ඔබට කොරෝනා වැළදුණු බවට තහවුරු වුනොත් ඉන්පසුව ඔබ කුමක් කල යුතුද? (SBS සිංහල/ වාර්තා)

Isolation

Source: Pixabay

ඔබ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කොට ඇත්නම්, ඔබ පරීක්ෂණයට බදුන් වූ සායනයෙන් රෝග විනිශ්චය පිළිබඳව දුරකථන ඇමතුමක් ලැබීම ප්‍රථමයෙන් සිදු වේ. ඉන් පසුව ඔබේ ප්‍රාන්ත සෞක්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔබව සම්බන්ධ කරගැනීම සිදු වේ.
位於雪梨以北的史蒂芬斯港(Port Stephens)發現三宗新冠確診病例,當局敦促居民要留意自己是否出現新冠肺炎症狀。
Medical workers look on before taking a sample from a person at a drive-through COVID-19 pop Source: AAP

ඔබේ ප්‍රාන්ත සෞක්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔබව සම්බන්ධ කරගන්නේ ඇයි.

ඔබේ රෝගී තත්වය පාලනය කරගනු ලබන අකාරය පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා ඔවුන් ඔබව සම්බන්ධ කරගැනීම සිදුකරයි. ඔබ අනිවාර්ය ස්වයං නිරෝධයනයේ යෙදී සිටියදීත් රාජ්‍ය සෞක්‍ය දෙපාර්තමේන්තුව ඔබ සමග අඛණ්ඩව සම්බන්ධතා පවත්වනු ලබයි.

ස්වයං නිරෝධායනය වීමේදී , නිවසින් පිටත සිටින පුද්ගලයින්ගෙන් පමණක් නොව තම නිවස තුල සිටින පවුලේ සාමාජිකයින් පවා ඈත්ව ස්වයං නිරෝධායනය වීමට වගබලාගතයුතු වේ. සෞක්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔබගෙන් තොරතුරු රැස් කිරීම ආරම්භ කරන අතර ඔබ අසනීප වන කාලසීමාව තුලදී සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් පිළිබඳව තොරතුරු රැස්කිරීම මෙහිදී සිදු වේ. මෙම තොරතුරු ඔස්සේ සෞක්‍ය දෙපාර්තමේන්තුව වෛරසය සම්ප්‍රේෂණය වී ඇත්තේ කා හටද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහා Contact tracing සිදුකරයි.

සෞක්‍ය දෙපාර්තමේන්තුව මගින් ඔබට පවතින රෝගයේ තත්වය පිළිබඳව මූලික තක්සේරුවක් සිදුකරනු ලබන අතර එමගින් රෝගය නිවසේදීම සුවකළ හැකිද යන්න හෝ රෝහලක් වෙත යාමට සිදුවේද යන්න පිළිබඳව තීරණයකට එළඹේ.

කෙසේ වුවද මේ වනතෙක් වාර්තා වී ඇති ආකාරයට කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින්ගෙන් 80%කට පමණ රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වී නොමැත.

ඔබට COVID-19 වැළදුණු බවට සනාථ වුනොත් නිවසේ සිටම එය කළමනාකරණය කල හැකිද?

ඕස්ට්‍රේලියාවේ National COVID-19 Clinical Evidence බලකායට අනුව සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වන වැඩිහිටි පුද්ගලයින් සාමාන්‍ය උණ සහිත පුද්ගලයින්ට සමාන වන අතර එය කළමනාකරණය කිරීමට හැකියාව පවතී.

මෙවැනි පුද්ගලයින් විවේකයෙන් පසු විය යුතු අතර හැකි තාක් දියරමය අහාර ගත යුතු වේ.

සාමාන්‍ය කොරෝනා රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් හට මේ වනතෙක් ප්‍රතිකාර නොපවතින බවට University of Sydney හි ඖෂධවේදය පිළිබඳව උපාධි වැඩසටහන් අධ්‍යක්ෂ Nial Wheate පෙන්වා දී තිබේ. මේ වන විට ප්‍රතිකාර සඳහා ගනු ලබන remdesivir සහ dexamethasone යන ඖෂධ කොරෝනා තත්වය යම් දුරකට දරුණු ලෙස පවතින පුද්ගලයින් සඳහා පමණක් යොදාගැනීම සිදු වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


ඔබට හිසරදයක් ඇති වුනහොත් පැරසිටමෝල් වැනි ඖෂධයක් භාවිත කරන ලෙස ඕස්ට්‍රේලියානු සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති Harry Nespolon පවසයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔබගේ මාංශ පේශි වල රිදීමක් ඇතිවුවහොත් ඒ සඳහා සුදුසු ඖෂධයක් භාවිත කලයුතු අතර පවුලේ වෛද්‍යවරයාගේ සහාය ලබාගන්න ලෙසයි.

කෙසේ වුවද ඔබට විවිධ සෞක්‍ය ගැටළු පවතී නම් ඒ සම්බන්ධව රාජ්‍ය සෞක්‍ය දෙපාර්තමේන්තුව කළමනාකරණය කිරීමක් සිදු නොකරයි.
A volunteer is seen during a coronavirus vaccine
A volunteer is seen during a coronavirus vaccine development announcement in Brisbane Source: UNIVERSITY OF QUEENSLAND POOL

ඔබට පවතින රෝග ලක්ෂණ වැඩිදියුණු වුවහොත් කුමක් කල යුතුද?

ඔබගේ රෝගලක්ෂණ වැඩිදියුණු වුවහොත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය සහාය ලබාගතයුතුය.

රෝග ලක්ෂණ වැඩිදියුණු වුවහොත් ඔබට හුස්මගැනීමේ අපහසුතාවය සහ හෝ උන තත්වයක් මතුවිය හැක. එසේම දරුණු හිසේ කැක්කුමක් හෝ පෙනීමේ දුර්වලතාවයක්ද ඇතිවීමේ හැකියාව පවතී.

රෝගය වැළදීමෙන් පසු දෙවන සතිය තුලදී එම පුද්ගලයාගේ ශරීර සෞක්‍යය දැඩි ලෙස පිරිහී යාමේ අවධානමද පවතී. මෙවැනි රෝගීන් කල්තියා හඳුනාගතයුතු අතර එමගින් ඔවුන් බේරාගැනීමට හැකිවන බව වික්ටෝරියානු ප්‍රධාන සෞක්‍ය නිලධාරී මහාචාර්ය Brett Sutton පෙන්වා දේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


ඔබට අවශ්‍ය නම් 1800 020 080 යන දුරකථන අංකය ඔස්සේ පැය 24 පුරා ක්‍රියාත්මක ජාතික කොරෝනා වෛරස සහාය සේවාව සහ සම්බන්ධ වීමේ හැකියාව පවතී.

වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට මේ සඳහා 1800 675 398 යන දුරකථන අංකය ඔස්සේ සේවා ලබාගත හැක.

හදිසි තත්වයකදී හෝ පවුලේ වෛද්‍යවරයා සඳහා 000 භාවිත කල හැක.

ඔබට වැළදී ඇති රෝගය අවසන් අදියරේදී කුමක් සිදුවේද?

විවිධ ප්‍රාන්ත තුල මෙම ක්‍රියා පටිපාටිය තරමක වෙනස්කම් පවතී. කෙසේ වුවද වෛරසය වැළදුණු බවට තහවුරු වීමෙන් දින 12කදී දෙවන COVID-19 පරීක්ෂණයක් සිදුකරනු ලබයි. මෙහිදී ඔබට කොරෝන වෛරස තත්වය නොමැති බවට තහවුරු වුවහොත් නැවතත් සාමාන්‍ය ජීවන රටාවට යොමු වීමේ හැකියාව හිමි වේ. කෙසේ වුවද ඔබ සමාජ දුරස්ථ බව ආරක්ෂා කිරීම, අත් සේදීම වැනි අනිවාර්ය සෞක්‍ය පුරුදු අනුගමනය කල යුතුය. මේ පිළිබඳව ප්‍රාන්ත සෞක්‍ය දෙපාර්තමේන්තුව ඔබට දැනුම් දීමක් සිදුකරයි.
Washing Hands
Source: Pixabay
විශේෂයෙන්ම තරුණ පිරිස මේ සම්බන්ධයෙන් අනාරක්ෂිත හැගීමක් ඇතිකර නොගත යුතු අතර සියලු දෙනා තමාව වෛරසයට නිරාවරණය නොකිරීමට වගබලාගත යුතුය.


Share
Published 22 July 2020 1:00pm
By Nipuna Dodangoda

Share this with family and friends