නිවසේ සිටම IELTS පරීක්ෂණයට මුහුණ දීමට 2022 වසරේ සිට අවස්ථාව (SBS සිංහල/ වාර්තා)

2022 වසරේ මුල සිට නිවසේ සිටම IELTS කිරීමට අවස්ථාව ලබාදෙන බව IELTS සංවිධායකයෝ නිවේදනය කරති.

IELTS Online starts global rollout early in 2022

Source: SBS Sinhala/ Madhura Seneviratne

සැලසීමට IELTS සංවිධායකයින් පියවර ගෙන තිබේ.

ඒ අනුව 2022 වසරේ මුල සිට මේ අවස්ථාව හිමිවන බව IELTS සංවිධායකයෝ නිවේදනය කරති.


Highlights

  • තමන්ගේ නිවසේ සිට හෝ වෙනත් සුදුසු ස්ථානයක සිට හෝ මෙම IELTS Online පරීක්ෂණයට මුහුණ දීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබේ.
  • දැනට ක්‍රියාත්මක කෙරෙන සාම්ප්‍රදායික ලිඛිත IELTS පරීක්ෂණයේ සහ පරිගණකය ආශ්‍රිතව කෙරෙන IELTS පරීක්ෂණයේ අන්තර්ගතයම සහ ආකෘතියම මෙම IELTS Online පරීක්ෂණයේ ද ඇත.
  • IELTS Online පරීක්ෂණයට පෙනී සිට දින 3 ක් ඇතුළත ඉතා ඉක්මණින් ප්‍රතිඵල ලබාගැනීමට හැකිය.

2022 මුල සිට IELTS පරීක්ෂණය නිවසේ සිටම

මෙම IELTS Online පරීක්ෂණය IELTS Academic ධාරාවේ පරීක්ෂණ සඳහා ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.

ඒ අනුව තමන්ගේ නිවසේ සිට හෝ වෙනත් සුදුසු ස්ථානයක සිට හෝ මෙම IELTS Online පරීක්ෂණයට මුහුණ දීමට අයදුම්කරුවන්ට අවස්ථාව ලැබේ.

කෙසේනමුත්, දැනට ක්‍රියාත්මක කෙරෙන සාම්ප්‍රදායික ලිඛිත IELTS පරීක්ෂණයේ සහ පරිගණකය ආශ්‍රිතව කෙරෙන IELTS පරීක්ෂණයේ අන්තර්ගතයම සහ ආකෘතියම මෙම IELTS Online පරීක්ෂණයේ ද ඇති බව IELTS සංවිධායකයෝ පවසති.

එමෙන්ම IELTS Online පරීක්ෂණය සඳහා real-time මුහුණට මුහුණ සිදුකෙරෙන speaking test හෙවත් කථන පරීක්ෂණයක් ද ඇතුළත් වේ.

එය පුහුණු IELTS පරීක්ෂකවරුන් විසින් online මාර්ගයෙන් සිදුකරයි.
ielts
Source: Pixabay

ලොව පුරා IELTS විභාග අපේක්ෂකයින්ට තවත් විකල්පයක්

IELTS Online පරීක්ෂණය ලොව පුරා IELTS විභාග අපේක්ෂකයින්ට තවත් විකල්පයක් එක් කෙරෙන අතර එය ඔවුන්ට අලුත් සහ පහසු අත්දැකීමක් ලබාදෙනු ඇතැයි Cambridge Assessment English හි IELTS කළමණාකාර අධ්‍යක්ෂිකා Christine Nuttall පැවසුවාය.

මෙම නව විකල්පය IELTS පරීක්ෂණය ලබා ගැනීමේදී අයදුම්කරුවන්ට වැඩි නම්‍යශීලී බවක් ලබා දෙනු ඇති බවද ඇය සඳහන් කළාය.
IELTS Online පරීක්ෂණයට පෙනී සිට දින 3 ක් ඇතුළත ඉතා ඉක්මණින් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවීම IELTS Online පරීක්ෂණයේ ඇති තවත් වාසියකි.

IELTS Online පරීක්ෂණය ආරම්භ කිරීමෙන් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය සනාථ කිරීමට අවශ්‍ය පුද්ගලයින් විශාල ප්‍රමාණයකට තමන්ගේ අරමුණු කරා යාමට මහත් සහයෝගයක් වනු ඇති බවද IELTS කළමණාකාර අධ්‍යක්ෂිකා Christine Nuttall පැවසුවාය.

IELTS Online පරීක්ෂණය පරිගණක සහ අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බැවින් IELTS පරීක්‍ෂකවරුන්ගේ විශේෂඥභාවය සම්පූර්ණ කිරීම සඳහා අති නවීන AI සහ අති නවීන ආරක්‍ෂක විශේෂාංග භාවිත කරන බවද ඇය සඳහන් කළාය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 9 November 2021 2:08pm
Updated 9 November 2021 2:10pm
By Madhura Seneviratne

Share this with family and friends