දේශ සීමා වසා තිබියදී පවා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන පිරිස් මෙන්න (SBS සිංහල/ වාර්තා)

2020 මාර්තු මස සිට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දමා ඇති අතර අවසරලත් පුද්ගලයින්ට පමණක් ඔස්ට්‍රේලියාවට ඇතුළුවිය හැකිය.

Melbourne Airport rail link

Source: AAP

COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ දේශසීමා මේ වන විට වසාදමා ඇති අතර පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම දැඩි ලෙස පාලනය කර ඇත.

මෙම තත්ත්වය තුළ ඔස්ට්‍රේලියාවට සංචාරය කළ හැක්කේ අවසරයක් ලද පුද්ගලයින්ට පමණි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


එලෙස අවසරලත් පුද්ගලයින් සහ අවසර ලබාගැනීමට සලකා බලන ප්‍රධාන හේතු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • තනි තනිව හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභින්ට කොවිඩ් වසංගත කාලය තුළ ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.
  • ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුගේ හෝ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභියෙකුගේ හෝ සමීපතම පවුලේ සාමාජිකයන්ටද දේශ සීමා වසා තිබුණද ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.
  • දේශ සීමා වසා තිබියදී පවා ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා අවසර ඉල්ලිය හැකි ජාත්‍යන්තර සිසුන් ඛාණ්ඩ කිහිපයක්ද නම් කර තිබේ.

දේශ සීමා වසා දමා තිබියදී වුවද ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි අවසරලද පිරිස්

Individual exemption හෙවත් තනි පුද්ගලයෙකු ලබා ගන්නා අවසරයකින් තොරව වුවද ඔබ පහත ඛාණ්ඩවලින් එක් අයෙකු නම් දේශ සීමා වසා දමා තිබියදී වුවද ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.

  • ඔස්ට්‍රේලියානු පුරවැසියන්
  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභින්
  • ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුගේ හෝ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභියෙකුගේ හෝ සමීපතම පවුලේ සාමාජිකයන්
  • සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ පදිංචි නවසීලන්ත පුරවැසියෙක් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්
  • ඔස්ට්‍රේලියාවට ගුවනින් පැමිණීමට පෙර දින 14 ක් හෝ ඊට වැඩි කාලයක් නවසීලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවේ සිටි පුද්ගලයින්

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


  • ඕස්ට්‍රේලියාවට පැමිණීමට අවසරලත් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් (එම පවුලේ සෑම සාමාජිකයෙකුම වලංගු 995 වීසා බලපත්‍රයක් ලබාගත යුතුය)
  • පැය 72 ක් හෝ ඊට අඩු කාලයක් ඔස්ට්‍රේලියාවේ transit එකක් ඇති පුද්ගලයින්
  • ගුවන් යානා කාර්ය මණ්ඩලය, නාවික නියමුවන් ඇතුළුව නාවික කාර්ය මණ්ඩලය
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනුමත කළ Seasonal Worker වැඩසටහන හෝ Pacific Labour වැඩසටහන යටතේ බඳවා ගත් පුද්ගලයින්
  • Business Innovation and Investment වීස හිමි පුද්ගලයින්
  • ‘Post COVID-19 Economic Recovery Event’ ධාරාවේ Temporary Activity (subclass 408) වීසා බලපත්‍රයක් හිමි පුද්ගලයින්
overseas travellers
Avustralya yüzde 80 çift doz seviyesine ulaşınca güvenli balon sisteminin uygulandığı ülkelerle seyahate ve TGA tarafından onaylı çift doz aşı olmuş Avustralyal Source: Getty

ඔස්ට්‍රේලියාවට පැමිණීමට විශේෂ අවසරයක් ලබාගත හැකි පුද්ගලයින්

ස්වයංක්‍රීයව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන ඉහත ඛාණ්ඩවලට අයත් නොවේනම් ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණීමට විශේෂ අවසරයක් සඳහා ඉල්ලුම් කළ හැකිය.

එවැනි පිරිස් කවුරුන්ද කියා පහත දැක්වේ.

  • ඔස්ට්‍රේලියාවේ කොවිඩ් මර්දන ක්‍රියාවලියට සහය දැක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ හෝ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන්ගේ ආරාධනයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන විදේශීය ජාතිකයින්
  • ජාතික අවශ්‍යතා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂිත, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හෝ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් විසින් සහයෝගය දක්වන ලද විදේශීය ජාතිකයින්
  • ගුවන් ගිලන් රථ, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගුවනින් ගෙනයන පුද්ගලයින් ඇතුළුව තීරණාත්මක හෝ විශේෂඥ වෛද්‍ය සේවා සපයන කණ්ඩායම්
  • තීරණාත්මක කුසලතා ඇති හෝ ඔස්ට්‍රේලියාවේ critical sector හෙවත් තීරණාත්මක අංශයක රාජකාරී කරන විදේශිකයින්
  • Priority Migration Skilled Occupation ලැයිස්තුවේ රැකියාවක නියුක්තව සිටින ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා ඔබේ සේවායෝජකයා විසින් අනුග්‍රහය දක්වන ලද විදේශීය ජාතිකයෙක්
  • Status of Forces ගිවිසුම්වල කොටස්කරුවන්, පොදුරාජ්‍ය මණ්ඩලයීය සන්නද්ධ හමුදා, ආසියා පැසිෆික් බලකායන් සහ Status of Armed Forces ගිවිසුමේ කොටස්කරුවන්ට ඇතුළත් හමුදා භටයින්
  • ආරක්‍ෂක හේතූන් මත සීමිත කාලයක් නැවතීම සඳහා ළඟම ඇති ආරක්ෂිත වරායක් සොයන යාත්‍රාවක සිටින පුද්ගලයෙකු
  • අදාළ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් විසින් මෙන්ම අධ්‍යාපන, නිපුණතා සහ රැකියා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති International Student Arrivals Plan හෙවත් ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීමේ වැඩසටහනට තෝරාගෙන ඇති සිසුන්
  • ඔස්ට්‍රේලියානු රෝහලක හෝ වෛද්‍ය සායනයක confirmed work placement එකක් කිරීමට ඇති බවට සාක්ෂි සහිත වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල උපාධියක අවසන් වසර තුනේ ඉගෙනුම ලබන සිසුන්
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නියෝජිතායතනයකින් හෝ අදාළ රජයේ ආයතනයකින් ලබා දෙන ආධාර මත දැනට පවතින research grant හෙවත් පර්යේෂණ ප්‍රදානයක් ඇති බවට සාක්ෂි සහිතව සනාථ කළ හැකි ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ආයතනයකට ඇතුළත් උසස් උපාධිධාරී සිසුන්
  • අධ්‍යාපන, නිපුණතා සහ රැකියා දෙපාර්තමේන්තුවේ අනුමැතිය මෙන්ම අදාළ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් විසින් අනුමැතිය ලබන පාසලේ  11 සහ 12 වසර සම්පූර්ණ කරන සිසුවෙකු වීම.
  • දන්ත, හෙද හෝ ඊට අනුබද්ධ සෞඛ්‍ය වෘත්තියක විශ්ව විද්‍යාල උපාධියක අවසන් වසර දෙකේ ඉගෙනුම ලබන සිසුවෙකු වීම.
  • පහත තත්ත්ව මත සිටින Prospective Marriage (subclass 300) වීසා ලාභීන්
  • subclass 300 වීසා ලද පුද්ගලයින්
  • සංචාරක නිදහස් කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අවම වශයෙන් මාස 12 කට පෙර subclass 300 වීසා බලපත්‍ර අයදුම්පත ඉදිරිපත් කර තිබීම

Share
Published 20 September 2021 12:59pm
Updated 20 September 2021 1:02pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends