කොරෝනා ලොවට පැමිණි අයුරු පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු බවට ඔස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කළ යෝජනාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය (SBS සිංහල/ වාර්තා)

World Health Organization agrees to independent coronavirus probe after Australia's push

World Health Organization agrees to independent coronavirus probe after Australia's push Source: SBS

කොරෝනා වයිරසය හටගැනීම පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු බවට ඔස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කළ යෝජනාවට ලොව රටවල් 116 ක් සහය පළ කර තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


කොරෝනා වයිරසය හේතුවෙන් ලොව සෑම රටක්ම පාහේ මේ වන විට දැඩි සෞඛ්‍ය අර්බුදයකට මෙන්ම සාමාජීය සහ ආර්ථික අර්බුදයන්ට ද මුහුණ දෙමින් සිටී.
coronavirus
Source: AP

ඔස්ට්‍රේලියාව යෝජනා කළ ස්වාධීන විමර්ශනය

කොරෝනා වයිරසය ලොවට පැමිණියේ කෙලෙසදැයි සොයා බැලීම සඳහා ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු බවට ඔස්ට්‍රේලියාව පසුගිය මස අග භාගයේ පටන් ප්‍රකාශ කරන්නට විය.

මෙම යෝජනාව ආන්දෝලනාත්මක යෝජනාවක් බවට පත්වූ අතර එය චීනය සමග ඔස්ට්‍රේලියාව පවත්වන සබඳකම් වලට ද බරපතල හානි ගෙන දෙන බවක් පෙනෙන්නට තිබේ.
සාමාජික රටවල් 54 කින් යුත් අප්‍රිකානු රටවල් කණ්ඩායම (The African Group's 54 member states) මෙම මෝසම සඳහා සම අනුග්‍රහය දක්වන අතර රුසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, ජපානය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඇමෙරිකාව, බ්‍රසීලය, දකුණු කොරියාව, නවසීලන්තය, මෙක්සිකෝව, තුර්කිය ඇතුළු තවත් රටවල් 62 ක් ඒ සඳහා සහයෝගය මේ වන විටත් පළ කර ඇත.

ඒ සඳහා යුරෝපා සංගමයට අයත් රටවල් 27 ද ඇතුළත් වේ.

මෙම විමර්ශනය සඳහා බහුතරයක් රටවල් සහයෝගය දීමට ඉදිරිපත් වීම ඔස්ට්‍රේලියාව තවත් ධෛර්යවත් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Marise Payne ඊයේ (18/05) ප්‍රකාශ කළාය.
World Health Organization agrees to independent coronavirus probe after Australia's push
Australian Prime Minister Scott Morrison and Foreign Minister Marise Payne. Source: AAP

අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයක්

මෙම විමර්ශනය ඇත්තෙන්ම අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයක් විය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩිව අවධාරණය කරයි.

මෙය හුදෙක් චීනයට එරෙහිව සිදුකරන විමර්ශනයක් නොවන බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
නමුත් මෙම යෝජනාව සිදු කළ පසුව චීනයට අපනයනය කරන ඔස්ට්‍රේලියාවේ බාර්ලි සඳහා විශාල බද්දක් පනවන බවට චීන බලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ අනුව අද (19/05) සිට චීනයට අපනයනය කරන ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා 80% ක බද්දක් පනවන බව චීනය දන්වා සිටියි.
World Health Organization agrees to independent coronavirus probe after Australia's push
WHO director-general Tedros Adhanom Ghebreyesus Source: WHO

ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනාව පිළිගනියි

ඔස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සහ කොරෝනා වසංගතයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ රාත්‍රියේ (18/05) ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් රැස්වීමක් (World Health Assembly) පැවැත්විණි.

එය වීඩියෝ තාක්ෂණය ඔස්සේ virtual අයුරින් පැවැත්විණි.

එහිදී කොරෝනා වයිරසය හටගැනීම පිළිබඳ ස්වාධීන විමර්ශනයක් සිදු කළ යුතු බවට ඔස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කළ යෝජනාවට රටවල් 116 ක සහයෝගය ලැබීම මත එම විමර්ශනය සිදු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබේ.
ආහාර සඳහා මත්ස්‍යයන් ඇතුළු සතුන් අලෙවි කරනු ලබන වෙළෙඳපොලවල් (wildlife wet markets) හරහා මිනිසුන්ගේ සෞඛ්‍යයට හටගත හැකි අවධානම සහ එය අසල්වාසී රටවල ජනතාවට බලපාන අයුරු පිළිබඳ අවධානය යොමු කළ යුතු බව එහිදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

"මෙම කොරෝනා වසංගතයෙන් අප පාඩමක් ඉගෙන ගත යුතුයි. අනාගතයේදී පැමිණෙන මෙවන්වූ වසංගත සඳහා සාර්ථවක මුහුණ දීමට අපට ශක්තිමත් ගෝලීය සෞඛ්‍ය සැලැස්මක් තිබිය යුතුයි." යනුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt වැඩි දුරටත් පැහැදිලි කළේය.

හැකි ඉක්මණින් මෙම විමර්ශනය පැවැත්වීමට එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus  පොරොන්දු වී තිබේ.

මේ අතර මෙම ස්වාධීන විමර්ශනය සඳහා ඇමෙරිකාව ද ඔස්ට්‍රේලියාවට සහය ලබාදෙන බවට SBS  පුවත් සේවය මේ පිළිබඳ සටහන් කළ ට්විටර් පණිවිඩයකට පිළිතුරු සපයමින් ඇමෙරිකානු ජනාධිපති Donald Trump පවසා තිබුණි.

ස්වාධීන විමර්ශනය සඳහා චීනයත් සහය දක්වයි

ඔස්ට්‍රේලියාව විසින් ඉදිරිපත් කළ මෙම ස්වාධීන විමර්ශනය සඳහා චීනයත් සහය දක්වන බව චීන ජනාධිපති Xi Jinping පැවසීය.

මෙහිදී තම රට විවෘතව, විනිවිද භාවයකින් යුක්තව සහ වගකීම් සහිතව ක්‍රියාකරන බව ඔහු පැවසීය.

නමුත් මෙම විමර්ශනය විද්‍යානුකූලව, වෘත්තීමයව සිදුකළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහි නායකත්වය ගෙන කටයුතු කළ යුතු බවත් චීනය අවධාරණය කරයි.

මෙම විමර්ශනයේ සෑම තැනකම සාධාරණත්වය තිබිය යුතු බවත් චීන ජනාධිපති Xi Jinping ඊයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රැස්වීමට එක්වෙමින් පැවසීය.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 19 May 2020 9:37am
Updated 19 May 2020 9:42am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends