ඔස්ට්‍රේලියාවේ PR ගන්න වික්ටෝරියා ප්‍රාන්තයේ Early Childhood Teachers, Cooks සහ Chefs ලාට නව මාවතක් (SBS සිංහල/ වාර්තා)

මෙම WSP වැඩසටහන මේ වන විට Hospitality අංශයේ cook සහ chef යන වෘත්තීන් සඳහා මෙන්ම Early Childhood Teachers වෘත්තීය සඳහා විවෘත කර තිබේ.

Immigration to Australia, Migration to Australia, Australian Work Visa

تحديثات فيروس كورونا: نيو ساوث ويلز تبدأ في التعافي وفيكتوريا تعاني Source: Pexels

වික්ටෝරියා ප්‍රාන්තයේ Early Childhood Teachers, Cooks සහ Chefs යන වෘත්තීන් සඳහා 190 වීසා සහ 491 වීසා පිරි නැමීමට ප්‍රාන්ත රජය නව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Workforce Skills Pathway (WSP) නමින් හැඳින්වෙන මෙම වැඩසටහන හරහා Hospitality සහ Early Childhood ක්ෂේත්‍රවල ශ්‍රම හිඟය පිරවීම මූලික අරමුණ වේ.


Highlights

  • Workforce Skills Pathway (WSP) වැඩසටහන හරහා Early Childhood Teachers, Cooks සහ Chefs යන වෘත්තිකයින්ට 190 හෝ 491 වීසා සඳහා අයදුම් කළ හැකිය.
  • ඒ සඳහා ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරමින් අදාළ රැකියාව කරමින් සිටිය යුතුය.
  • යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන වීසා බලපත්‍රයක් වන අතර හරහාද ස්ථිර පදිංචිය ලබාගැනීමට මාවතක් සකසා දෙයි.

Workforce Skills Pathway (WSP) වැඩසටහන

මෙම වැඩසටහන රාජ්‍ය හෝ කර්මාන්ත අංශවල පුළුල් සංවර්ධනයට සහාය විය යුතු අතර මහජන යහපත සඳහා විය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

මේ හරහා වික්ටෝරියා ප්‍රාන්තය පුරා පවතින නිපුණතා සේවකයින්ගේ හිඟය පියවනු ඇති බවට අපේක්ෂා කෙරේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඔබට මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇත්නම් හෝ WSP වැඩසටහන යටතේ අයදුම් කරන ලෙස ඉල්ලා තිබේ නම් අදාළ වීසා nomination සඳහා අයදුම් කිරීමට ඔබ වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට ප්‍රකාශිත target sector එකක හෙවත් ඉලක්ක කරගත් ක්ෂේත්‍රයක රැකියා කිරීම අවශ්‍ය නොවේ.

මෙම WSP වැඩසටහන මේ වන විට Hospitality අංශයේ cook සහ chef යන වෘත්තීන් සඳහා මෙන්ම Early Childhood Teachers වෘත්තීය සඳහා විවෘත කර තිබේ.
The ACT Critical Skills List was updated on 24 June 2022
The ACT Critical Skills List was updated on 24 June 2022 Source: Getty Images

Cook සහ Chef වෘත්තිකයින්

කොවිඩ් වසංගතය හේතුවෙන් Hospitality ක්ෂේත්‍රයේ ඇති වූ ශ්‍රමික හිඟය පියවා ගැනීම සඳහා වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් ඉහළ නිපුණතාවන්ගෙන් සමන්විත Cook සහ Chef වරුන්ට Workforce Skills Pathway (WSP) වැඩසටහන විවෘත කර තිබේ.
මේ යටතේ ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ 190 හා 491 වීසා සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.

නමුත් ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරමින් Cook හෝ Chef කෙනෙකු ලෙස රැකියාව කරමින් සිටිය යුතුය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Early Childhood Teachers හෙවත් මුල් ළමාවිය ගුරුවරුන්

වික්ටෝරියානු ප්‍රාන්ත රජය ලබන වසරේ සිට අවුරුදු තුනක් වයසැති ළමුන් සඳහා Kindergarten හෙවත් බාලාංශ වැඩසටහනක් ආරම්භ කිරීමට සැරසේ.

මේ සඳහා ප්‍රාන්ත රජය පසුගිය දශකය තුළ ඩොලර් බිලියන 5 කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇත.

මෙම ආයෝඡනය හරහා වික්ටෝරියා ප්‍රාන්තය පුරාම 6,000 ක පමණ අමතර ගුරු රැකියා අවස්ථා උත්පාදනය කෙරේ.
අධ්‍යාපන හා පුහුණු දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව සුදුසුකම් ලත් Early Childhood Teachers හෙවත් මුල් ළමාවිය ගුරුවරුන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ 190 හා 491 වීසා පිරිනැමීම මේ හරහා සිදු කෙරේ.

මෙහිදී ඔබ වික්ටෝරියා ප්‍රාන්තයේ වාසය කරමින් මුල් ළමාවිය ගුරුවරයෙකු ලෙස රැකියාව කරමින් සිටිය යුතුය.

ඊට අමතරව Australian Institute for Teaching and School Leadership හරහා Early Childhood (Pre-primary School) Teacher ලෙසට ලබාගත් වලංගු skills assessment එකක්ද ඔබ සතු විය යුතුය.
幼兒教育文憑課程講求實踐經驗
幼兒教育文憑課程講求實踐經驗 Source: Getty Images

මේ සඳහා අයදුම් කරන්නේ කෙසේද?

  • Workforce Skills Pathway වැඩසටහන යටතේ අයදුම් කිරීමට ඔබ සුදුසුදැයි පළමුව තහවුරු කරගන්න.
  • ඔබේ එක යොමු කරන විට ‘Are you applying under a Workforce Skills Pathway?’ යන ප්‍රශ්නයට yes ලෙස පිළිතුරු ලබාදෙන්න.
  • ඔබට අදාළ pathway එක තෝරාගන්න.
  • ඔබගේ Registration of Interest හි සෙසු කොටස් පුරවා submit කරන්න.
  • වික්ටෝරියානු වීසා nomination සඳහා අයදුම් කිරීමට ඔබව තෝරාගෙන තිබේ නම්, අදාළ nomination අයදුම්පත සම්පූර්ණ කරන්න.

Share
Published 7 September 2021 7:13pm
Updated 7 September 2021 7:21pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends