නොවැ 9දා SBS සිංහල පුවත්: දකුණු ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිත දරුවන්ට වීඩියෝ තාක්ෂනය ඔස්සේ ප්‍රතිකාර ලබාදීම ඇරඹේ

Happy Boy Sitting By Puppy On Sofa At Home

little boy Sitting By Puppy On Sofa At Home. Image Source: Getty

Get the SBS Audio app

Other ways to listen

2021 නොවැම්බර් මස 9 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ Highlights

  • කොවිඩ් එන්නත්කරණයට ලක් නොවූ පාසැල් සිසුන් සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ක්‍රමය හඳුන්වා දීමට වික්ටෝරියා ප්‍රාන්තය සුදානම් වේ.
  • දකුණු ඔස්ට්‍රේලියාව COVID-19 අසාදිත දරුවන්ට වීඩියෝ තාක්ෂනය උපයෝගී කොටගෙන නිවසේදී ප්‍රතිකාර ලබාගැනීමට හැකි ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වා දීමට සුදානම් වේ
  • ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරියෙහි පවතින කොරෝනා සීමා කිරීම් තවදුරත් ලිහිල් කිරීමට ටෙරටරි රජය බලාපොරොත්තු වේ.
  • වර්ගවාදය පිටුදැකීම වෙනුවෙන් වන ක්‍රමෝපායන් සැකසීම අරමුණු කොට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඔන්ලයින් සමීක්ෂණයක් ආරම්භ කරයි.
  • ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙකම ලබා නොගත් ජනතාවට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිවේ.
  • මතභේදයට තුඩුදුන් චීන පොහොර සමාගම, ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයෙන් ඩොලර් මිලියන අටක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කරයි.
  • තලේබාන් පාලනයේද සහය ඇතිව ඇෆ්ඝනිස්ථානයේ පෝලියෝ මර්දන ක්‍රියාවලිය ඇරඹීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමත්වෙයි.
  • ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම වසර 24කට පසුව පකිස්ථාන සංචාරයක් සඳහා සහභාගී වන ලකුණු.
  • තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකට සහභාගි වීමට බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවට පැමිනෙයි

Share