ඔස්ට්‍රේලියාවේ vaccine passport එක දෙස් - විදෙස් සංචාරවලදී ක්‍රියාත්මකවන අයුරු (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් කිරීමේ අනුපාතය 80% මට්ටමට ළඟා වූ විට ඔස්ට්‍රේලියානුවන්ට මෙම Vaccine ගමන් බලපත්‍රය භාවිත කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටතට යාමට මෙන්ම ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට හැකිය.

International travel vaccination certificates will be available on MyGov this week

International travel vaccination certificates will be available on MyGov this week Source: SBS News

විදෙස් සංචාරවල යෙදීමට අපේක්ෂා කරන කොවිඩ් එන්නතේ මාත්‍රා ද්විත්වයම ලබාගත් ඔස්ට්‍රේලියානුවන් හට ජාත්‍යන්තර vaccine passport එකක් හඳුන්වාදෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊයේ (08/09) ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීම සඳහා වෙනම ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බවද සඳහන්.


Highlights

  • ජාත්‍යන්තර සංචාර සඳහා යන ඔස්ට්‍රේලියනුවන්ට vaccine ගමන් බලපත්‍රයක් නිකුත් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශ කළේය/.
  • මෙය app එකක් ලෙස ස්ථානගත කරගත හැකි අතර අවශ්‍යනම් මුද්‍රණය කරගත් සහතිකයක් ලෙස ද තබාගත හැකිය.
  • ඔබේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ අඩංගු ඔබේ පුද්ගලික තොරතුරුම මෙහි අඩංගු වන අතර ඊට අමතරව QR කේතයක් අඩංගු වනු ඇත.

නමුත් ජාත්‍යන්තර දේශසීමා තවමත් වසා දමා ඇති බැවින් මෙම vaccine passport එක භාවිතා කරන්නේ කවදාද යන්න පැහැදිලි නැත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශ කළ vaccine passport එක පිළිබඳව මෙතෙක් අනාවරණය වී ඇති කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ජාත්‍යන්තර සංචාර සඳහා Vaccine ගමන් බලපත්‍ර

මෙම Vaccine ගමන් බලපත්‍රය ලබන මාසයේදී හඳුන්වා දීමට නියමිත අතර එය අදාළ පුද්ගලයාගේ ජංගම දුරකතනයේ app එකක් ලෙස ස්ථානගත කරගත හැකිය.

නැතිනම් මුද්‍රණය කරගත් සහතිකයක් ලෙස ද එය තබාගත හැකිය.
මෙම ගමන් බලපත්‍රය ක්‍රියාකරන ආකාරය පිළිබඳ ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Dan Tehan ඊයේ (08/09) ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් කිරීමේ අනුපාතය 80% මට්ටමට ළඟා වූ විට ඔස්ට්‍රේලියානුවන්ට මෙම Vaccine ගමන් බලපත්‍රය භාවිත කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටතට යාමට මෙන්ම ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට හැකි බව ඔහු සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානුවන් සඳහා ආපසු යන සහ එන ජාත්‍යන්තර සංචාර සඳහා පහසුකම් සැලසීමට මෙය උපකාරී වන බව ඔහු සඳහන් කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔබේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයේ අඩංගු ඔබේ පුද්ගලික තොරතුරුම මෙහි අඩංගු වන අතර ඊට අමතරව QR කේතයක් අඩංගු වනු ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානුවන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට අදාළ සහතිකය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නොවන අතර එය අදාළ පුද්ගලයාගේ විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළත් කර ඇති බව SBS පුවත් සේවයට පැවසීය.

තවද ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ජාත්‍යන්තර සංචාරයකදී ජාත්‍යන්තර app එකකට මේ හරහා ප්‍රවේශය ලබා ගත හැකි අතර ඩිජිටල් මුද්‍රාවක් හෝ QR කේතයක් භාවිතා කර විදේශයන්හිදී මෙය scan කළ හැකිය.

මෙහිදී අදාළ පුද්ගලයා කොව්ඩ් එන්නත ලබාගත් බවත් ලබාගත්තේ කුමන එන්නතද යන්නත් ජාත්‍යන්තරයේදී තහවුරු කළ හැකිවේ.
Australia set to issue vaccine passports
Australia set to issue vaccine passports Source: Getty Images/Onfokus

ඔස්ට්‍රේලියාව තුළ භාවිතයටද එන්නත් සහතිකයක්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ සැල් වැනි ස්ථාන වලට ඇතුළුවීම සඳහා දැනට QR කේතයක්  scan කරනා අයුරින්, එන්නත් කිරීමේ සහතික පරීක්‍ෂා කිරීමේ apps හරහා කොවිඩ් එන්නත ලබාගත් බවට වූ සාක්ෂි ලබා ගන්නේ කෙසේදැයි ෆෙඩරල් රජය ගවේෂණය කරමින් සිටී.

මෙම සහතිකය හරහා අදාළ පුද්ගලයා මාත්‍රා දෙකම ලබාගෙන ඇති බව, එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බව, කිසිදු මාත්‍රාවක් නොලබා තිබීම වැනි කොවිඩ් එන්නත ලබා ඇති තත්ත්වය ප්‍රදර්ශනය කරයි.
තමන් කොවිඩ් එන්නත ලබාගත් බවට ඔස්ට්‍රේලියාව තුළ තහවුරු කිරීම සඳහා QR code ක්‍රමයක් හඳුන්වාදීමට ද මධ්‍යම රජය සූදානම් වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක අමාත්‍ය Dan Tehan ප්‍රකාශ කළේය.
Sydney's International Airport
Source: AAP Image/Brendan Esposito

මෙහි ඇති ගැටළු

ජාත්‍යන්තර සංචාර සඳහා හඳුන්වා දීමට යන මෙම vaccine ගමන් බලපත්‍රයට විශාල අභියෝගවලට මහුණ දීමට සිදුවන බව ජෛවමිතික හා අනන්‍යතා පිළිබඳ විශේෂඥ Ted Dunstone පැවසීය.

මේ හා ගැලපිය යුතු තාක්‍ෂණය, ප්‍රතිපත්ති සහ වෙනත් සලකා බැලීම්වල ඉතා විශාල ප්‍රහේලිකා ඇති බව ඔහු SBS පුවත් සේවයට පැවසීය.

"මෙය රටකින් තවත් රටකට යාමක් පමණක් නොවෙයි. එය එක් කොටසක් පමණයි. නමුත් මම විදේශ රටක සිටින විට, මට ආපන ශාලාවකට යාමට හෝ වෙනයම් දෙයක් කිරීමට අවශ්‍ය නම් එම රටේ නීතියට අනුව ඔවුන් ඉල්ලා සිටින කොවිඩ් එන්නත් පිළිබඳ සහතිකයක් මම ලබා දිය යුතුයි." යනුවෙන් ඔහු මෙම සංකීර්ණ තත්ත්වය විස්තර කළේය.
මේ වන විට ප්‍රංශයේ අවන්හල්, තැබෑරුම්, කෞතුකාගාර සහ ක්‍රීඩාංගන වෙත ප්‍රවේශ වීම සඳහා මිනිසුන්ට දැන් සෞඛ්‍ය සහතිකයක් හෝ කොවිඩ් එන්නත ලබාගත්  බවට සාක්ෂියක් පෙන්වීමට අවශ්‍ය වේ.

ඇමෙරිකාවේ කොවිඩ් එන්නත ලබාගත් සහ ලබා නොගත් ජාත්‍යන්තර සංචාරකයින් සඳහා විවිධ නීති දැනටමත් ක්‍රියාත්මක වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති කොවිඩ් එන්නත් ලබාගෙන ඇති පුද්ගලයින්ට COVID-19 රෝග ලක්‍ෂණ තමන්ටම පරීක්ෂා කර බලා අදාළ රටට පැමිණීමෙන් දින තුනකට හෝ පහකට පසුව කොවිඩ් පරීක්‍වක් සිදුකරගත හැකිය.

මේ අතර කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයෙකු පැමිණේ නම් එම පුද්ගලයා පැමිණ දින 7 ක් ස්වයං නිර්ධායනය විය යුතුය.

මෙම ගමන් බලපත්‍ර සහ එන්නත් සහතික කරළියට පැමිණීමත් සමග ව්‍යාජ ගමන් බලපත්‍ර සහ ව්‍යාජ එන්නත් සහතික සමාජයේ හොර රහසේ අලෙවි විය හැකි බවටද ආචාර්ය Ted Dunstone පැවසීය.

Share
Published 9 September 2021 12:49pm
Updated 12 August 2022 2:59pm
By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends