ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට රටින් පිටවීමේ තහනම තවත් දිගු කරයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ මානව ජෛව ආරක්‍ෂක හදිසි තත්ත්වය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීම හරහා ඔස්ට්‍රේලියානු දේශ සීමා 2021 දෙසැම්බර් 17 තෙක් වසා දැමේ.

Travel ban

International travel ban extended for Australian citizens and permanent residents until 17 December 2021. Source: Getty Images/SEAN GLADWELL

ඔස්ට්‍රේලියාවේ human biosecurity emergency period හෙවත් මානව ජෛව ආරක්‍ෂක හදිසි තත්ත්වය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ 2015 ජෛව ආරක්ෂණ පනත යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ මානව ජෛව ආරක්‍ෂක හදිසි තත්ත්වය 2021 දෙසැම්බර් 17 තෙක් දීර්ග කෙරේ.
  • ඔස්ට්‍රේලියනුවාසීන් කොවිඩ් වසංගතයෙන් බේරාගැනීම උදෙසා මෙම හදිසි තත්ත්වය 2020 මාර්තු 18 පනවන ලදී.
  • මෙම සීමා කිරීම් සහ නීති ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට හැකි බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔස්ට්‍රේලියාවේ හදිසි තත්ත්වය

කොවිඩ් වසංගතය ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග ඔස්ට්‍රේලියනුවාසීන් කොවිඩ් වසංගතයෙන් බේරාගැනීමට මෙම මානව ජෛව ආරක්‍ෂක හදිසි තත්ත්වය 2020 මාර්තු 18 පනවන ලදී.

මේ වනතෙක් එය ක්‍රමිකව දීර්ග කරමින් පැමිණි අතර එය යළිත් 2021 දෙසැම්බර් 17 තෙක් දීර්ග කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ඊයේ (02/09) නිවේදනය කළේය.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්‍ෂක සිද්ධාන්ත කමිටුව (AHPPC) සහ මධ්‍යම රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි විසින් ලබා දුන් විශේෂඥ වෛද්‍ය සහ වසංගත රෝග විද්‍යාත්මක උපදෙස් මගින් මෙම දීර්ග කිරීම සිදුකර තිබේ.

ජාත්‍යන්තරව පවතින කොවිඩ් වසංගත තත්ත්වය තවදුරටත් ඔස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍යයට පිළිගත නොහැකි අවදානමක් ඇති කරන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය ආරක්‍ෂක සිද්ධාන්ත කමිටුව එහිදී උපදෙස් දී තිබේ.
මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පවතින හදිසි කාලය දීර්ග කිරීම එම අවදානමට සුදුසු ප්‍රතිචාරයක් බවද එම කමිටුව පෙන්වා දී ඇත.

මෙම මානව ජෛව ආරක්‍ෂාව පිළිබඳ හදිසි තත්ත්වය මගින් COVID-19 වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය ඕනෑම පියවරක් ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට බලය පවරයි.
International travel ban
Source: Getty Images/Constantine Johnny

මෙම දීර්ග කිරීම හරහා දීර්ග වන අනෙක් බලාත්මක කිරීම්

මෙම මානව ජෛව ආරක්‍ෂාව පිළිබඳ හදිසි තත්ත්වය දීර්ග කිරීම හරහා පහත සඳහන් බලාත්මක කිරීම් ද දීර්ග කෙරේ.

  • ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා පිටත් වීමට පෙර කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම සහ මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • ඔස්ට්‍රේලියානු භූමි සීමාව වෙතට කෘස් නෞකාවන්ට ඇතුළුවීම සීමා කිරීම.
  • ඔස්ට්‍රේලියානුවන්ට ජාත්‍යන්තර සංචාර සඳහා පිටත්වීම සීමා කිරීම.
  • ජාත්‍යන්තර ගුවන් තොටුපලවල සිල්ලර වෙළඳ සැල්වල වෙළෙඳාම සීමා කිරීම.

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සීමා කිරීම් සහ නීති ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමට හැකියි

COVID-19 වයිරසය ඔස්ට්‍රේලියානුවන්ට ආසාදනය වීම, සමාජයේ මතුවීම, ස්ථාපිත වීම සහ පැතිරීම වැළැක්වීම මෙන්ම මෙම වසංගතය පාලනය කිරීම තුළින් ඔස්ට්‍රේලියාව ආරක්ෂා කිරීමට මෙම ක්‍රියාමාර්ගයන් මේ දක්වා බෙහෙවින් උපකාරී වී ඇති බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

COVID-19 වයිරසයට එරෙහිව සටන් කිරීමට අඛණ්ඩව උපකාර කිරීම සඳහා මෙම හදිසි තත්ත්වය පැවතීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
නවතම වෛද්‍ය උපදෙස් මත මේ තත්ත්වය නොකඩවා සමාලෝචනය කරන බවද මධ්‍යම රජය ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම සීමා කිරීම් සහ නීති ඕනෑම අවස්ථාවක සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට ද හැකි බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt වැඩිදුරටත් පැවසීය.

Share
Published 3 September 2021 5:40pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends