බහුතරයක් ඔස්ට්‍රේලියානුවන් සුදු පැහැති මුහුණු දැකීමට වැඩි කැමැත්තක් දක්වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි (SBS සිංහල/ වාර්තා)

Protesters participate in a Black Lives Matter rally in Brisbane

Three in four Australians hold racial bias against Indigenous people Source: AAP

සෑම ඔස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකුම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව වර්ණවාදී ලෙස සිතන හෝ කටයුතු කරන බව අනාවරණය වී තිබේ.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


 

මෙය බොහෝ විට නොදැනුවත්ව සිදු කෙරෙන බවද අදාළ සමීක්ෂණයෙන් හෙළිවී ඇත.
Protesters participate in a Black Lives Matter rally in Brisbane.
Protesters participate in a Black Lives Matter rally in Brisbane. Source: AAP

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට එරෙහි වර්ණවාදය

බහුතරයක් ඔස්ට්‍රේලියානුවන් නොදැනුවත්ව හෝ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව වර්ණවාදී ලෙස සිතන හෝ කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

සෑම ඔස්ට්‍රේලියානුවන් සිව් දෙනෙකුගෙන් තිදෙනෙකුම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව එලෙස වර්ණවාදී ලෙස සිතන හෝ කටයුතු කරන බව අනාවරණය වී ඇත.

වයස, ස්ත්‍රී - පුරිෂ භාවය, රැකියාව, අධ්‍යාපනය හෝ ආදායම් මට්ටම කුමක් වුවද බහුතරයක් ඔස්ට්‍රේලියානුවන් අවිඥානිකව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි ඍණාත්මක දැක්මක් ඇති කරගෙන ඇති බව එම සමීක්ෂණයේ දත්ත පෙන්වා දෙයි.


 

SBS සිංහල සේවය

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

මෙම සමීක්ෂණය හරහා ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි ඇති අදෘශ්‍යමාන බාධකයක් හෙළිදරව් කෙරුණු බව සමීක්ෂණයේ කර්තෘ Siddharth Shirodkar පැවසීය.

මෙය ඇත්තෙන්ම කම්පනය දනවන සුළු පුවතක් වුවද ඒ පිළිබඳව එතරම් පුදුම විය යුතු නැති බවද ඔහු AAP පුවත් වෙත පැවසීය.

මෙම සමීක්ෂණයෙන් ඇත්තටම ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට වඩා ඔස්ට්‍රේලියානු සමාජයේ සෙසු පිරිස් ගැන කියවෙන බවද ඔහු පැහැදිලි කළේය.
Black Lives Matter
Source: AAP

සමීක්ෂණයේ සාරාංශය

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව කාන්තාවන්ට වඩා පිරිමින් වර්ණවාදී ලෙස සිතන සහ ක්‍රියා කරන බව මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.

බටහිර ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්ත වල පිරිස් වැඩි වශයෙන් අවිඥානිකව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි ඍණාත්මක දැක්මක් ඇති බවට හෙළිවී ඇත.

එමෙන්ම Northern Territory සහ ACT හි වෙසෙන පිරිස් වලින් එම ආකල්පය ඉතා අඩු වශයෙන් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

තමන් දැඩි ලෙස වාමාංශික පුද්ගලයින් ලෙස හඳුන්වාගන්නා පුද්ගලයින් පවා ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි ඍණාත්මක දැක්මක් ඇති බවත් දක්ෂිණාංශික ක්‍රියාකරුවන්ගේ එම ආකල්පය ඉතා බලවත් ලෙස ඇති බවත් මෙම සමීක්ෂණයෙන් අනාවරණය විය.

ඇමෙරිකානු ජාතිකයින් ඇමෙරිකාවේ වෙසෙන අප්‍රිකානු - ඇමෙරිකානු සම්භවයක් සහිත පුද්ගලයින්ට එරෙහිව දක්වන ඍණාත්මක ආකල්පයට සමාන ආකල්පයක් ඔස්ට්‍රේලියානු ජනයා ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් කෙරෙහි දක්වන බව ද මෙහිදී හෙළිවී තිබේ.

2009 වසරේ පටන් පුරා දශකයක පමණ කාලයක් ඔස්ට්‍රේලියනුවන් 11,000 ක් පමණ මෙම සමීක්ෂණය සඳහා පරීක්ෂා කර ඇත.

බහුතරයක් ඔස්ට්‍රේලියානුවන් සුදු පැහැති මුහුණු දැකීමට වැඩි කැමැත්තක් දක්වන බවද මෙම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇති බව සඳහන්.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 9 June 2020 11:15am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends