2021 ජූලි 1 සිට ඔස්ට්‍රේලියානු වීසා සහ සංක්‍රමණ කටයුතු වල සිදුවූ වැදගත් වෙනස්කම් 8 ක් (SBS සිංහල/ වාර්තා)

2021/22 නව මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව පසුගිය මුල්‍ය වර්ෂයේ සංක්‍රමණික කෝටාව වූ 160,000 ම වන බව මධ්‍යම රජය ප්‍රකාශ කර තිබේ.

It is revealed that last year most of the Australian Permanent visas were delivered to onshore applicants

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ 2021/22 නව මුල්‍ය වර්ෂය 2021 ජූලි 01 වන දින සිට ආරම්භ විය.

ඒ අනුව 2021 ජූලි 1 වන දින සිට ඔස්ට්‍රේලියානු වීසාවල සහ සංක්‍රමණ කටයුතු වල වැදගත් සංශෝධන අටක් පිළිබඳ මෙහිදී අපි ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නෙමු.


Highlights

  • Hospitality සහ සංචාරක අංශවල සිටින ජාත්‍යන්තර සිසුන්ට සති දෙකකට පැය 40 කට වඩා රැකියා කිරීමට තාවකාලිකව අවසරය ලබා දී ඇත.
  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදීම සඳහා මේ වකවානුවේ උපයෝගී කරගනු ලබන Priority Migration Skilled Occupation List එකට අලුතින් වෘත්තීන් 22 ක් ඇතුළත් කර තිබේ.
  • 2021 ජූලි 1 වන දින සිට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව වැඩි කර තිබේ.

2021/22 නව මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව

2021/22 නව මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව පසුගිය මුල්‍ය වර්ෂයේ සංක්‍රමණික කෝටාව වූ 160,000 ම වන බව මධ්‍යම රජය ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව Skill stream ඛාන්ඩය සඳහා 79,600 ක කෝටාවක් වෙන් කර ඇත.

කෙසේවෙතත්, මෙම කෝටාවන් සංශෝධනය වීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම කෝටාවන් සලකනු ලබන්නේ සීමා රේඛාවක් ලෙස විනා ඉලක්කයක් ලෙස නොවන බව ආගමන කටයුතු පිළිබඳ නීතිඥයකු වන Chris Johnston පැවසීය.

01. Family වීසා

තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ සිටින පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාවේ සිටම Family වීසා සඳහා අයදුම් කිරීමට මෙම කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසර ලබා දී තිබේ.

මෑතක් වනතුරුම Family වීසා අයදුම්කරුවන් තම වීසා අනුමත කරගැනීම සඳහා රටින් පිටව ගොස් වීසා සඳහා අයදුම් කළ යුතුව තිබුණි.

මෙවර Family වීසා ඛාන්ඩය සඳහා 77,300 කෝටාවක් වෙන් කර ඇත.
Girl making a speech on a garden party
Temporary concession allows offshore Family Visa applicants to apply while staying onshore. Source: Getty Images/Oliver Rossi

02. Partner වීසා අයදුම්පත්

Partner වීසා අයදුම්පත් සලකා බැලීමේ නව සංශෝධන යටතේ එය කොටස් දෙකකට බෙදා තිබේ.

Partner වීසා අයදුම් කිරීම සඳහා ඔස්ට්‍රේලියානු අනුග්‍රාහකයෙකු ඉල්ලීමක් කිරීමට අවශ්‍ය වීම සහ තමාගේ සහකරු හෝ සහකාරියට වීසා අයදුම් කිරීමට පෙර එම අනුග්‍රාහකයා රජයෙන් අනුමත කළ යුතු වීම එම කොටස් දෙකය.

මේ නව ක්‍රමය හේතුවෙන් Partner වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය දීර්ග විය හැකි බව ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් වන Julie Williams පැවසුවාය.

මීට අමතරව Partner වීසා Subclass 801/100 සඳහා අයදුම් කරන සහ එහිදී සහකරුට අනුග්‍රහය දක්වන්නා යන පුද්ගලයින් දෙදෙනාම අදාළ ඉංග්‍රීසි පරීක්ෂණය සමත් විය යුතුය.

2020-21 ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැයෙන් මෙම සංශෝධනය ඉදිරිපත් කළ අතර එය 2021/22 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ.

03. Business වීසා

වසර 2012 දී Business Innovation and Investment වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව පළමු වරට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Business සහ Investment වීසා සඳහා ඇතැම් වෙනස්කම් සිදු කර තිබේ.

ඒ අනුව 2021 ජූලි 01 සිට මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වීසා ඛාණ්ඩ 9 සිට 4 දක්වා අඩු කර තිබේ.

මෙම සංශෝධන වලට අනුව Business Innovation ඛණ්ඩය යටතේ වන වීසා අයදුම්කරුවන් සඳහා ඉහළ වත්කම් සහ ව්‍යාපාර පිරිවැටුම් පරීක්ෂණයක් ඇත.

එමෙන්ම investor ඛාණ්ඩයේ වීසා අයදුම්කරුවන් ඩොලර් මිලියන 2.5 සිට ඩොලර් මිලියන 2.5 දක්වා ආයෝජනයක් කළ යුතුවේ.

ඔස්ට්‍රේලියාවේ Business සහ Investment වීසා පිළිබඳ


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


04. නව කෘෂිකාර්මික වීසා

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ASEAN රටවල් 10 කට නව කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් ප්‍රකාශයට පත් කළේය.

පසුගිය මාසයේදී එක්සත් රාජධානිය සමඟ ඔස්ට්‍රේලියාව නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීමත් සමග මෙම නිවේදනය සිදු කෙරිණි.

එහිදී බ්‍රිතාන්‍ය backpackerවරුන්ට ඔවුන්ගේ working holidays වීසා දීර්ග කිරීමට පෙර දින 88 ක් ඕස්ට්‍රේලියානු ගොවිපලවල්වල වැඩ කිරීමේ අවශ්‍යතාව ඉවත් කෙරිණි.

තායිලන්තය, කාම්බෝජියාව, බෘනායි, මියන්මාරය. පිලිපීනය, මැලේසියාව, ලාඕසය, වියට්නාමය, සිංගප්පූරුව සහ ඉන්දුනීසියාව යන රටවල සඳහා මෙම නව කෘෂිකාර්මික වීසා හිමිකරදෙයි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud ට අනුව මෙම නව වීසා මේ වසරේ අග භාගය වන විට නිකුත් කිරීම ආරම්භ කෙරේ.
Farming
Student visa holders working in the agriculture sector can now work additional hours Source: Getty Images/hobo_018

05. ශ්‍රම හිඟය

ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීම නිසා ඔස්ට්‍රේලියාව තුළ ඇතිවී ඇති ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස 408 COVID-19 Pandemic Even වීසා සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යම් වෙනස්කම් සිදුකර තිබේ.

එනිසාම කොරෝනා වසංගතය නිසා රජය විසින් නිර්මාණය කරන ලද critical sector list හෙවත් තීරණාත්මක වෘත්තීන් ලැයිස්තුවට hospitality සහ සංචාරක අංශද ඇතුළත් කර තිබේ.

මේ හරහා hospitality සහ සංචාරක අංශවල සිටින ජාත්‍යන්තර සිසුන්ට සති දෙකකට පැය 40 කට වඩා රැකියා කිරීමට තාවකාලිකව අවසරය ලබා දී ඇත.

එමෙන්ම කෘෂිකාර්මික අංශයේ සේවයේ නියුතු වෙනත් Temporary Activity වීසා (Subclass 408) සහිත පුද්ගලයින්ටද දැන් ඔස්ට්‍රේලියාව තුළ තවදුරටත් රැඳී සිටිය හැකිය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල සේවය කරන onshore pacific workers හෙවත් ඔස්ට්‍රේලියාවේ සිටින පැසිෆික් කලාපයේ සේවකයින් ගේ වීසා කාලය 2022 අප්‍රේල් දක්වා දීර්ග කර තිබේ.
appy barista putting coffee cups to place after reopening
The tourism and hospitality have been added to the pandemic critical sector list, Source: Getty Images/Attila Csaszar

06. Priority Occupation ලැයිස්තුව දීර්ග කිරීම

නිපුණතා සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදීම සඳහා මේ වකවානුවේ උපයෝගී කරගනු ලබන Priority Migration Skilled Occupation List (PMSOL) එකට අලුතින් වෘත්තීන් 22 ක් ඇතුළත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත් හා තීරණාත්මක ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාව තුළට ගෙන්වා ගැනීම සඳහා මෙම Priority Migration Skilled Occupation List එක සැලසුම් කර ඇත.

COVID-19 වසංගතයෙන් ඔස්ට්‍රේලියාව යථා තත්ත්වයට පත් කිරීමට මෙම ශ්‍රමිකයින් හරහා හැකියාව ලැබෙනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කරයි.

මෙලෙස Priority Migration Skilled Occupation List එකට අලුතින් වෘත්තීන් 22 ක් එක් කරනු ලැබුවේ ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ව්‍යාපාරික පාර්ශවකරුවන් සහ කර්මාන්ත ආයතනවල කණ්ඩායම් සමග සාකච්ඡා කර බව ද අමාත්‍ය Alex Hawke පැවසීය.
අලුතින් එකතු කළ වෘත්තීන් 22 ත් සමග නව Priority Migration Skilled Occupation ලැයිස්තුවේ වෘත්තීන් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒවා පහත පරිදි වේ.

  1. Chief Executive or Managing Director (111111)
  2. Construction Project Manager (133111)
  3. Accountant (General) (221111)
  4. Management Accountant (221112)
  5. Taxation Accountant (221113)
  6. External Auditor (221213)
  7. Internal Auditor (221214)
  8. Surveyor (232212)
  9. Cartographer (232213)
  10. Other Spatial Scientist (232214)
  11. Civil Engineer (233211)
  12. Geotechnical Engineer (233212)
  13. Structural Engineer (233214)
  14. Transport Engineer (233215)
  15. Electrical Engineer (233311)
  16. Mechanical Engineer (233512)
  17. Mining Engineer (excluding Petroleum) (233611)
  18. Petroleum Engineer (233612)
  19. Medical Laboratory Scientist (234611)
  20. Veterinarian (234711)
  21. Orthotist or Prosthetist (251912)
  22. General Practitioner (253111)
  23. Resident Medical Officer (253112)
  24. Psychiatrist (253411)
  25. Medical Practitioners nec (253999)
  26. Midwife (254111)
  27. Registered Nurse (Aged Care) (254412)
  28. Registered Nurse (Critical Care and Emergency) (254415)
  29. Registered Nurse (Medical) (254418)
  30. Registered Nurse (Mental Health) (254422)
  31. Registered Nurse (Perioperative) (254423)
  32. Registered Nurses nec (254499)
  33. Multimedia Specialist (261211)
  34. Analyst Programmer (261311)
  35. Developer Programmer (261312)
  36. Software Engineer (261313)
  37. Software and Applications Programmers nec (261399)
  38. ICT Security Specialist (262112)
  39. Social Worker (272511)
  40. Maintenance Planner (312911)
  41. Chef (351311)

07. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තු වැඩි කිරීම

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේ පිරිවැය වඩාත් නිවැරදිව පිළිබිඹු වන පරිදි 2021 ජූලි 1 වන දින සිට අදාළ අයදුම්පත් ගාස්තුව යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම ගාස්තු වැඩි කිරීම සිදුකළ බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ප්‍රකාශ කර තිබේ.

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා වැඩි වශයෙන් යොමුවන සංකීර්ණ අයදුම්පත් සලකා බැලීම මෙන්ම ඒ සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම  ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

ඒ අනුව $285 ක් ලෙස පැවති ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව 2021 ජූලි 01 වන දින සිට $490 ක් දක්වා ඉහළ දමා ඇත.

එය 72% ක වැඩි වීමකි.

දෙමව්පියන්ගේ අයදුම්පතට ඇතුළත් කර ඇති වයස අවුරුදු 15 සහ ඊට අඩු ළමයින් සඳහා ගාස්තු අය නොකෙරේ.

කෙසේ වෙතත්, දරුවෙකුගේ තනි පුරවැසි අයදුම් පත්‍රයකට අදාළ ගාස්තුව ඩොලර් 180 සිට ඩොලර් 300 ක් දක්වා ඉහළ දමා තිබේ.

වසර 2016 න් පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.
New Australians with Scott Morrison
Migrants who receive their permanent residency on or after 1 January 2022 will have to wait longer to access welfare payments. Source: Wendell Teodoro/Getty Images
08. නව සංක්‍රමණිකයින් සුබ සාධන ගෙවීම් ලබාගැනීම සඳහා වැඩි කාලයක් බලා සිටිය යුතුය

2022 ජනවාරි 01 වනදායින් පසුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබන පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන සුබ සාධන ගෙවීම් ලබාගැනීම සඳහා වසර 4 ක කාලයක් බලා සිටිය යුතුවේ.

එම ගෙවීම් සඳහා පහත ඒවා අදාළ වන බව සඳහන්.

  • Carer Payment
  • Carer Allowance
  • Family Tax Benefit Part A and B
  • Parental Leave Pay
  • JobSeeker
  • Austudy
  • Youth allowance payments

Share
Published 1 July 2021 12:21pm
Updated 12 August 2022 3:05pm
By Shamsher Kainth, Josipa Kosanovic, Madhura Seneviratne


Share this with family and friends