වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි අවම ලකුණුවල සුබදායී වෙනසක්

Skilled Migration

Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව වික්ටෝරියානු 190 සහ 491 වීසා සඳහා 2022 අප්‍රේල් මාසයේදී ලැබුණු Registrations of Interest හෙවත් ROI ප්‍රමාණය සහ ඒවායින් වීසා නාමයෝජනා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී සලකා බැලු අවම ලකුණු මට්ටම පිළිබඳ තොරතුරු වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වන විට නිකුත් කර ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


2022 අප්‍රේල් - වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා නාම යෝජනා

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 190 වීසා කෝටාව 3,500 කි.

2022 අප්‍රේල් 30 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 13,386 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 3,204 ක් ඉදිරිපත් කර ඇත.

190 වීසා යනු සෘජුවම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන ස්ථිර වීසා බලපත්‍රයකි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


2022 අප්‍රේල් - වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා නාම යෝජනා

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 491 වීසා කෝටාව 750 කි.

2022 අප්‍රේල් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 2,100 ක් ලැබී ඇති අතර වික්ටෝරියානු වීසා නාමයෝජනා සඳහා අයදුම්පත් 694 ක් ඉදිරිපත් කර ඇත.

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා සඳහා ROI යොමු කිරීම පසුගිය අප්‍රේල් 29 දිනෙන් අවසන් කර ඇත.

491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.

මේ හරහා 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.
Victoria Skilled visa invitation April round update
Source: Getty Images/triloks

Target sectors වලට අනුව ලැබී ඇති ROI සහ සලකා බැලූ අවම ලකුණු

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 8 ක් යටතේය.

ඒ ඒ ඉලක්කගත අංශ වෙත පසුගිය අප්‍රේල් මාසය වන විට ලැබුණු ROI සහ ඒවා සඳහා වීසා නාම යෝජනා දීමට සලකා බැලූ අවම ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.

01. Advanced Manufacturing

190 වීසා සඳහා ලැබුණු ROI - 1,242

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85

491 වීසා සඳහා ලැබුණු ROI - 155

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85

02. Agri-food

190 වීසා සඳහා ලැබුණු ROI - 490

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80

491 වීසා සඳහා ලැබුණු ROI - 152

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80

 

03. Creative Industries

190 වීසා සඳහා ලැබුණු ROI - 94

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 70

491 වීසා සඳහා ලැබුණු ROI - 10

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ

 

04. Digital

190 වීසා සඳහා ලැබුණු ROI - 2,965

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95

491 වීසා සඳහා ලැබුණු ROI - 375

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75


05. Health

190 වීසා සඳහා ලැබුණු ROI - 4,925

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75

491 වීසා සඳහා ලැබුණු ROI - 545

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 65

 

06. Life Sciences

190 වීසා සඳහා ලැබුණු ROI - 500

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

491 වීසා සඳහා ලැබුණු ROI - 53

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75

 

07. Medical Research

190 වීසා සඳහා ලැබුණු ROI - 296

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75

491 වීසා සඳහා ලැබුණු ROI - 07

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - සඳහන් නොවේ

 

08. New Energy, Emissions Reduction and Circular Economy

190 වීසා සඳහා ලැබුණු ROI - 1,202

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

491 වීසා සඳහා ලැබුණු ROI - 111

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80



Share