'කාලීන' විශේෂාංගය: ප්‍රාන්තයෙන් වාර්තා වන ඉහල ආසාදිතයින් නිසා සීමා ලිහිල් නොවන බව වික්ටෝරියා අගමැති පවසයි

Victoria Premier Daniel Andrews.

Numbers in Victoria are too high for restrictions to be eased, Premier Daniel Andrews says Source: AAP

Get the SBS Audio app

Other ways to listen

වික්ටෝරියා ප්‍රාන්තයේ , නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත වල නවතම කොරෝනා වෛරස තත්වය පිළිබඳව තොරතුරු රැගත් අගෝස්තු 23 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights
  • පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝන ආසාදිතයින් 1290 කු වර්තා වූ අතර මේ දක්වා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් දින 3ක් නව කොරෝනා ආසාදිතයින් 1000 ඉක්මවා වාර්තා වීම
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින් ඉහල අගයක් පැවතීම හේතුවෙන් සැලසුම් කල පරිදි පවතින lockdown තත්වය නිමා කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා ගේ අදහස්
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සහ දකුණු ඕස්ට්‍රේලියාවේ කොරෝනා තත්වය

වික්ටෝරියා ප්‍රාන්තය

පවතින තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වනවිට ක්‍රියාත්මක 6 වන lockdown තත්වය තවදුරටත් දීර්ඝ කෙරෙනු ඇති බවට විශ්වාස කෙරේ.

මේ වනවිට ක්‍රියාත්මක lockdown තත්වය සැප්තැම්බර් මස 2 වැනිදා අවසන් වීමට නියමිත නමුත් ඊයේ දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 92කු වාර්තා වීමත් සමග මෙම තත්වය මතුව තිබේ.

ඊයේ දිනයේදී වාර්තා වූ එම කොරෝනා අසාදිත සංක්‍යාව මෙම වසරේදී ප්‍රාන්තයෙන් වාර්තා වූ ඉහළතම අසාදිත සංක්‍යාව වශයෙන්ද සැලකේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්ටෝරියානු අග්‍රාමාත්‍ය Daniel Andrews පවසන්නේ තවමත් මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය ශක්තිමත්ව සිටින අතර එන්නත් හැකිතාක් ලබාගැනීමට හැකියාව පැවතියේ නම් ජනතාවට ඉක්මනින් එන්නත් ලබාදීම සිදු කරන බවයි.

එමෙන්ම උද්ගතව ඇති තත්වය අතිශය අභියෝගාත්මක වන අතර ප්‍රාන්ත වැසියන් කලයුතු දේ සම්බන්ධයෙන් දැනුවත් බවද ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා පවසා සිටී.

පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 73 දෙනෙකු වාර්තා වී තිබේ.

ගෘහස්තව සිදු වන අසාදන, පවතින කොරෝන නීති උල්ලංඝනය කිරීම මගින් වන අසාදන සහ පුද්ගලයින් කොරෝනා පරීක්ෂාව සිදු කිරීමට යම් කාලයක් ගතකිරීම වැනි හේතු මගින් කොරෝන වෛරසයේ දැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව වික්ටෝරියා ප්‍රාන්ත සෞඛය නිලධාරීන් පවසයි.

ඊයේ හමුවූ ආසාදිතයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත COVID සඳහා ප්‍රතිචාර දැක්වීමේ ප්‍රධානී Jeroen Weimar සඳහන් කොට සිටින්නේ තරුණ ප්‍රජාව අතර මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයඹ දෙසින් පිහිටි මුස්ලිම් පල්ලියක වන කණ්ඩායමක් මගින් අවශ්‍ය පුද්ගලයින් හට මුහුණු ආවරණ ලබාදීම සිදු කරන අතර Humanity First Australia පුණ්‍යායතනයේ ආචාර්ය Abdul Noor Aftab සඳහන් කොට සිටින්නේ විවිද ගැටළු සඳහා මුහුණ දී සිටින පවුල් වලට වියලි අහාරද ලබා දීම සිදු කල බවයි.

