ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියාවට තවත් අමතර Skilled වීසා කෝටාවන් පිරිනැමේ

Northern Territory & Western Australia received additional Skilled nomination allocations

Source: Getty Images/FotografiaBasica

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලට 2021/22 වර්ෂය සඳහා අමතර Skilled වීසා කෝටා ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබීම පිළිබඳ තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලට 2021/22 වර්ෂය සඳහා අමතර Skilled වීසා කෝටා ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවලට 2021/22 වර්ෂය සඳහා ලබාදී තිබුණු Skilled වීසා කෝටාව අවසන් වී තිබීම නිසා මෙම අමතර කෝටාවක් පිරිනමා ඇත.


Highlights

  • Northern Territory හි 491 වීසා සඳහා අමතර 200 ක කෝටාවක් හිමිවී තිබේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ද 2021/22 වර්ෂය සඳහා අමතර Skilled වීසා කෝටාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබා දී තිබේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled වීසා සඳහා නව අයදුම්පත් බාරගන්නා බවද වාර්තා වේ.

Northern Territory

2021/22 වර්ෂය උදෙසා Northern Territory හි 491 වීසා සඳහා අමතර 200 ක කෝටාවක් හිමිවී ඇති බව Northern Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

දැනට පවතින නිර්ණායක යටතේ Northern Territory Skilled වීසා සඳහා ලැබෙන අයදුම්පත් බාර ගැනීම සහ තක්සේරු කිරීම නොකඩවා කරගෙන යන බවද ඔවුහු පවසති.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔබ ඔබේ වීසා නාමයෝජනා අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී සහ අයදුම් කිරීමේ ක්‍රියාවලිය පුරාම NT නාමයෝජනා නිර්ණායක සහ සම්මත ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිර්ණායක යන ද්විත්වයම සපුරාලන බවට සහතික විය යුතුය.

ඔබේ ඉංග්‍රීසි පරීක්ෂණ ප්‍රතිඵල, කුසලතා තක්සේරු කිරීම් යනාදිය ඇතුළුව සියලුම අවශ්‍ය ලේඛනවල වලංගු බව සහතික කිරීම ඔබේ වගකීමක් බවද Northern Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

Northern Territory Skilled වීසා සඳහා අදාළ සුදුසුකම් හා නිර්ණායක සපුරාලීමෙන් පසු ඔබ හැකි ඉක්මනින් ඔබේ අයදුම්පත ඉදිරිපත් කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති.
එමෙන්ම අයදුම්කරුගේ දැනට පවතින වීසා බලපත්‍රය කල් ඉකුත්වන දිනට පෙර මෙම අයදුම්පත් තක්සේරු නොකළ හැකි බවද ඔවුහු අවධාරණය කරති.

ඔබේ වීසා බලපත්‍රය කල් ඉකුත් වන්නේ නම්, ඔබ ඔබේ වීසා විකල්පයන් පිළිබඳ වෘත්තීය උපදෙස් ලබා ගත යුතු අතර ඔබ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින කාලය තුළ ඔබ නීත්‍යානුකූලව සිටින බවට සහතික විය යුතුය.

2021/22 වර්ෂය උදෙසා Northern Territory වෙත මීට පෙර ලබා දී තිබුණු Skilled වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (Subclass 190) වීසා - 500
  • Skilled Work Regional (Subclass 491) වීසා - 500
  • Business Innovation and Investment Program (BIIP) – 75
Northern Territory හි Skilled වීසා පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට
Australian Federal budget 2022
Source: Getty Images

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයට ද 2021/22 වර්ෂය සඳහා අමතර Skilled වීසා කෝටාවක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබා දී තිබේ.

ලැබී තිබෙන අතිරේක වීසා කෝටාව සමග සමඟින්, දැනට පවතින වීසා නාමයෝජනා අයදුම්පත් සලකා බලා අවසන් කිරීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ක්‍රියා කරනු ඇති බව වාර්තා වේ.

එහිදී අවශ්‍ය පරිදි අයදුම්කරුවන් සම්බන්ධ කර ගනු ලැබේ.

මේ අතර බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled වීසා සඳහා නව අයදුම්පත් බාරගන්නා බවද වාර්තා වේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled වීසාවලට අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය අප්‍රේල් මාසයේ පළමු සතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


2021/22 වර්ෂය උදෙසා බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත මීට පෙර ලබා දී තිබුණු Skilled වීසා කෝටාව පහත පරිදි වේ.

  • Skilled Nominated (Subclass 190) වීසා - 1,100
  • Skilled Work Regional (Subclass 491) වීසා - 340
  • Business Innovation and Investment Program (BIIP) – 360
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled වීසා පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට



Share