ඔස්ට්‍රේලියාවේ PR දීමට වික්ටෝරියා ප්‍රාන්තයෙන් මෙවර තෝරාගත් රැකියා සහ ලකුණු මෙන්න (SBS සිංහල/ වාර්තා)

සෞඛ්‍ය අංශයේ රැකියා කරන අයදුම්කරුවන් සඳහා වැඩි ආරාධනා පත්‍ර ගණනක් යවා ඇති අතර සෙසු අංශ සඳහා 62% ක ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් යවා ඇති බව සඳහන්.

First invitations to apply for Victoria 190 visa nomination were released

Source: AAP Image/Joe Castro

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ පසුගිය සතියේදී 190 වීසා සඳහා ආරාධනා පත්‍ර (invitations) නිකුත් කළ බව වාර්තා වේ.

2021/22 මුල්‍ය වර්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තය 190 වීසා සඳහා නිකුත් කළ පළමු ආරාධනා පත්‍ර වටය මෙය වේ.


Highlights

  • 2021/22 මුල්‍ය වර්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා පළමු ආරාධනා පත්‍ර වටයට අදාළව ආරාධනා පත්‍ර 170 ක් නිකුත් කර තිබේ.
  • වික්ටෝරියානු ප්‍රාන්තයේ Target sectors 7 න් 6 ක රැකියා කරන හොඳම අයදුම්කරුවන් සඳහා මෙම ආරාධනා පත්‍ර නිකුත් කර ඇත.
  • 190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන වීසා බලපත්‍රයකි.

වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා පළමු ආරාධනා පත්‍ර වටය

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන 2021 ජූලි 07 වන දින විවෘත කෙරිණි.

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  • Skilled Work Regional (Provisional) visa (subclass 491)
  • Skilled Nominated visa (subclass 190)
එහිදී 2021/22 මුල්‍ය වර්ෂයේ වික්ටෝරියා ප්‍රාන්තයේ 190 වීසා පළමු ආරාධනා පත්‍ර වටයට අදාළව ආරාධනා පත්‍ර 170 ක් නිකුත් කළ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් මෙවර නම් කරන ලද Target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය අංශ 7 න් 6 ක රැකියා කරන හොඳම අයදුම්කරුවන් සඳහා මෙම ආරාධනා පත්‍ර යැවූ බව ඔවුහු පවසති.

එහිදී සෞඛ්‍ය අංශයේ රැකියා කරන අයදුම්කරුවන් සඳහා වැඩි ආරාධනා පත්‍ර ගණනක් යවා ඇති අතර සෙසු අංශ සඳහා 62% ක ආරාධනා පත්‍ර සංඛ්‍යාවක් යවා ඇති බව සඳහන්.
190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන වීසා බලපත්‍රයකි.
Red Cross offers financial relief for temporary visa holders in Australia affected by lockdown
Source: Getty Images/belterz

මෙවර ආරාධනා පත්‍ර හිමිවූ ඉලක්ක වෘත්තීය ක්ෂේත්‍ර 6

  1. Advanced Manufacturing
  2. Agri-food
  3. Health
  4. Life Sciences
  5. Medical Research
  6. New Energy, Emissions Reduction and Circular Economy
වික්ටෝරියා ප්‍රාන්තයේ Target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෙවර ආරාධනා පත්‍ර වටයේ සාරාංශය

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා සඳහා මෙවර ආරාධනා පත්‍ර වටයේ සාරාංශය පහත පරිදි වේ.
First invitations to apply for Victoria 190 visa nomination were released
Source: SBS Sinhala
* කැපී පෙනෙන දක්ෂතා ඇති අයදුම්කරුවන් යයි සැලකෙන අයදුම්කරුවන්ට දක්වා ඇති අවම ලකුණු සංඛ්‍යාවට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් තිබිය හැකි බව කරුණාවෙන් සලකන්න.

මෙවර වික්ටෝරියා වීසා නාම යෝජනා සඳහා අයදුම් කිරීමට ඔබව තෝරා නොගත්තේ නම්, ඔබ නැවතත්  Registration of Interest (ROI) යොමු කිරීමට අවශ්‍ය නැති බවද වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

Share
Published 3 September 2021 11:06am
Updated 3 September 2021 11:15am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends