ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත skilled visa වැඩසටහනේ අලුත්ම නීති මෙන්න (SBS සිංහල වාර්තා)

STEM (Science, Technology, Engineering, Math) කුසලතා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රවල සේවය කරන අයදුම්කරුවන් ට මේ සඳහා අයදුම් කළ හැකිය.

More chance to get Permanent Residency in Australia from Health, Medical Research and Health sectors in Victoria

Source: AAP

ඔස්ට්‍රේලියාවේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination program එක හෙවත් නිපුණතා වීසා වැඩසටහන 2021 ජූලි 07 වන දින විවෘත කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය අද (01/07) නිවේදනය කළේය.

STEM (Science, Technology, Engineering, Math) කුසලතා ඇති වික්ටෝරියානු ප්‍රාන්තයේ target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රවල සේවය කරන අයදුම්කරුවන් ට මේ සඳහා අයදුම් කළ හැකිය.


 

මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

කොරෝනා වසංගතයෙන් පීඩා විඳි වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශය හා ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

ඒ අනුව සෞඛ්‍ය හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ වෘත්තීන් වල නියැලෙන පිරිස් හට මෙන්ම IT හා ඉංජිනේරු ක්ෂේත්‍ර වල සිටින්නන් සඳහා ද මෙවර වැඩි අවස්ථාවක් මේ හරහා ලබා දී ඇත.


Highlights

  • 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන 2021 ජූලි 07 වන දින විවෘත කෙරේ.
  • 2021/22 වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 4,000 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.
  • ඒ අනුව 190 වීසා ඛාණ්ඩය සඳහා 3,500 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 500 ක කෝටාවක් ද මෙවර පිරිනමා ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  1. Skilled Work Regional (Provisional) visa (subclass 491)
  2. Skilled Nominated visa (subclass 190)
2021/22 වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා 4,000 ක වීසා කෝටාවක් ලබා දී තිබේ.

ඒ අනුව 190 වීසා ඛාණ්ඩය සඳහා 3,500 ක කෝටාවක් ද 491 වීසා ඛාණ්ඩය සඳහා 500 ක කෝටාවක් ද මෙවර පිරිනමා ඇත.
The latest updated of Australian Visa Processing time
Source: Getty Images

අයදුම් කිරීම

වික්ටෝරියානු skilled visa nomination වැඩසටහන පියවර 4 කින් සමන්විත වේ.

එහි පළමු පියවර ලෙස වික්ටෝරියානු skilled visa nomination වැඩසටහනට අයදුම් කිරීම සඳහා තෝරා ගැනීම සලකා බැලීමට, ඔබ වික්ටෝරියානු skilled visa nomination සඳහා ලියාපදිංචි විය යුතුය.

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


Skilled Nominated visa (subclass 190) සඳහා සුදුසුකම්

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමි කරදෙන වීසා බලපත්‍රයකි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කළ යුතුය.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක STEM කුසලතා ඇති target sector හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රයක රැකියාවක් කළ යුතුය.
  • ඔබගේ Registration of Interest (ROI) එක තෝරාගෙන තිබිය යුතුය..
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
  • වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • Skilled Visa වලට අදාළව ලකුණු 65 ක් අවම වශයෙන් තිබිය යුතුය.
International students in Australia
Source: AAP

Skilled Work Regional (Provisional) visa (subclass 491) සඳහා සුදුසුකම්

ඔබට 491 වීසා බලපත්‍රය හිමි වුවහොත් ඔබට ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වසර 5 ක් වාසය කිරීමටත් පූර්ණ කාලීන රැකියා කිරීමටත් අවසර ලැබේ.

අනතුරුව මේ හරහා ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අයදුම් කළ හැකිවේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ 491 වීසා සඳහා අයදුම් කිරීමට ඔබ පහත අවශ්‍යතා සපුරාලිය යුතු වේ.

  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කළ යුතුය.
  • දැනටමත් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක STEM කුසලතා ඇති target sector හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රයක රැකියාවක් කළ යුතුය.
  • ඔබගේ Registration of Interest (ROI) එක තෝරාගෙන තිබිය යුතුය..
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
  • වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • Skilled Visa වලට අදාළව ලකුණු 65 ක් අවම වශයෙන් තිබිය යුතුය.
University Of Washington Lab Works On COVID-19 RNA Vaccine
University Of Washington Lab Works On COVID-19 RNA Vaccine Source: Getty Images North America

Target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍ර

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන සඳහා පහත සඳහන් වෘත්තීය ක්ෂේත්‍ර වල රැකියා කරන අයදුම්කරුවන් ඉලක්ක කෙරේ.

  • Health
  • Medical research
  • Life sciences
  • Digital
  • Agri-food
  • Advanced manufacturing
  • New energy, emissions reduction and circular economy
මේ පිළිබඳ වැඩි විස්තර

Share
Published 1 July 2021 2:40pm
Updated 1 July 2021 3:17pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends