ඔස්ට්‍රේලියාවේ PR ගැනීමට රැකියා කළ යුතු වික්ටෝරියා ප්‍රාන්තයේ IT රැකියා මෙන්න (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට නම් මේ වන විට ඩිජිටල් ක්ෂේත්‍රය යටතේ නම් කර ඇති නිශ්චිත අංශයක රැකියාවක් කළ යුතුවේ.

Victoria updated their Digital Sector with Specific focus segments

Source: Getty Images/Luis Alvarez

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන හෙවත් නිපුණතා වීසා වැඩසටහන මේ වන විට විවෘත කර තිබේ.

STEM (Science, Technology, Engineering, Math) කුසලතා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍ර 7ක සේවය කරන අයදුම්කරුවන් ට මේ සඳහා අයදුම් කළ හැකිය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


එහි ඇති Digital ක්ෂේත්‍රයට අයත් වන වෘත්තීය අංශ පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මේ වන විට නිශ්චිත පැහැදිලි කිරීමක් කර තිබේ.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් ක්ෂේත්‍රයෙහි 190 වීසා සඳහා අයදුම් කිරීමට නම් ඒ සඳහා නම් කර ඇති නිශ්චිත අංශයක රැකියාව කළ යුතුය.
  • නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් ක්ෂේත්‍රයේ ඕනෑම අංශයක රැකියා කරන අයදුම්කරුවන් 491 වීසා නාම යෝජනා සඳහා තෝරා ගැනීම සඳහා සලකා බලනු ඇත.
  • 190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමි කරදෙන වීසා බලපත්‍රයකි.

Digital ක්ෂේත්‍රයේ නිශ්චිත වෘත්තීය අංශ

වික්ටෝරියානු ප්‍රාන්තයේ Digital ක්ෂේත්‍රයේ නම් කර ඇති මෙම නිශ්චිත වෘත්තීය අංශ අදාළ වන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් 190 වීසා සඳහා අයදුම් කරන පිරිස් සඳහා පමණි.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් ක්ෂේත්‍රයෙහි 190 වීසා සඳහා අයදුම් කිරීමට නම්, ඔබ පහත සඳහන් එක් අංශයක රැකියාව කළ යුතුය:

  • AgriTech
  • Artificial intelligence
  • Cyber security
  • Digital games
  • EduTech
  • Energy and resources tech
  • FinTech
  • GPS imaging and geospatial
  • Health and medtech
  • Robotics and automation
  • Smart cities and infrastructure tech
  • Transport tech
ඉහත එක් අංශයක රැකියාව නොකරන අයදුම්කරුවන් වෙනත් ඉලක්ක කරගත් අංශයක් තුළ ඔවුන්ගේ ඩිජිටල් කුසලතා භාවිතා කරන්නේ නම් ඔවුන්ටද 190 වීසා සඳහා අයදුම් කිරීමට හැකියාව පවතිනු ඇත.

වෛද්‍ය පර්යේෂණ අංශයේ රැකියාව කරන මෘදුකාංග ඉංජිනේරුවෙක් උදාහරණයක් වශයෙන් දැක්විය හැකිය.
නමුත් වික්ටෝරියා ප්‍රාන්තයේ ඩිජිටල් ක්ෂේත්‍රයේ ඕනෑම අංශයක රැකියා කරන අයදුම්කරුවන් 491 වීසා නාම යෝජනා සඳහා තෝරා ගැනීම සඳහා සලකා බලනු ඇති බවට වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
Victoria launches a new digital jobs program
Source: Getty Images

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමි කරදෙන වීසා බලපත්‍රයකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ වාසය කළ යුතුය.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක STEM කුසලතා ඇති target sector හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රයක රැකියාවක් කළ යුතුය.
  • ඔබගේ Registration of Interest (ROI) එක තෝරාගෙන තිබිය යුතුය..
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
  • වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • Skilled Visa වලට අදාළව ලකුණු 65 ක් අවම වශයෙන් තිබිය යුතුය.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා

ඔබට 491 වීසා බලපත්‍රය හිමි වුවහොත් ඔබට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වසර 5 ක් වාසය කිරීමටත් පූර්ණ කාලීන රැකියා කිරීමටත් අවසර ලැබේ.

අනතුරුව මේ හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අයදුම් කළ හැකිවේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කළ යුතුය.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක STEM කුසලතා ඇති target sector හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රයක රැකියාවක් කළ යුතුය.
  • ඔබගේ Registration of Interest (ROI) එක තෝරාගෙන තිබිය යුතුය..
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
  • වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • Skilled Visa වලට අදාළව ලකුණු 65 ක් අවම වශයෙන් තිබිය යුතුය.

වික්ටෝරියා ප්‍රාන්තයේ Target Sectors

190 හා 491 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ රැකියා කළ යුතු 

Share
Published 21 September 2021 1:06pm
By Madhura Seneviratne

Share this with family and friends