වික්ටෝරියා හි Medical Research සහ Health අංශවලින් ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට වැඩි ඉඩක් (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 7 ක් යටතේය.

More chance to get Permanent Residency in Australia from Medical Research and Health sectors in Victoria

More chance to get Permanent Residency in Australia from Medical Research and Health sectors in Victoria Source: SBS/Getty Images/FatCamera

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු යාවත්කාලීන කර තිබේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඒ අනුව වික්ටෝරියානු 190 සහ 491 වීසා සඳහා සැප්තැම්බර් මාසයේදී ලැබුණු Registrations of Interest හෙවත් ROI ප්‍රමාණය සහ ඒවායින් වීසා නාමයෝජනා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී සලකා බැලු අවම ලකුණු මට්ටම පිළිබඳ තොරතුරු වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වන විට නිකුත් කර ඇත.


Highlights

  • 2021 සැප්තැම්බර් 30 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 6,110 ක් ලැබී ඇති නමුත් ඉන් 384 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
  • 2021 සැප්තැම්බර් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 928 ක් ලැබී ඇති නමුත් ඉන් 73 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
  • Medical Research අංශයේ 190 වීසා සඳහා වන අවම ලකුණු ප්‍රමාණය 75 ක් වන අතර Health සඳහා අවම ලකුණු 85 කි.

වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා

190 වීසා යනු සෘජුවම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන ස්ථිර වීසා බලපත්‍රයකි.

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 190 වීසා කෝටාව 3,500 කි.

2021 සැප්තැම්බර් 30 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 6,110 ක් ලැබී ඇති නමුත් ඉන් 384 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
NSW 491 visa January 2022 ROI submission window is open now
Australian visa in passport Source: SBS

වික්ටෝරියා ප්‍රාන්තයේ 491 වීසා

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයට වෙන් කර ඇති 491 වීසා කෝටාව 500 කි.

2021 සැප්තැම්බර් 30 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 928 ක් ලැබී ඇති නමුත් ඉන් 73 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.

මේ හරහා 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.
More chance to get Permanent Residency in Australia from Medical Research and Health sectors in Victoria
Source: Getty Images/People Images

Target sectors වලට අනුව ලැබී ඇති ROI සහ සලකා බැලූ අවම ලකුණු

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 7 ක් යටතේය.

ඒ ඒ ඉලක්කගත අංශ වෙත සැප්තැම්බර් මාසය වන විට ලැබුණු ROI සහ ඒවා සඳහා වීසා නාම යෝජනා දීමට සලකා බැලූ අවම ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.
01. Advanced Manufacturing

190 වීසා සඳහා ලැබුණු ROI - 588

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85

491 වීසා සඳහා ලැබුණු ROI - 65

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95

02. Agri-food

190 වීසා සඳහා ලැබුණු ROI - 242

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80

491 වීසා සඳහා ලැබුණු ROI - 72

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95

03. Digital

190 වීසා සඳහා ලැබුණු ROI - 1,276

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95

491 වීසා සඳහා ලැබුණු ROI - 202

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

04. Health

190 වීසා සඳහා ලැබුණු ROI - 2,271

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 85

491 වීසා සඳහා ලැබුණු ROI - 201

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 65

05. Life Sciences

190 වීසා සඳහා ලැබුණු ROI - 216

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

491 වීසා සඳහා ලැබුණු ROI - 20

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75

06. Medical Research

190 වීසා සඳහා ලැබුණු ROI - 123

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 75

491 වීසා සඳහා ලැබුණු ROI - 02

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

07. New Energy, Emissions Reduction and Circular Economy

190 වීසා සඳහා ලැබුණු ROI - 627

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

491 වීසා සඳහා ලැබුණු ROI - 44

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 80


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 29 October 2021 4:14pm
By Madhura Seneviratne

Share this with family and friends