Exclusive

ඕස්ට්‍රේලියාවේ 485 ඇතුළු වීසා වර්ග කිහිපයක් ගැන අලුතින්ම ලැබුණු සුබ ආරංචි රැසක් (SBS සිංහල වාර්තා)

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවූ Temporary Graduate හෙවත් 485 වීසා හිමියන්ට replacement හෙවත් ප්‍රතිස්ථාපන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලබා දී තිබේ.

Australian Visa

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා ඛාණ්ඩ කිහිපයකම වීසා කොන්දේසි සහ තත්ත්වයන් සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

මේ සියලු සංශෝධන සාධනීය සංශෝධන ලෙස වාර්තා වේ.


Highlights

  • 2020 පෙබරවාරි 1 හෝ ඊට පසු වීසා කල් ඉකුත් වූ වත්මන් සහ හිටපු 485 වීසා හිමියන්ට නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලැබේ.
  • Coursework මත පදනම් වූ Masters හෙවත් ශාස්ත්‍රපති උපාධිය සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු (VET) විෂය ධාරාවන් හදාරා අවසන් කළ ජාත්‍යන්තර සිසුන් සඳහා වන 485 වීසා කාලය වසර දෙකේ සිට 3 දක්වා දීර්ග කර තිබේ.
  • කොවිඩ් නිසා බලපෑමට ලක්ව ඇති 489, 491 සහ 494 වීසා ලාභීන්ගේ වීසා කාලයද දීර්ග කිරීමට තීරණය කර තිබේ.

485 වීසා ලාභීන්ට සුබ පණිවිඩයක්

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවූ Temporary Graduate හෙවත් 485 වීසා හිමියන්ට replacement හෙවත් ප්‍රතිස්ථාපන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke මේ පිළිබඳ අද (25/11) නිවේදනයක් නිකුත් කළේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


2020 පෙබරවාරි 1 හෝ ඊට පසු වීසා කල් ඉකුත් වූ වත්මන් සහ හිටපු 485 වීසා හිමියන්ට නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මෙය ඉඩ සලසයි.

මෑතකදී ඔස්ට්‍රේලියාවේ උපාධිය ලබා ඇති ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ නොකඩවා රැකියා කිරීමට ඉඩ දීම අරමුණු කරගත් විශේෂිත වෘත්තීන්හි කුසලතා ඇති අය සඳහා මෙම 485 වීසා බලපත්‍ර පිරිනමනු ලබයි.

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින බොහෝ 485 වීසා බලපත්‍රලාභීන්ට රට තුළට පැමිණීමට නොහැකිවී තිබේ.

ඒ හේතුවෙන් එම වීසා බලපත්‍රය යටතේ ඔවුන්ට ඇති හිමිකම් නියමාකාරයෙන් භුක්ති විඳීමට ඔවුනට නොහැකිවී තිබේ.
එක් පුද්ගලයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් මෙම 485 වීසා බලපත්‍රය දැරිය හැකිවේ.

මේ අතර 30,000 කට වැඩි පිරිසකට ඔවුන්ගේ 485 වීසා බලපත්‍ර කල් ඉකුත් වී හෝ කල් ඉකුත් වීමට පටන් ගෙන ඇති බවද වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Coursework මත පදනම් වූ Masters හෙවත් ශාස්ත්‍රපති උපාධිය සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු (VET) විෂය ධාරාවන් හදාරා අවසන් කළ ජාත්‍යන්තර සිසුන් සඳහා වන 485 වීසා කාලය වසර දෙකේ සිට 3 දක්වා දීර්ග කර තිබේ.

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු අංශයේ 485 වීසා අයදුම්කරුවන් සඳහා වන අවශ්‍යතා සරල කිරීමට ද තීරණය කර ඇත.
Australia wants temporary visa holders back ‘as soon as possible’ says Immigration Minister Alex Hawke
Source: Getty Images

489, 491 සහ 494 වීසා සඳහා ද සංශෝධන

කොවිඩ් වසංගතය නිසා වූ සංචාරක සීමා කිරීම් මගින් අහිතකර ලෙස බලපෑමට ලක් වූ 489, 491 සහ 494 වීසා ලාභීන්ගේ වීසා කාලයද දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

ඒ සියලු වීසා ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පමණක් රැකියා කළ යුතු පූර්ණ කාලීන රැකියා වීසා වේ.

ඒවා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට නිශ්චිත කාලයක් අදාළ කලාපයේ නිශ්චිත සේවා පැය ගණනක් රැකියා කළ යුතුවේ.
නමුත් කොවිඩ් හේතුවෙන් එම අවශ්‍යතා සපුරාලීමට බොහෝ 489, 491 සහ 494 වීසා හිමියන්ට නොහැකි විය.

එනිසාම ඔවුන්ගේ වීසා කාලය දීර්ග කිරීමෙන් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මේ වන විට 489, 491 සහ 494 වීසා හිමියන් 9,000 ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිටින බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

** මෙය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සේවා සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් සපයන ලද තොරතුරු ඇසුරින් SBS සිංහල සේවය විසින් සම්පාදනය කරන ලද ලිපියකි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 25 November 2021 4:24pm
Updated 25 November 2021 6:11pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends