ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගත යුතු අවම ලකුණු ප්‍රමාණය මෙන්න (SBS සිංහල/ වාර්තා)

2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 4,220 ක් ලැබුණු නමුත් ඉන් 226 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

The lowest points required for Victoria 190 & 491 visas were revealed

The lowest points required for Victoria 190 & 491 visas were revealed Source: Getty Images/maybefalse

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සඳහා නවතම තොරතුරු යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව වික්ටෝරියානු 190 සහ 491 වීසා සඳහා අගෝස්තු මාසයේදී ලැබුණු Registrations of Interest හෙවත් ROI ප්‍රමාණය සහ ඒවායින් වීසා නාමයෝජනා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමේදී සලකා බැලු අවම ලකුණු මට්ටම පිළිබඳ තොරතුරු වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත.


 

Highlights

  • 2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 4,220 ක් ලැබුණු නමුත් ඉන් 226 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
  • 2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 525 ක් ලැබුණු නමුත් ඉන් එකකට පමණක් ආරාධනා පත්‍රයක් නිකුත් කර ඇත.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ ඉලක්කගත අංශ 7 ක් යටතේය.

190 වීසා වැඩසටහන

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා සඳහා 3,500 ක කෝටාවක් වෙන් කර තිබේ.

2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 190 වීසා සඳහා ROI 4,220 ක් ලැබුණු නමුත් ඉන් 226 ක් පමණක් තෝරාගෙන ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.

එයින් අයදුම්කරුවන් 105 දෙනෙකු 190 වීසා සඳහා තම අයදුම්පත් මේ වන විට යොමු කර ඇතැයි ද වාර්තා වේ.
The latest updated of Australian Visa Processing time
Source: Getty Images

491 වීසා වැඩසටහන

2021/22 මුල්‍ය වර්ෂය උදෙසා වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා සඳහා 500 ක කෝටාවක් වෙන් කර තිබේ.

2021 අගෝස්තු 31 වන විට වික්ටෝරියා 491 වීසා සඳහා ROI 525 ක් ලැබුණු නමුත් ඉන් එකකට පමණක් ආරාධනා පත්‍රයක් නිකුත් කර ඇත.

491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලබාදෙන වීසා බලපත්‍රයක් වන අතර එය වසර 5 ක කාලයකට වලංගු වේ.

මේ හරහා 191 වීසා නමැති ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව ලබාදෙන වීසා සඳහා අයදුම් කළ හැකිවේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Target sectors වලට අනුව ලැබී ඇති ROI සහ සලකා බැලු අවම ලකුණු

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ නිකුත් කරන 190 සහ 491 වීසා නාමයෝජනා සලකා බලනුයේ Target sectors හෙවත් ඉලක්කගත අංශ 7 ක් යටතේය.

ඒ ඒ ඉලක්කගත අංශ වෙත අගෝස්තු මාසයේදී ලැබුණු ROI සහ ඒවා සඳහා වීසා නාම යෝජනා දීමට සලකා බැලූ අවම ලකුණු ප්‍රමාණය පහත පරිදි වේ.
01. Advanced Manufacturing

190 වීසා සඳහා ලැබුණු ROI - 484

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95

491 වීසා සඳහා ලැබුණු ROI - 54

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

02. Agri-food

190 වීසා සඳහා ලැබුණු ROI - 192

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

491 වීසා සඳහා ලැබුණු ROI - 70

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

03. Digital

190 වීසා සඳහා ලැබුණු ROI - 901

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

491 වීසා සඳහා ලැබුණු ROI - 181

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

04. Health

190 වීසා සඳහා ලැබුණු ROI - 1,902

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

491 වීසා සඳහා ලැබුණු ROI - 175

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

05. Life Sciences

190 වීසා සඳහා ලැබුණු ROI - 165

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95

491 වීසා සඳහා ලැබුණු ROI - 15

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

06. Medical Research

190 වීසා සඳහා ලැබුණු ROI - 82

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 90

491 වීසා සඳහා ලැබුණු ROI - 02

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

New Energy, Emissions Reduction and Circular Economy

190 වීසා සඳහා ලැබුණු ROI - 543

190 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - 95

491 වීසා සඳහා ලැබුණු ROI - 36

491 වීසා සඳහා අවම ලකුණු ප්‍රමාණය - ප්‍රකාශ කර නොමැත

Share
Published 13 September 2021 6:36pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends