PTE ඉංග්‍රීසි පරීක්ෂණය නොවැම්බර් 16 සිට වෙනස් වෙයි, සියලු තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

2021 නොවැම්බර් 16 සිට PTE Academic පරීක්ෂණයේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

PTE Academic Test changed from 16 November 2021

Source: Getty Images/FatCamera

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීමේ ලොව ප්‍රකට පරීක්ෂණයක් වන PTE Academic පරීක්ෂණයේ වෙනස්කම් කිහිපයක් පසුගිය නොවැම්බර් 16 වනදින සිට සිදු කෙරුණි.

එම වෙනස්කම්  පිළිබඳ මෙන්ම ඒවා PTE Academic පරීක්ෂණයට මුහුණ දෙන පුද්ගලයින්ට බලපාන අයුරු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • පැය 3 ක් පැවති PTE Academic පරීක්ෂණය පැය 2 ක් දක්වා 2021 නොවැම්බර් 16 සිට අඩු කර තිබේ.
  • සමස්තයක් වශයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද ප්‍රශ්න පරාසය 70-82 ක් වූ නමුත් දැන් එය 52-64 දක්වා අඩු කර ඇත.
  • පරීක්ෂණය අතරේ ලබාගැනීමට හැකියාවක් තිබූ අනිවාර්ය නොවන මිනිත්තු 10 ක විවේකය ද ඉවත් කර තිබේ.

PTE Academic පරීක්ෂණයේ වෙනස්කම්

2021 නොවැම්බර් 16 සිට PTE Academic පරීක්ෂණයේ පහත සඳහන් වෙනස්කම් සිදුකර තිබේ.

  • පැය 3 ක් පැවති PTE Academic පරීක්ෂණය පැය 2 ක් දක්වා අඩු කිරීම.
  • ඇතැම් ප්‍රශ්න වර්ග සඳහා ඉදිරිපත් කරන ප්‍රශ්න සංඛ්‍යාව ඒ අනුව අඩු කර තිබේ.
  • සමස්තයක් වශයෙන් මීට පෙර ඉදිරිපත් කරන ලද ප්‍රශ්න පරාසය 70-82 ක් වූ නමුත් දැන් එය 52-64 දක්වා අඩු කර ඇත.
  • පරීක්ෂණය අතරේ ලබාගැනීමට හැකියාවක් තිබූ අනිවාර්ය නොවන මිනිත්තු 10 ක විවේකය ද ඉවත් කර තිබේ.
  • PTE Academic පරීක්ෂණය Speaking, Writing, Reading සහ Listening  යනුවෙන් කොටස් 4 කින් සමන්විත වේ.
  • පැය 2 ක කාලයකට අඩු කළ මෙම නව PTE Academic පරීක්ෂණයේ එම කොටස් සඳහා ලබා දී ඇති කාලය Pearson ආයතනය විසින් පහත පරිදි විස්තර කර තිබේ.
PTE new test format
PTE new test format timing Source: pearsonpte

ප්‍රශ්න වර්ගවල වෙනසක් නොමැත

PTE Academic පරීක්ෂණයේ තිබෙන ප්‍රශ්න වර්ගවල කිසිදු වෙනස්කමක් සිදු කර නැති බව Pearson ආයතනය පවසයි.

ඒ අනුව PTE Academic පරීක්ෂණයේ මෙතෙක් තිබූ ප්‍රශ්න වර්ග 20 ම මෙම පැය දෙකේ පරීක්ෂණයේ ද තිබෙන බව එම ආයතනය පවසයි.

කෙසේවෙතත්, ඇතැම් ප්‍රශ්න වර්ග වල පැමිණෙන ප්‍රශ්න සංඛ්‍යාව අඩු කර ඇති බව වාර්තා වේ.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


කොටස් හතරේ පැමිණෙන ප්‍රශ්න සංඛ්‍යාවේ සිදු කෙරුණු අඩු කිරීම්

2021 නොවැම්බර් 16 සිට PTE Academic පරීක්ෂණය පැය 2 කට කාලය අඩු කිරීමත් සමග Speaking, Writing, Reading සහ Listening යන කොටස් හතරේ පැමිණෙන ප්‍රශ්න සංඛ්‍යාව අඩු කර ඇති ආකාරය Pearson ආයතනය විසින් පහත පරිදි විස්තර කර තිබේ.

Speaking & Writing

PTE Speaking & Writing New Question range
Source: pearsonpte

Reading

PTE reading New Question range
Source: pearsonpte

Listening

PTE Listening New Questions range
Source: pearsonpte

Share
Published 18 November 2021 12:51pm
Updated 18 November 2021 1:19pm
By Madhura Seneviratne

Share this with family and friends