ඊයේ දිනයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයින් 1218ක් වාර්තා වීම හේතුවෙන් ප්‍රාන්තය තුල වඩාත් පීඩාවට පත්ව සිටින පිරිස සඳහා රැකවරණ පැකේජ මගින් ප්‍රමුඛතාවය ලබා දේ.

ඊයේ දිනයේදී වයස අවුරුදු 70ත් 80ත් වැනි වයස් කාණ්ඩ වල පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වූ මරණ අතර වන අතර ඔවුන්ග්න් දෙදෙනෙකු හට එක් එන්නත් මාත්‍රාවක් ලබාදී ඇති අතර සෙසු සිව් දෙනා හට එන්නත් ලබාදී නොමැති බව වාර්තා වේ.

මේ වනවිට ප්‍රාන්තයේ කොරෝන ආසාදිතයින් 813 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 126 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

මේ වනවිට බටහිර නි සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන අසදිතයින්ගේ ඉහල යාමක්ද දක්නට ලැබෙන අතර Wilcannia හි ආදිවාසි ජනගහනයෙන් 11%කට පමණ මේ වනවිට වෛරසය වැළඳී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස්හි ආදිවාසී සෞඛ්‍ය හා වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ ආචාර්ය Peter Malouf පවසන්නේ කායික සහ මානසික වශයෙන් මීට වඩා වැඩි සහයක් තත්වය පාලනය සඳහා අවශ්‍ය වන බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය මේ වනවිට සිට lockdown කිරීමේ 10 වන සතියට පිවිස ඇති අතර මේ තත්වය සඳහා ප්‍රාන්තය තුල සිටින මනෝ වෛද්‍ය වරුන් දැඩි සහයක් ලබාදෙමි සිටී.

Suicide Prevention Australia හි Nieves Murray පවසන්නේ වසංගත තත්වය මත පුද්ගලයින් දැඩි ලෙස මානසිකව අතතියකට සහ පීඩනයකට පත්ව ඇති බවයි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ක්‍රියාත්මක වීමට නියමිත නීතීන්ට අනුව ලබන සැප්තැම්බර් මස 6 වැනිදා සිට, මේ වනවිට අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති පාලන ප්‍රදේශ වල වාසය කරන සහ ඉන් පිටත සේවය සඳහා යන සියලුම සේවකයින් අවම වශයෙන් සිය පලමු කොරෝනා එන්නත ලබා තිබීම අනිවාර්ය වේ.

මෙම පාලන ප්‍රදේශ වල වෙසෙන පිරිස හට කොරෝනා එනත ලබාගැනීට වෙන්කරවා ගැනීම් සිදු කිරීමේදී ප්‍රමුඛතාවය හිමි වේ.

එමෙන්ම මේ අ පාලන ප්‍රදේශ වල වෙසෙන සියලුම වයස අවුරුදු 16ත් 49ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පිරිස, වැඩිහිටියන් සහ ආබාදිත පුද්ගලයින් රැකබලාගන්නා කටයුතු සිදු කරන සේවකයින් සහ ආහාර සම්බන්ධයෙන් කටයුතු කරන සේවකයින්ද මේ අතර වේ.

මෙම කොරෝනා එන්නත් ඉලක්කයට එළඹෙන ඔක්තෝබර් මාසය වන විට ළඟ වියයුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian පවසයි.

සෙසු ප්‍රාන්ත වලින් වාර්තා වන කොරෝනා තත්වය
පසුගිය පැය 24ක කාලය තුලදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු නව කොරෝන අසදිතයකු වාර්තා වී නොමැති අතර එළඹෙන සැප්තැම්බර් මස් 8 වැනිදා Boondall හි පිහිටි Brisbane Entertainment Centre හිදී විශාල එන්නත්කරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් වාර්තා වී නොමැති අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ට්‍රක් රථ රියදුරන් දෙදෙනෙකු ප්‍රාන්තයේ ගමන් කිරීමත් සමග නව අවදානම් සහිත ස්ථාන හඳුනාගෙන තිබේ


Share