කාලීන විශේෂාංගය: වික්ටෝරියා ප්‍රාන්තය, lockdown තත්වයෙන් මිදීමේ සැලසුම් හෙළිකරයි

Victorian Premier Daniel Andrews speaks during a press conference in Melbourne.

Victorian Premier Daniel Andrews speaks during a press conference in Melbourne. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයන්හි නවතම COVID-19 තත්වය සම්බන්ධයෙන් වන සැප්තැම්බර් මස 20 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • වික්ටෝරියා ප්‍රාන්ත රජය මේ වනවිට පවතින lockdown තත්වයෙන් මිදීම සඳහා වන මාර්ග සැලසුම එළිදැක්වීම
  • ඊය් (19) මධ්‍යම රාත්‍රියේ සිට Greater Geelong ,The Surf Coast සහ Mitchell Shire යන ප්‍රදේශ දින 7 lockdown තත්ත්වයකට පත් කිරීම
  • අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි සිඩ්නි හි අවදානමක් සහිත පාලන ප්‍රදේශ 12 තුල සීමාවන් ලිහිල් වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කිරීම

වික්ටෝරියා ප්‍රාන්තය lockdown තත්වයෙන් මිදීම සඳහා වන මාර්ග සැලසුම එළිදැක්වීම

පසුගිය පැය 24ක් කාලය තුලදී වික්ටෝරිය ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 567 දෙනෙකු හමුව ඇති අතර එක් මරණයක් වාර්තා වී තිබේ.

එමෙන්ම මෙම මස 26 වැනිදා සිට ප්‍රාන්තය තුල පවතින සීමා ලිහිල් කිරීමට නියමිත සැලසුම ප්‍රාන්ත රජය නිකුත් කල අතර ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ සන්ක්යව අනුව මෙම සැලසුම සමාලෝචනය කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Daniel Andrews පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කෙසේ නමුත් එන්නත්කරණය ලද පිරිස 80% වීම මේ වනවිට අතිශය වැදගත් කරුණක් වන අතර ප්‍රාන්තය යලි විවුර්ත කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය කිසි ලෙසකින්වත් නවතා නොදමන බවයි.

මේ සඳහා මෙම මස 26 වැනිදා වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසන වයස 16 හෝ ඊට වැඩි පිරිසට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් වත් ලබා දිය යුතු වේ.

මෙම ඉලක්කය කරා ලඟා වූ විට

  • එළිමහනේ රැස්විය හැකි පුද්ගලයින් සංක්‍යාව සඳහා වන සීමා වෙනස් කිරීමට හැකි වන අතර එළිමහනේ පැවැත්විය හැකි පුහුණු සැසි සඳහා සහභාගී වන පිරිස පුද්ගලයින් 5 දක්වා ඉහල දැමීමට හැකියාව හිමි වේ.
  • පුද්ගලයින් හට තම නිවසින් බැහැරට යා හැකි දුර වන 10 KM ප්‍රමාණය කම් 15 KM දක්වා ද ඉහල දැමෙන අතර ඔක්තෝබර් මට 5 වැනිදා සිට 12 වන වසර සිසුන් හට නැවතත් පාසල් වෙත යාමට හැකියාව හිමි වේ.
  • ඔක්තෝබර් මස 26 වැනිදා වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ 70% පිරිසකට සම්පුර්ණයෙන් එන්නත් ලබාදීම සිදු කල හැකි බවට විශ්වාස කෙරේ. එම ඉලක්කය කරා ලඟා වූ විට මෙල්බර්න් නගරය සඳහා බලපැවැත්වෙන lockdown තත්වය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතයි.
  • සම්පුර්ණයෙන් කොවිඩ් එන්නත් ලබාගත් පුද්ගලයින් 10දෙනකු සඳහා එළිමහනේ රැස්වීමට හැකියාව හිමි වන අතර විවේකය සඳහා සහ පුහුණු වීම් කටයුතු සඳහා සීමා සහිතව එක වීමට හැකි වේ.
  • කොණ්ඩා මෝස්තරකරුවන් සහ පුද්ගලික සත්කාර සේවා සපයන්නන් හටද සීමාවන් සහිතව නැවත විවුර්ත කිරීමට හැකියාව හිමි වේ.
  • මෙම සීමා ලිහිල් වීම අනුව සියලුම සිසුන් හට අවම වශයෙන් සතියේ එක් කොටසක් හෝ නැවත පාසල් යාමට හැකියාව හිමි වේ.
  • Pubs , සමාජ ශාලා සහ විනෝදාත්මක ස්ථාන වැනි ස්ථාන නැවත විවුර්ත වන අතර ඒ සඳහා සම්පුර්ණ එන්නත් කරණය ලද පුද්ගලයින් එළිමහනේ 50 දෙනෙකු දක්වාත් ගෘහස්ත ස්ථානයන්හි 30 දෙනෙකු දක්වාත් සිටීමට හැකියාව හිමි වේ.
  • ඇදහිලි , අවමංගල උත්සව සහ මංගල උත්සව සඳහා සම්පුර්ණයෙන් එන්නත් කල පුද්ගලයින් එළිමහනේ 100 දෙනෙකු දක්වාත් ගෘහස්ත ස්ථානයන්හි 30 දෙනෙකු දක්වාත් සිටීමට හැකියාව හිමි වේ.
වික්ටෝරිය ප්‍රාන්තයේ 80% පිරිසට එන්නත් කරණය සිදු කල පසු ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ සහ මෙට්‍රොපොලිටන් ප්‍රදේශ සඳහා පවතින සීමාවන් සමාන ත්වයකට පැමිණේ.

ඉන් අනතුරුව සම්පුර්ණ එන්නත් ලබාගත් පුද්ගලයින් 10 දෙනෙකුට වෙනත් පුද්ගලයකුගේ නිවසට යාමට හැකිවන අතර පුද්ගලයින් 30 දෙනෙකුට එළිමහනේ රැස්වීමට හැකියාව හිමි වේ.

නත්තල් දිනය වන විට එක නිවසකට අමුත්තන් 30 දෙනෙකු පමණ යාමට හැකියාව හිමි වන අතර ප්‍රාන්ත අතර සංචාරය නැවත විවුර්ත වේ යැයි විශ්වාස කරන බවද වික්ටෝරියානු අග්‍රාමාත්‍යවරයා පවසයි.

Greater Geelong ,The Surf Coast සහ Mitchell Shire යන ප්‍රදේශ දින 7 lockdown තත්ත්වයකට පත් කිරීම

මේ අතර Greater Geelong, the Surf Coast and Mitchell Shire යන ප්‍රදේශ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දින 7ක් Lockdown තත්වයකට පත් කල අතර මෙම ප්‍රදේශයන්ගෙන වාර්තා වන ආසාදිතයින් ඉහල යාම ඊට හෙතුව් වී තිබේ.

ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසන්නේ මෙලෙස පනවා ඇති සීමා මීට පෙර ඇතැම් ප්‍රදේශ වලට පැනවූ සීමාවන්ට සමාන වන අතර මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශවාසීන් තේරුම් ගෙන ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

සිඩ්නි හි අවදානමක් සහිත පාලන ප්‍රදේශ 12 තුල සීමාවන් ලිහිල් වීම

  • නිව් සවුත්ව් වේල්ස්  ප්‍රාන්තයේ මේ වනවිට අවදානම් සහිත බවට හඳුනාගෙන ඇති පාලන ප්‍රදේශ 12 සඳහා වූ දැඩි සීමා අද සිට ලිහිල් වන අතර ඒ අනුව සම්පුර්ණ එන්නත් ලැබූ පුද්ගලයින් 5 දෙනෙකු හට එළිමහනේ රැස්වීමට හැකියාව හිමි වේ.
  • එමෙන්ම 5 KM ක දුර ප්‍රමාණයක එළිමහනේ විනෝදාස්වාදය සඳහා යාමටද හැකියාව හිමි වේ.
  • එළිමහනේ ව්‍යායාම කිරීම සඳහා වන කාලයද සීමා නොවන අතර මේ මස 27 වැනිදා සිට ප්‍රාන්තය පුරා පිහිනුම් තටාක නැවත විවුර්ත කෙරේ.
මේ වනවිට ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ අඩු මට්ටමක් දක්නට ලැබුනත් මේ වනතෙක් මෙහි පවතින භයානක කම පහව ගොස් නොමැති බව ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ ඉදිරියේදී පවතින සීමා ලිහිල් කිරීම මත ආසාදිතයින්ගේ ඉහල යාම සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කිරීම පිළිගන්නා අතර ප්‍රාන්ත රජය මේ වනවිට නිසි සහ සමබර තීරණයකට එළඹ ඇති බවයි.

මේ හේතුවෙන් සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව වුවත් දැඩි අවධානයෙන් සිටින ලෙසත් සහ ඒ වනවිට සීමාවන්ට අනුකුලව කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ප්‍රාන්ත වැසියන් හට සඳහන් කොට සිටී.


Share