දෙසැම්බර් 1 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන වීසා හිමියන් වර්ග මෙන්න (SBS සිංහල/ වාර්තා)

සුදුසුකම් ලත් වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 01 සිට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

Passengers who travelled on Flight SQ237 from Singapore are seen exiting the international arrivals terminal at Tullamarine Airport in Melbourne.

Passengers who travelled on Flight SQ237 from Singapore are seen exiting the international arrivals terminal at Tullamarine Airport in Melbourne. Source: AAP

දෙසැම්බර් 1 වැනිදා සිට සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු වීසා හිමියන්ට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.

අද (22/11) මධ්‍යහනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මේ පිළිබඳ නිවේදනය කළේය.


Highlights

  • සෑම ඔස්ට්‍රේලියානු වීසා ලාභියෙකුටම දෙසැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නොලැබේ.
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට සුදුසුකම් ලත් වීසා හිමියන් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වී සිටිය යුතුය.
  • එම කොවිඩ් එන්නත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක් විය යුතුය.

සුදුසුකම් ලත් වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර

සුදුසුකම් ලත් වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා දෙසැම්බර් 01 සිට විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමිණි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඒ අනුව සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිය හිමි වුවන්ට හැර වෙනත් වීසා ඛාණ්ඩ සඳහා ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කරන පළමු අවස්ථාව ලෙස මෙය හැඳින්වේ.

කෙසේවෙතත්, එම සුදුසුකම් ලත් වීසා හිමියන් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වී සිටිය යුතුය.

එනම් කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා තිබිය යුතුය.

දෙසැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර වීසා හිමියන්

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද සිදුකළ නිවේදනයට අනුව සෑම ඔස්ට්‍රේලියානු වීසා ලාභියෙකුටම දෙසැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර නොලැබේ.

ඒ සඳහා සුදුසුකම් ලත් වීසා ඛාණ්ඩ කිහිපයක් අගමැති මොරිසන් විසින් නිවේදනය කළේය.
එම සුදුසුකම් ලත් වීසා හිමියන් පහත පරිදි වේ.

  • Subclass 200 – Refugee visa
  • Subclass 201 – In-country Special Humanitarian visa
  • Subclass 202 – Global Special Humanitarian visa
  • Subclass 203 – Emergency Rescue visa
  • Subclass 204 – Woman at Risk visa
  • Subclass 300 – Prospective Marriage visa
  • Subclass 400 – Temporary Work (Short Stay Specialist) visa
  • Subclass 403 – Temporary Work (International Relations) visa (other streams, including Australian Agriculture Visa stream)
  • Subclass 407 – Training visa
  • Subclass 408 – Temporary Activity visa
  • Subclass 417 – Working Holiday visa
  • Subclass 449 – Humanitarian Stay (Temporary) visa
  • Subclass 457 – Temporary Work (Skilled) visa
  • Subclass 461 – New Zealand Citizen Family Relationship visa
  • Subclass 462 – Work and Holiday visa
  • Subclass 476 – Skilled – Recognised Graduate visa
  • Subclass 482 – Temporary Skill Shortage visa
  • Subclass 485 – Temporary Graduate visa
  • Subclass 489 – Skilled – Regional (Provisional) visa
  • Subclass 491 – Skilled Work Regional (Provisional) visa
  • Subclass 494 – Skilled Employer Sponsored Regional (Provisional) visa
  • Subclass 500 – Student visa
  • Subclass 580 – Student Guardian visa (closed to new applicants)
  • Subclass 590 – Student Guardian visa
  • Subclass 785 – Temporary Protection visa
  • Subclass 790 – Safe Haven Enterprise visa
  • Subclass 870 – Sponsored Parent (Temporary) visa
  • Subclass 988 – Maritime Crew visa
Qantas welcomes travellers back on board to its international passenger flights to Singapore as part of the new travel bubble.
Source: Qantas Twitter

පැමිණීමේ කොන්දේසි

දෙසැම්බර් 01 සිට පැමිණෙන සුදුසුකම් ලත් වීසා ලාභීන් පහත සඳහන් කොන්දේසි සපුරා ට්ව්හිබිය යුතුය.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබිය යුතුය.
  • එය සහතික කරන වලංගු කොවිඩ් එන්නත් සහතිකයක් පෙන්විය යුතුය.
  • එම කොවිඩ් එන්නත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක් විය යුතුය.
  • තම රටින් පිටවීමට පැය 72 කට පෙර PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බවට සනාථ කළ යුතුය.
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු අදාළ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නිරෝධායන අවශ්‍යතාවලට අනුකූල විය යුතුය.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාව විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් කොවිඩ් එන්නත් කිහිපයක් සඳහා අනුමැතිය ලබා දී ඇති අතර තවත් එන්නත් කිහිපයක් පිළිගෙන තිබේ.

ඒ පිළිබඳ සම්පුර්ණ විස්තරයක් පහත ලිපියෙන් ලබාගත හැකිය.

ලක්ෂ 2 ක පිරිසක් ගෙන්වා ගැනීමට අපේක්ෂාවක්

ඉහත සඳහන් වීසා ඛාණ්ඩවල සිටින ලක්ෂ 2 ක පමණ පිරිසක් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී ඔස්ට්‍රේලියාවට පැමිණෙතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

නිපුණතා සංක්‍රමණිකයින් සහ ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවට යළි පැමිණීම සංචාරකයින් ඔස්ට්‍රේලියාවට යළි ගෙන්වා ගැනීමේ මාර්ගයේ ප්‍රධාන සන්ධිස්ථානයක් බව අගමැති මොරිසන් පැවසුවේය.

ඉතා දැඩිව දැනෙන පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිරවීම සහ ජාතියේ ආර්ථිකයට සහාය වීම සඳහා ව්‍යාපාරික කණ්ඩායම් සහ ඇතැම් ප්‍රාන්ත සංක්‍රමණිකයින් ගේ පැමිණීම ඉහළ දමන ලෙස ඉල්ලා ඇත.

මේ අතර ජාත්‍යන්තර සිසුන් 130,000 ක් පමණ ඔස්ට්‍රේලියාවෙන් පිටත රැඳී සිටින බව Universities Australia හි ප්‍රධාන විධායිකා Catriona Jackson පැවසුවාය.

2022 විශ්ව විද්‍යාල වර්ෂයේ ආරම්භක අධ්‍යන වාරය සඳහා ජාත්‍යන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham පැවසීය.

මේ අතර දෙසැම්බර් 1 සිට සංචාරක නිදහස් කිරීමක් සඳහා ඉල්ලුම් කිරීමකින් තොර පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජපාන සහ දකුණු කොරියා පුරවැසියන්ටද ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.

Share
Published 22 November 2021 7:48pm
Updated 12 August 2022 3:01pm
By Tom Stayner, Anna Henderson, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends