ධ ස්වාධීන ආයතනයක වැදගත් කම පිළිබද කතිකාවක් ඇති වී තිබේ "
ඇය පවසන්නේ ත් සමාජය තුල මෙසේ කාන්තාවන් හිරිහැරයට පත් වීම සාමාන්‍යකරණය වී ඇති බව. මෙහිදී කාන්තාවන් මෙන්ම අනෙකුත් සංක්‍රමනික හා LGBTIQ පුද්ගලයින් සම්බන්ධවද අවධානය යොමු කිරීම වැදගත් . ප්‍රජාවන් ලෙස, කාන්තා සංවිධාන ලෙස අපට මේ සදහා අදහස් දැක්වීමට කාන්තාවන් ඉදිරිපත් වීමද වැදගත් බව ඇය පවසයි.
"නමුත් මේ සදහා කාන්තාවන්ම මේ ගැන කතා කල යුතුයි බොහෝ දෙනෙක් පැවසුවත් , මේවා වාර්තා කිරීමට නිර්නාමිකව හෝ ස්වාදධීනව වාර්තා කිරීම කාන්තාවන්ට තනිවම කල නොහැකි නිසා ඒ සදහා ස්වාධීන ආයතනයක අවශ්‍යතාව මතු වනවා.

මීලගට අපිත් සමග සම්බන්ධ වුයේ මෙල්බන් නුවර මානව හිමිකම් හා සමාජ කටයුතු හා සම්බන්ධ ක්‍රියාකාරිනියක වන නීතිඥ  අභිරාමි වන්නියාකුලම් ද  සිල්වා .

d
Abhiramy V De Silva Source: Supplied by Abhiramy V De Silva


ඇය පවසන්නේ ඕනෑම කෙනෙකුට සුරක්ෂිත සේවා ස්ථානයක සේවය කිරීමට අයිතියක් ඇති බවත් එය මානව අයිතිවාසිකමක් බවයි. ඔස්ට්‍රේලියාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට එකග වන රටක් නිසාද හිරිහැර කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් වුවත් එය තව දුරටත් සිදු වන බවයි.
" මට මෑතකදී කැන්බරා නුවර පැවැත්වුණු National Rural Women's Coalition නම් වැඩසටහන යටතේ පාර්ලිමේන්තුවට ගොස් මෙවන් තත්ත්ව අධ්‍යනය කිරීමට හැකි වුනා . එහිදී දැන් මේ සම්බන්ධයෙන් දේශපාලනමය වෙනස් වීමක් සිදු වීම ධනාත්මක දෙයක් ලෙසට මම දකිනවා. ඔස්ට්‍රේලියාව සංක්‍රමණික රටක් නිසා මෙවන් හිරිහැර වන විට සංක්‍රමණික කාන්තාවන් ඒ පිළිබද කතා කිරීමට අකමැති වනවා . බොහෝ විට ඒ ඔවුන් පිළිබද සමාජය වැරදි ලෙස බලයිදැයි ඇති හැගීම නිසා. එසේම රැකියාව අහිමි වේ යයි බිය වනවා ,තාවකාලික වීසා ලාබීන් මෙය ස්ථිර පදිංචියට ගැටළු ඇති වේ දැයි බිය වේ"
ඇය පවසන්නේ රැකියා ස්ථාන වලින් ඔබට සහනයක් නැත්නම් , Australian Human Rights Commission වෙත පැමිණිලි කල හැකි බව. එහිදී අදාළ පාර්ශ්වයන් ගෙන්වා එය සමතයට පත් කිරීමක් සිදු වේ. එහිදීද විසදුමක් නොමැති විට නඩු මාර්ගයට යා හැකියි . නමුත් එය මිල අධික වන නිසා ත් මෙය නීතිමය වශයෙන් ඔප්පු කිරීම අසීරු බවටත් පැවසේ . නමුත් මෙමගින් බොහෝ මානසික ගැටළු හා ආත්මාභිමානයටද පහරක් වේ.
" මම හිතන්නේ මේ සම්බන්ධ නීතිමය තත්වය තවත් , විශේෂයෙන් වාර්තා කිරීම සම්බන්ධ නව මාර්ග ඇති කල යුතු වේ . බොහෝ විට ප්‍රතිපත්තිමය වෙනසක් අවශ්‍ය වේ . එසේම දැන් පාසල් වලත් මේ හිංසන වලට ප්‍රතිචාර දැක්වීම පිලිබදව ඉගැන්වීම සතුටට කරුණක් , ඒ ආකාරයටම රැකියා ස්ථාන වල හිංසන පිළිබදවද පාසල් කාලයේම දරුවන්ට උපදෙස් දීම වැදගත් වේ "

මීලගට අපි කතා බහ කලේ ඇඩිලේඩ් නුවර සමාජ සේවා ක්ෂේස්ත්‍රය නියෝජනය කරන හංසි සමුද්රිකා සමගින්.

s
Hansi Samudrika Source: Supplied by Hansi Samudrika


ඇය පවසන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින, මානව හිමිකම් ආරක්ෂා කිරීමේ උත්තරීතර ස්ථානය වන පාර්ලිමේන්තුවෙන්ද මෙවන් කාන්තාවන්ට වන හිංසන වාර්තා වීම කනගාටුවට කරුණක් බවයි.
"රැකියා ස්ථාන වල කාන්තාවන්ට වන මෙම හිරිහැර සංවේදී භාවය නිසාම හෙළි නොවීමේ තත්වයක් දක්නට ලැබෙනවා. බලය වැඩි පුද්ගලයින් මෙවන් දේ සිදු කිරීම නිසා ඒවාට මුහුණ දෙන කාන්තාවන් අසරණ තත්වයට පත් විය හැකියි. විශේෂයෙන් ඉංග්‍රීසි කතා නොකරන පසුබිම් වලින් පැමිණෙන සේවකයින් එවන් සිදුවීමකදී ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි නොදැනුවත් "

මීලගට අප සමග කතා කලේ SBS සිංහල බටහිර ඕස්ට්‍රේලියානු වාර්තාකාරිනිය හා Edith Cowan විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති අධ්‍යයනාශයේ ආචාර්ය දිල්හානි කුරුප්පුආරච්චි

Dr Dilhani Kapu Arachchilage , Course Coordinator, Edith Cowan University
Dr Dilhani Kapu Arachchilage , Course Coordinator, Edith Cowan University, Source: Supplied - Dilhani K


දිල්හානි පවසන්නේ රැකියා ක්ෂේස්ත්‍රය අනුව හිංසනයට ලක් වීම, වැටුප් විෂමතාව , උසස්වීම් වල අසමානතා වෙනස් වන බව. වසර 2021 ඕස්ට්‍රේලියාවේ ලිංගිකත්වය රැකියා වල සිදුවන වෙනස්කම් දත්ත අනුව ප්‍රකාශ වන්නේ ජාතික වශයෙන් ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාව 13.4%ක් වන බව. නමුත් ප්‍රාන්ත වලින් එය වැඩිම බටහිර ඔස්ට්‍රේලියාවේ වන අතර එය 22.9%ක් වේ.
"පෞද්ගලිකව මම රැකියාව කරන විශ්ව විද්‍යාල ක්ෂේස්ත්රයේ මෙම වෙනස් කම් අඩුයි . නමුත් කාන්තාවන්ට උසස් වීම් ලබා ගැනීමට කෙතරම් නම්‍යශීලී පරිසරයක් ඇත්දැයි ගැටළුවක් මතු වේ. කතිකාචාරය්වරියක ලෙස උසස්වීම් වලට යද්දී අවශ්‍ය වූ පර්යේෂණ ඉලක්ක ලගා කිරීමට මවක් ලෙස ඇති වගකීම් නිසා ගැටළු මතු වනවා . ඒ නිසා මා සිතනවා කාන්තාවන් ලෙස උසස්වීම් වැනි ඉලක්ක සදහා නම්‍යශීලී ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු බව"

 නීතීඥ නාලිකා පද්මසේන පවසන ආකාරයට මෙවන් සිදු වීම් සම්බන්ධව නීති උපදෙස් ලබා ගැනීමට පහත සේවා ඇමතිය හැකියි.

  • ඔබේ ප්‍රදේශයේ community Legal Centre  හෝ Legal Aid සේවාව වෙත යොමු වන්න. 
  • එසේම ලිංගික හිංසන සම්බන්ධ සහය ලබා ගැනීමට පහත දුරකථන අංකය අමතන්න.
      1-800 RESPECT on 1800 737 732


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා - පෙරවරු 11 සිට 

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)

නැතිනම් රූපවාහිනියේ channel 38 මඟින් (SBS digital radio 2) 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න


Share
Published 18 April 2021 11:02pm
Updated 26 April 2021 1:42pm
By Charitha Adikari
Source: SBS Sinhala program

Share this with family and friends