කොවිඩ් එන්නත ලැබූ ජාත්‍යන්තර සිසුන්ට දෙසැම්බර් 6 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර (SBS සිංහල/ වාර්තා)

ජාත්‍යන්තර සිසුන් රැගත් පළමු විශේෂ ගුවන් යානය දෙසැම්බර් 6 වනදා සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර සිසුන් 250 ක් එයින් පැමිණීමට නියමිතය.

Vaccinated international students are allowed to travel to Australia from December 6

Medical and postgraduate research students will be given priority under Victoria's student return plan. Source: Getty Images/izusek

කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ව දෙසැම්බර් මාසයේදී ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තීරණය කර තිබේ.

එසේ පැමිණෙන ජාත්‍යන්තර සිසුන් නිරෝධායනය වීම අනවශ්‍ය බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කරයි.


Highlights

  • ජාත්‍යන්තර සිසුන් රැගත් පළමු විශේෂ ගුවන් යානය දෙසැම්බර් 6 වනදා සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර සිසුන් 250 ක් එයින් පැමිණීමට නියමිතය.
  • ඉන්දුනීසියාව, සිංගප්පූරුව, වියට්නාමය, චීනය සහ කැනඩාව වැනි රටවල පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන් එම ගුවන් යානයෙන් පැමිණෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වයි.
  • ජාත්‍යන්තර සිසුන් රැගෙන පැමිණෙන දෙවැනි විශේෂ ගුවන් යානය දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර සිසුන් රැගෙන පැමිණීමට නියමිතය.

ජාත්‍යන්තර සිසුන් ලබන මාසයේ NSW ප්‍රාන්තයට

ලබන මාසයේ සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමට තීරණය කර ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටී.

එසේ පැමිණෙන ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමත කළ හෝ පිළිගෙන ඇති හෝ කොවිඩ් එන්නතක මාත්‍රා දෙකම ලබා තිබිය යුතුය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට එලෙස පැමිණෙන ජාත්‍යන්තර සිසුන් හට නිරෝධායනය වීම අනවශ්‍ය බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කරයි.
ජාත්‍යන්තර සිසුන් රැගත් පළමු විශේෂ ගුවන් යානය දෙසැම්බර් 6 වනදා සිඩ්නි නුවරට පැමිණීමට නියමිත අතර සිසුන් 250 ක් එයින් පැමිණීමට නියමිතය.

ඉන්දුනීසියාව, සිංගප්පූරුව, වියට්නාමය, චීනය සහ කැනඩාව වැනි රටවල පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන් එම ගුවන් යානයෙන් පැමිණෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වයි.

ජාත්‍යන්තර සිසුන් රැගෙන සිඩ්නි නුවරට පැමිණෙන දෙවැනි විශේෂ ගුවන් යානය ද මේ වන විට සූදානම්ව පවතී.

එය දකුණු ආසියානු කලාපයේ ජාත්‍යන්තර සිසුන් රැගෙන පැමිණීමට නියමිත බව සඳහන්.
NSW Premier Dominic Perrottet
NSW Premier Dominic Perrottet Source: AAP

ඔස්ට්‍රේලියාව විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්

ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය  ලබා දී ඇති කොවිඩ් එන්නත් වර්ග 4 කි.

ඒවා පහත පරිදි වේ.

01. Pfizer

02. AstraZeneca

03. Moderna

04. Johnson and Johnson
ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සංචාරකයින් විසින් ලබා ඇති තවත් කොවිඩ් එන්නත් වර්ග 4 ක් මේ වන විට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබේ.

ඒවා පහත පරිදි වේ.

01. ඉන්දියාවේ නිෂ්පාදිත Covishield

02. ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin

03. චීනයේ නිෂ්පාදිත Sinovac

04. චීනයේ නිෂ්පාදිත Sinopharm


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


වැදගත් සන්ධිස්ථානයක්

කොවිඩ් වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සංචාරකයින් ගෙන්වා ගැනීමේ ගමන් මගේ මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.

ජාත්‍යන්තර සිසුන් නිව් සවුත් වේල්ස් ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයනවා පමණක් නොව ඔවුන් ඔස්ට්‍රේලියානු සංස්කෘතියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර ඔස්ට්‍රේලියානු ප්‍රජාවට සහ ජීවන රටාවට දායක වන බව ඔහු පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගතයෙන් පසුව මහා පරිමාණයෙන් ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට රැගෙන එන පළමු ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වේ.

Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගැනීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උපකුලපතිවරුන්ගේ කමිටුවේ කැඳවුම්කරු Barney Glover ප්‍රාන්ත රජයේ මෙම තීරණය පිළිබඳ සිය ප්‍රශංසාව එක් කළේය.

මේ වසර අවසන් වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ACT විශ්ව විද්‍යාල වෙත පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන් 500 ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

මාස 18 කටත් වැඩි කාලයක් සැලසුම් කිරීමෙන් පසුව මෙම ප්‍රතිඵලය අත්කරගත් බව ද මහාචාර්ය Barney Glover පැවසීය.

Share
Published 15 November 2021 8:14pm
Source: AAP, SBS


Share this with family and friends